×

Netflix වෙත Witcher ආගමනය

Netflix වෙත Witcher ආගමනය ලොව පුරා කතාබහට ලක්වූ සිදුවීමකි. පසුගිය දෙසැම්බර් 20 වන දින නිකුත් වූ Witcher කථාමාලාව කොටස් 8 කින් සමන්විත වන අතර එය විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඇද බැද ගන්නට සමත් විය.


Netflix වෙත Witcher ආගමනය ලොව පුරා කතාබහට ලක්වූ සිදුවීමකි. පසුගිය දෙසැම්බර් 20 වන දින නිකුත් වූ Witcher කථාමාලාව කොටස් 8 කින් සමන්විත වන අතර එය විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ඇද බැද ගන්නට සමත් විය.

එය මේ වන විට Netflix හී ප්‍රදර්ශනය කෙරෙන බොහෝමයක් අතර ඉහළටම පැමිණ ඇත. බොහෝ දෙනෙක් Witcher නරඹා ඇත්තා පමණැක් නොව ඒ පිලිබද කථා කිරීමටද ප්‍රකාශන ඉදිරිපත් කිරීමටද පටන්ගෙන ඇත. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රම් ආදී සමාජ ජාලා තුළ මේ දිනවල ප්‍රචලිතම මාතෘකාවක් ලෙස Witcher හැදින්විය හැක.

Witcher කථාමාලාව මෙතරම් ප්‍රචලිත වීමට හේතුව වන්නේ එය Game of Thrones රසිකයන්ව ඇද බැද ගැනීමට සමත් වීමයි. මෙහි රූපරාමු, දර්ශන තල සැබවින්ම Game of Thrones කථාමාලාවට ආසන්න බවක් දක්වයි. බොහෝ ප්‍රේක්ෂකයින් පළමු වරට මෙම කථාමාලාව තනිවම සොයාගන්නා, අතර වීඩියෝ ක්‍රීඩා වල රසිකයන් ඉහළ ප්‍රවාහ සංඛ්‍යාවක් මේ වෙත් ඇදී එන්නේ Witcher වීඩියෝ ක්‍රීඩාවෙන් ලද ආශ්වාදය නිසාවෙනි .

Netflix මේ වන විටත් Witcher දෙවන කොටස පිලිබදව නිවේ දනය කර ඇති අතර කතාමාලාවේ පලමු කොටස දෙවැන්නට පෙරවදනක් යැයි කිව හැකිය.

කතාමාලාවේ පලමු වැන්න The Last Wish යන කෙටිකථා එකතුවේ කථා කිහිපයකත් Sword of Destiny කෙටිකථා එකතුවේ කථා 2කත් එකතුවේ අනුවර්තනයක් ලෙස හැදින්විය හැක. සිරිගේ කතන්දරය පළමු නවකතාව වන Blood of Elves වෙතින් ලිහිල් ලෙස අනුවර්තනය වී ඇත. කාලරාමු තුනක් අතර හුවමාරු වීම අවුල් සහගත බව බොහෝ ප්‍රේක්ෂකයින් චෝදනා කර ඇත. නමුත් Witcher නැරඹීමට පෙර ඉහත කී කෙටි කථා පොත් ඩෙකත් නවකතා පොතත් පිලිබද අවබෝධයකින් සිටිය අයකුට එය ගැටලුවක් නොවනු ඇත.

ජෙරල්ට්ගේ කතන්දරය අනුවර්තනයේදී රචකයන් අපූරු හා රසවත් ලෙස ඉහත කෘති භාවිතා කර ඇත. රචකයන් ඒවා දිගු කාලීන සිදුවීම් සමඟ ගැටගැසීමට යම් යම් තොරතුරු වෙනස් කර ඇති නමුත් කතන්දරවල “සතියේ යක්ෂ නඩුව-monster case of the week” ආකෘතිය ස්ථිරව ප්‍රකාශ කර ඇත.

සිරිගේ චරිතය තරමක් දිගු වී ඇති බවක් දැනෙන අතර ඇගේ පෞරුෂය කිසි විටෙකත් ස්ථාපිත වී නැත. ඇයගේ චරිතය එළියට පැමිණෙන්නේ “සුපිරි බලයක් ඇති සන්සා ස්ටාර්ක් කෙනෙක්” ලෙසයි.

යෙනෙෆර්ගේ චරිතය යම්තාක් දුරට අඩු පාඩු සහිත යැයි කිව හැක. ඉහත කෘති වලත් ඇය උපතලබා ඇත්තේ හන්ච්බැක් කෙනෙකු ලෙස මිස වැඩි තොරතුරක් නැත. කථාව ඔස්සේ ඇය මහාද්වීපයේ බලවත්ම හා බිය වූ මන්තර ගුරුකම් කරන කාන්තාවක් බවට පත්වීම නිසා ඇයට දුෂ්කර ජීවිතයක් ගත කිරීමට සිදු වී ඇති බව කියාපාන නමුත් එය එපමණය; එතනින් එහාට විස්තරයක් නැත.

Witcher කථා මාලාවේ දෙවන කොටස ඉදිරි 2021 දී නිකුත් වනු ඇති අතර එය පළමු කොටසට වඩා ආශ්වාදජනක වනු නොඅනුමානය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි