×

පොළොව යට නිදන යක්ෂයින් සොයා යන අපේම ගැහැණුන්ය මේ…

මුහමලේ යනු ලෝකයේ බිම්බෝම්බ වළලා ඇති භූමි අතරින් විශාලම එකකි.


රට තුළ පැවති තිස් අවුරුදු යුද්ධය නිම වුණා යැයි අපේ රටේ දේශ පාලකයෝද ජනතාවගෙන් බහුතරයකද කිරිබත් කා සතුටූ වී විසිර ගොස් මේ වන විට වසර ගණණාවක් ගත වී ඇත.

එහෙත් එදා මෙන්ම අදත් ඒ යුද්ධය නිසා වැඩිපුර පීඩනයට පත් වූවෝ තවමත් දුක් විදිති. කදුළු හා අහිමිවීම් සමග ජීවත් වෙති. කිසිවක් සිදු නොවූ ගාණට බල පොරයට හසු වී සැබෑ ජනතා ප්‍රශ්න අමතක කර දේශ පාලන පොරපිටියේ කුලල් කා ගන්නා දේශ පාලකයන්ද … වැරදි බව දැන දැන සිය සැබෑ ප්‍රශ්න අමතක කර ලොක්කෝ කුලල් කා ගන්නට හේතුව පවා අවබෝධ නොකර ජනතාව වන අපද උන්ටම ආවඩමින් සිටිමු.

”ද ගාඩියන්” පුවත් පත පසුගියදා ශ්‍රි ලංකාව තුළ යුධ සමයේ වැළලූ බිමි බෝම්බ ඉවත් කරන කාන්තාවන් යන උද්ධෘතයෙන් ඡායාරූප විශේෂාංගයක් පළ කර තිබුණි.

බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබදව ජාත්‍යන්තර සංවිධානයක් වන Halo Trust සමග කටයුත් කරන සේවකයන්ගෙන් සියයට 50%ක් කාන්තාවන්ය. ඔවුන්ගෙන් බොහොමයක් යුද්ධය නිසා වැන්දඹු වූවන්ය. එනම් එදත් අදත් ඔවුන් යුද්ධයේ දඩුවම් විදින්නන්ය.

මේ අපේ රටයි. අපේම රටේ කාන්තාවන් සිය ජීවිත පරදුවට තබා කටුයුතු කරන අයුරු ඔවුන් සිය ඡායාරූප මගින් ජාත්‍යන්තරයට රැගෙන ගොස් තිබුණේ මෙසේය.

මුහමලේ යනු ලෝකයේ බිම්බෝම්බ වළලා ඇති භූමීන් අතරින් විශාලම එකකි. මොවුන් මේ සැරසෙන්නේ ඒ භයානක භූමියේ බිමි බෝම්බ ඉවත් කර දැමීමටය
මුහමලේ දී බිමිබෝම්බ ඉවත් කරන කාන්තාවක්
ඉන්දිරා ප්‍රියදර්ශනී සේවයට යෑමට පෙර … දරුවන් වෙනුවෙන් ආහාර පිසිමින්
ඉන්දිරා සේවය කරන අතර තුර.. බිම් බෝම්බ ඉවත් කරන්නියක ලෙස සේවයට බැදුන මුල්ම දිනයේම ඇයට
 grenade වර්ගයේ බිම් බෝම්බයක් හමුවන විට තමන් ඉතාමත් බිය වූ බව ඇය පවසන්නීය.
2019 ජනවාරි 31 වන විට Halo Trust සංවිධානය විසින් පමණක් ලංකාවතුළ බිමි බෝම්බ සහ තවත් නොපිපිරුණ බෝම්බ 309354ක අනාවරණය කරගෙන ඇත.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි