×

වහල් වෙළෙඳුන් විසින් අත්ලාන්තික් මුහුදු පතුලේ සැඟවූ මිලියනයක් මිනිස් ජීවිත

එතරම් මිනිස් ජීවිත මුහුදට විසි කර දැමූවෝ කවුරුන්ද? එසේ කලේ ඇයි?


ලෝකයට සැගව ගිය ලෝකයෙන් වසන් කළ , ලෝකය කථා නොකරනඛේදනීය මිනිස් සංහාරයන් ලෝක ඉතිහාසය පුරාවටම විටින් විට ඉස්මතුවෙමින් තිබෙන්නේ ඒ ඛේදවාචකයන් නිසා දිවි දුන් මිනිසුන්ගේ සුසුම් මේ වාතලයේ කොහෝ හෝ තිබෙන නිසා වන්නට ඇත‍

විවිධ ගෝත්‍රයන්ට අයත් දිළිදු මෙන්ම කොන්වූ සමාජ කොටස් වලට අයත් අප්‍රිකානු ගැහැණුන් සහ පිරිමින් මිලියනයක් හෝ ඊට වඩා පමාණයක් අත්ලාන්තික් මුහුදු පතුලේ ලෝකයට රහසේ සගවා ඇති බව විවිධ මානව හිමිකම් සංවිධාන මගින් පසු ගියදා අනාවරණය කර ගැනිනි.

එතරම් මිනිස් ජීවිත මුහුදට විසි කර දැමූවෝ කවුරුන්ද? එසේ කළේ ඇයි?

මේ මොහොත වන විටද ලෝකයේ කොහේ හෝ තැනක මිනිසුන් විසින් මිනිසුන් වෙළදාම් කරන බව සැබෑවකි. වහල් සේවය සදහා අප්‍රිකාවේ දුෂ්කර පෙදෙස් හී වාසය කරන්නන් නැවු මගින් විවිධ රටවල් වල ඉතා දුෂ්කර සේවයන් සදහා වහල් වෙළෙන්දන් විසින් විකුණා දැමෙති. එසේ ඔවුන් විකුණා දමන්නට ගෙන යන අතර මග අසනීප වන පුද්ගලයින් මෙන්ම තමන්ගේ බහට කීකරු නොවන පිරිස් ඉවක් බවක්, හිතක් පපුවක් නැතිව අත්ලාන්තික මුහුදට විසිකර දමන්නට වහල් වෙළෙන්දෝ පසු බට නොවෙති. එසේ විටින් විට පණ පිටින් මුහුදට විසි කර දැමූවෝ මිලියනයකට අධිකය.

මේ පිළිබදව සිදු කළ විවිධ වාර්ථා පෙන්වා දෙන පරිදි අප්‍රිකාවේ යොරූබා, ෆුලානී, ඉගිබොස්,අශාන්ටි, අකාන්,මන්දික්කා, ආදී විවිධ ගෝත්‍රයන්ට අයත් පුද්ගලයින් වහල් සේවය සදහා නෙ යන ගමනේදී මෙසේ මෝරුන් ට ආහාරය බවට පත් වී ඇත.
සංක්‍රමණිකයන් පිළිබද ජාත්‍යන්තර සංවිධානය International Organisation for Migration (IOM) විසින් අනාවරණය කර ඇති පරිදි 2014 වසරේ සිට දහස් ගණනින් අප්‍රිකානු සංක්‍රමණිකයන් මරා දමා හෝ අතුරුදහන් කර ඇත. ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් එසේ අතරුදහන් වී හෝ මිය ගොස් ඇත්තේ මධ්‍යධරණී මුහුද තරණය කරන අතර තුරේදීය.

එම සංවිධානය විසින් නිකුත් කරන තවත් වාර්ථාවක් දක්වන්නේ ”තුර්කි සහ යුරෝපා සංගම් ගිවිසුම මගින් මධ්‍යධරණී නැගෙන හිර මුහුදු මාර්ගය සම්බන්ධව ගත් තීරණයන් සමග මෙසේ අතුරුදහන් වන අප්‍රිකානුවන් ප්‍රමාණයෙහි වැඩි වීමක් සිදුව ඇත.” යනුවෙනි.

අප්‍රිකානුවන් මෙසේ වහල් සේවය සදහා රැගෙන යන්නේ වැඩි වශයෙන් බටහිරි හා ඇමරිකානුවන් වෙත වහල් සේවයේ යෙදවීමටය. 16 සහ 19 වන ශත වර්ශ වල සිට පැවත එන මෙම අත්ලාන්තික් සාගරය ඔස්සේ වහල් සංක්‍රමණය මගින් වැඩි වශයෙන් සංක්‍රමණය කෙරෙන්නේ මධ්‍යම සහ අප්‍රිකානු පෙදෙස්වල අප්‍රිකානුවන්ය.

මෙම අත්ලාන්තික් මාර්ග ඔස්සේ මුලිම වරට වහල් සේවය සිදු කරන්නේ පෘතුගීසීන් විසිනි ඒ 1526 වසරේදීය. විශේෂයෙන්ම ඇමරිකානු සමාගම් වෙත ඉතා ලාභදායී ලෙස මෙන්ම ඉතා පහසුවෙන් සේවය සදහා මිනිසුන් ලබා ගත හැක්කේ අප්‍රිකාවෙන්ය. අතීතයේදී එසේ අප්‍රිකානුවන් ගෙන ගියේ කෝපි, දුම්කොල, කොකෝ, කප්, සහ උක් වගාවන් සදහාය. අද වන විට මෙම වහල් සේවය ලිංගික ශ්‍රමිකයන්, ලෙස යොදා ගනීම, දියමන්ති සහ මිනිරන් ආදී පතල් කර්මාන්තය ආදිය සදහා සේවයේ යෙදවීම, දැව කර්මාන්තය, නැවු ඉදිකිරීම්, මෙන්ම ගෘහස්ත සේවය වෙනුවෙන් මිනිසුන් වෙළදාම් කිරීමද සිදු කෙරෙයි. ඉතා අඩු වැටුපකට නොඑසේනම් වැටුප් රහිතව ඔවුන්ගේ සේවය ලබා ගැනීම වෙළෙන්දන්ගේ මෙන්ම මිලදී ගන්නන්ගේද අරමුණයි.

එකී අරමුණ සාක්ෂාති කර ගැනීම සදහා විවිධ ගෝත්‍රයන්ට අයත් අප්‍රිකානුවන් අත්ලාන්තික සාගරය ඔස්සේ ප්‍රවාහණය කරීමේදී ඔවුන්ව මුහුදට විසි කර දමයි. තව දුරටත් තමන්ට ප්‍රයෝජනයක් ගත නොහැකියි සිතෙන පුද්ගලයින් හෝ තමන්ට අවණත නොවෙනු ඇතැයි සිතෙන පුද්ගලයින් මුහුදට විසි කර දැමීම කාලයක් තිස්සේ සිට අද වන තෙක්ම අථණ්ඩව සිදු වෙමින් පවතින බව මානව හිමිකම් සංවිධාන විසින් පෙන්වා දෙනු ලබයි.

ඒ අනුව මේ සිදු වන්නේ මිනිස් සංහාරයකි. මේ මෙහොතේදීද අප්‍රිකාව මෙන්ම තවත් ලෝකයේ බෙහෝ රටවල සිට කුමන හෝ වහල් සේවයක් ලබා ගැනීම සදහා මිනිසු විසින් මිනිසුන්ව විකුණා දැමෙති. එසේ විකුණා දැමෙන අතර තුර ලාභ ඉපැයිය නොහැකි තත්ත්වයේ එළවළු පළතුරු කුණු ගොඩට විසි කෙරෙන සේ මිනිසුන් ද මුහුදට විසි කර දමති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි