×

කෝපාවිෂ්ට වූ සුදු ජාතිකයෙකු තරම් ඇමරිකාවේදී කිසිවෙක් බියකරු නැත!

There's nothing more frightening in America today than an angry White man: Analysis by John Blake, CNN


තිරිසනා (Brute) සල්ලිකාරයා (The Buck) සහ මැරයා (Thug)..

මේ, ඇමරිකාවේ උප්පත්තියේ පටන් එහි සාමූහික චින්තනය තුළ හොල්මන් කළ වර්ගවාදී ඒකාකෘති හඳුන්වා දෙන නම් අතරින් කිහිපයකි.

දේශපාලනය සහ ජනප්‍රිය සංස්කෘතිය තුළ කෝපාවිෂ්ට කළු ජාතිකයෙකු විසින් සුදු ජාතිකයන් වෙත අවධාරණය කරන්නේ විශාල කළු මිනිසෙකු යනු ඔවුන් සහ ඔවුන්ගේ දියණියන් ගෙන යාමට පැමිණෙන්නන් ලෙස ය.

මේ ඒකාකෘතිය හේතුවෙන් අහිංසක කළු මිනිසුන්ගේ ජීවිත අහිමිවන ආකාරය දැක්වෙන වයිරල් වීඩියෝ මා දැක තිබේ. මා වැන්නන් සමීපයට පැමිණෙන විට සිය මෝටර් රථවල දොරවල් අගුළු දමන හෝ පසුම්බිය දැඩිව අල්ලා ගන්නා සුදු ජාතිකයන් මා දැක තිබේ. වාර්ගික වශයෙන් මට පැතිකඩක් ලබා දී තිබේ.

එය, ඇමරිකාවේදී කළු ජාතිකයෙකු වීම නිසා ඔබ ගෙවන මනෝවිද්‍යාත්මක බද්දේ කොටසකි. එනම්, අංක 1 මහජන සතුරා ලෙස ඔබ පෙනී යාම පිළිගැනීමට ඉගෙනගැනීමකි.

නමුත් ගතවූ සති කිහිපය ඇතුළත ඇමරිකා එක්සත් ජනපදය පුරා දිගහැරුණු සුදු පිරිමින්ගේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ එකිනෙකට වෙනස් නඩු තුනක් මා දැක තිබේ. එනම්, කයිල් රිට්න්හවුස් නඩුව (Kyle Rittenhouse trial), අහ්මවුද් ආබරි ඝාතන නඩුව (Ahmaud Arbery death trial) සහ 2017 වසරේ චාලට්ස්විල් හි පැවැත්වූ යුනයිට් ද රයිට් රැලියේ සංවිධායකයන්ට විරුද්ධව පැවරූ නඩුව යි. ඒ අනුව මම මධ්‍යස්ථ නිගමනයකට එළඹෙමි: කෝපාවිෂ්ට සුදු ජාතිකයෙකු තරම් අද දිනයේ ඇමරිකාවේ කිසිවෙක් හෝ කිසිවක් බියකරු නැත.

කයිල් රිට්න්හවුස්, 2020 අගෝස්තුවේදී ජේකබ් බ්ලේක්ව පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව ඇති වූ සිවිල් අසහනය බහුල රාත්‍රියක රයිෆලයක් රැගෙන යයි. ඉන්පසු තිදෙනෙකුට වෙඩි තබයි. එයින් දෙදෙනෙකුට මාරාන්තික තුවාළ සිදුවිය. නමුත් මේ සතියේ ඔහු නඩුවෙන් නිදහස් වන්නේ ආත්මාරක්ෂාව පිණිස එසේ කළ බව කියමිනි. (Adam Rogan/The Journal Times via AP)

මා වැඩිපුරම බිය වන්නේ ‘රැඩිකල් ඉස්ලාමීය ත්‍රස්තවාදියා‘ට නොවේ. දුඹුරු පැහැ සමෙන් යුත් සංක්‍රමණිකයාට හෝ සැරපරුෂ ‘බ්ලැක් ලයිව්ස් මැටර්ස්‘ විරෝධතාකරුවාට හෝ, වැඩිපුරම බිය විය යුතු කෙනා ලෙස දේශපාලකයෙකු විසින් අලුතෙන්ම සඳහන් කරන වෙන යම් කෙනෙකුට නොවේ.

මා වැඩිපුරම බිය වන්නේ, මේ නඩු තුනේ ආනුභාවයෙන් උද්දාමයට පත් සන්නද්ධ සුදු ජාතිකයෙකු පොදු ස්ථානයකදී හමුවීමට ය.

සුදු ජාතික පිරිමින්ගේ ප්‍රචණ්ඩත්වය ගැන ඇමරිකානු උරුමය

අප විසින් සුදු ජාතික පිරිමින් වාර්ගික වශයෙන් පැතිකඩකරණයට ලක් කිරීමට පටන් ගෙන ඇතැයි මම යෝජනා නොකරමි. සුදු ජාතික පිරිමින්ගෙන් අති බහුතරයක් සමාජයට තර්ජනයක් වන ආකාරයේ බියකරු අය නොවේ.

අසංඛ්‍යෙය තරම් සුදු ජාතිකයෝ පිරිසක් කඳුලු ගෑස් ගිල ගනිමින් සහ රබර් උණ්ඩවලට නිර්භය ලෙස මුහුණ දෙමින් පසුගිය වසරේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයත් සමග පැන නැගි උද්ඝෝෂණවලට එක්ව සිටියහ. සුදු ජාතික අදේවවාදියෙකු වන ජේම්ස් රීබ් වැනි සුදු ජාතිකයෝ විශාල ප්‍රමාණයක් සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය තුළ කළු ජාතිකයන් වෙනුවෙන් දිවි පිදූහ.

සුදු ජාතික පිරිමින් හෝ කිසිදු මනුෂ්‍ය ප්‍රාණියෙකු නෛසර්ගිකව ප්‍රචණ්ඩ නැත.

නමුත් මෑතකදී ඇති වූ සිදුවීම් විසින් තවත් චරිතයක් නඩු ඇසීමට ලක් කළ යුතු බව මට අවධාරණය කරයි. ඒ, සමහර සුදු ජාතික පිරිමින්ට ‘විපාක ලැබීමකින් තොරව පාලනය කිරීමට සහ තිරිසන් බවට පත් වීමට ඉඩ සලසන සුදු – විසකුරු පිරිමි කම (White masculinity) පිළිබඳ දැක්මයි.

ඇමරිකානු ඉතිහාසය පුරාම මේ කෝපාවිෂ්ට සුදු පිරිමියා ප්‍රධාන චරිතයක් බවට පත් ව තිබේ. ඔහු රට තුළ වහල්භාවය ඇති කළේය. ස්වදේශික ඇමරිකානුවන්ගේ ඝාතකයා ලෙස කටයුතු කළේය. ජිම් කෝ නීති (දකුණු දිග ඇමරිකා එක්සත් ජනපදයේ වාර්ගික බෙදීම් ඇති කරමින් කළු ජාතික නීග්‍රෝ ජාතිකයන් වෙනස්කම්වලට ලක් කළ නීති) බිහි කළේය. ඔහුගේ කෝපාවිෂ්ට බව, ජනවාරි 6 වැනිදා ඇති වූ කැපිටල් හිල් වටලෑමට ඉන්ධන දැමුවේය.

ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට බියකරුම තර්ජනය ඇති කරමින් සිටින්නේ රාත්‍රියේ වීදියකදී ඔබ කරා පැමිණෙන කළු හෝ දුඹුරු මිනිසෙකු නොව මේ කෝපාවිෂ්ට සුදු ජාතික පිරිමියා ය.

එය පැත්තක් අතුගෑවී යන අන්දමේ ප්‍රකාශයකි. නමුත් මේ නඩු ඇසීම් මගින් නියෝජනය කරන්නේ තනි පුද්ගල වරදකාරිත්වය හෝ නිර්දෝෂී බව පිළිබඳ ගැටළුවට වඩා විශාල යමකි. ඔවුහු අනාගතය පිළිබඳ කැළඹිලි සහගත දැක්මක් ලබාදෙති. තවද අපට ජීවත් වීමට අවශ්‍ය වන්නේ කුමනාකාරයේ රටක් තුළදැයි තෝරාගැනීමක් ලබා දෙති.

මෙම නඩු විභාගවල කරුණු බොහෝ ඇමරිකානුවෝ හොඳින් දනිති.

විස්කොන්සින්වලදී ජූරියක් සොයාගත්තේ කයිල් රිට්න්හවුස්, පසුගිය වසරේ හටගත් වාර්ගික විරෝධතාවලදී කළ වෙඩිතැබීම් වලදී සිදුකළ දෙදෙනෙකුගේ මරණවලට සහ එක් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධ සියලු චෝදනාවලින් නිදහස් බවයි. ජේකබ් බ්ලේක් හට පොලිසියෙන් වෙඩි තැබීමෙන් පසු තමන් කෙනෝෂා හි පිහිටා ඇති සිය දේපළවල ආරක්ෂාවට සිටි බව ඒ වන විට 17 හැවිරිදි වූ රිට්න්හවුස් කීවේය. ආත්මාරක්ෂාව සඳහා තමන් දෙදෙනෙකුට වෙඩි තැබූ බව ද ඔහු කීවේය.

ජෝර්ජියා හිදී පසුගිය වසරේ ඇවිදිමින් සිටි 25 හැවිරිදි කළු ජාතිකයෙකු වූ අහ්මාවුද් ආර්බරි ව එළවාගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සුදු ජාතිකයන් තිදෙනෙක් චෝදනා ලබති. තමන් නීත්‍යානුකූල පුරවැසියෙකු අත්අඩංගුවට ගන්නා ආකාරයට ඔහුව අල්ලා ගැනීමට තැත් කළ බව ඔවුහු කියති. මේ අතර ආර්බරි හට වෙඩි තැබූ තැනැත්තා කියන්නේ තමන් ආත්මාරක්ෂාව සඳහා එසේ කළ බව ය.

වගඋත්තරකාර ග්‍රෙග් මැක්මයිකල් ආර්බරි ඝාතන නඩුවේදී (2021 නොවැම්බර් 8)

වර්ජිනියා ජනපදයේ ‘යුනයිට් ද රයිට්‘ රැළිය විසින් වාර්ගික ප්‍රචණ්ඩත්වය උසි ගැන්වීම අරමුණු කර ගත්තේදැයි සොයාබැලීම සඳහා එහි සංවිධායකයන්ට එරෙහිව සිවිල් නඩු විභාගයක් පැවැත්වෙමින් තිබේ. මෙහිදී සුදු ස්වෝත්තමවාදීන් විරෝධතාවලට එරෙහි වූවන් සමග ඇති කර ගත් ගැටුම්වලදී එක් අයෙකු ඝාතනයට ලක් වූ අතර, බොහෝ ගණනක් තුවාළ ලැබූහ.

ජාතිය හෙවත් ජන වර්ගය සියලු නඩු විභාගවල මග හැරිය නොහැකි තේමාවක් විය. සියලු නඩුවල කේන්ද්‍රයෙහි වූයේ එක්කෝ නිරායුධ කළු මිනිසෙකුට එරෙහිව, නැතිනම් වාර්ගික විරෝධතා අතරතුර සාධාරණීකරණය කළ නොහැකි ප්‍රචණ්ඩත්වයක් භාවිතා කිරීම සඳහා චෝදනා ලැබූ සුදු ජාතික පිරිමින් ය. රිට්න්හවුස්ගේ නඩුවේදී ජූරිය ඔහුව සාපරාධී ක්‍රියාවන්ගෙන් නිදහස් ද කළේය.

මේ අතර, මෙකී දේ සිදුවෙමින් පැවති උසාවි ශාලාවලින් පිටත, වඩාත් තැතිගන්වනසුලු දේ සිදුවෙමින් පැවතියේය. ඒවායින් යෝජනා කරන්නේ මෙම නඩු විභාග, භයානක විතැන් වීම(dangerous shift)ක රෝග ලක්ෂණයක් බවයි.

අපගේ දේශපාලනයන් වඩාත් භයානක වෙමින් පවතියි

මේ විතැන්වීම ආදර්ශනය කළ හැකි යමක් වේ නම්, එය animé වීඩියෝවක් විය යුතුය. මේ මස මුලදී රිපබ්ලිකන් නියෝජිත පෝල් ගෝසර්, සිය ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම්වල අයින්මේ වීඩියෝවක් ෆොටෝෂොප් කළේය. එයින් දැක්වුණේ ඔහු විසින් ජනපති ජෝ බයිඩන් හට පහර දෙන බව සහ ඩිමොක්‍රටික් නියෝජිත ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාෂියෝ-කෝටිස් ව කඩුවකින් ඇන මරා දමන ආකාරයයි.

සෙනෙට් සභාව මේ සතියේ ඡන්දය පළ කරන්නේ ගෝසර් ව වාරණය කරන්නට ය. නමුත් එම යෝජනාවට කිසිදු රිපබ්ලිකන් නියෝජිතයෙක් සහාය නොදක්වන බව පෙනේ. ගොසාර්, විවේචනයන් හමුවේ සිය වීඩියෝව ඉවත් කර ගත්තේය. නමුත් සමාව ඉල්ලීමක් කළේ නැත. පසුව ඔහු එම වීඩියෝව සහිත පෝස්ටුවක් රීට්වීට් කළේය.

ඇරිසෝනා කොංග්‍රස් නියෝජිත පෝල් ගොසාර්, 2021 නොවැම්බර් 17 වැනිදා වොෂින්ටන් හි කැපිටල් හිල් වෙත ආරෝහකයෙන් පැමිණෙන ආකාරය

ගොසාර්ගේ වීඩියෝව හුදෙකලා සිදුවීමක් නොවේ. ප්‍රචණ්ඩකාරී දේශපාලන වාග්ලංකාර රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් සාමාජිකයන් අතරින් වැඩි වැඩියෙන් නැගෙමින් තිබේ. ඒ සියල්ල සුදු ජාතිකයන් නිසා ඇවිස්සුණු ඒවා නොවන නමුත් එයින් වැඩි කොටස හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පටන්, එනම් මුදුනේ පටන්ම හටගන්නා ඒවාය.

ට්‍රම්ප්ගේ ප්‍රචණ්ඩකාරී සහ ස්ත්‍රීපුරුෂ භේදවාදී වාග් අලංකාර මනා සේ වාර්තාගත වී ඇති ඒවා ය. දැන් රිපබ්ලිකානුවන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා බොහෝ සුදු ජාතික පිරිමි සහ ප්‍රධාන පක්ෂ දෙකේම ස්ත්‍රී පුරුෂ සමාජභාවී පරතරය ගතවූ දශක දෙක තුළ හටගෙන ඇති විශාලම පරතරයයි.

“The Angry White Male Caucus,” යනුවෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට තීරු ලිපියක් ලියන රචකයෙක් පැවසුවේ මෙම කෝපය මෙහෙයවනු ලබන්නේ “සුදු මිනිසෙකු වීමේ වරප්‍රසාදය වෙනදා මෙන් නොවෙන” වෙනස් වන ඇමරිකාවට බිය වන සුදු ජාතික පිරිමින් නිසා බව ය.

මෙම කෝපය තවදුරටත් නරක අතට හැරෙන අන්දම ද පෙනේ. මේ මාසයේදී ජනපති ජෝ බයිඩන් විසින් යටිතල පහසුකම් පිළිබඳ පනත් කෙටුම්පතකට අත්සන් තැබීමෙන් පසුව එයට ඡන්දය දුන් සෙනෙට් සභාවේ ඇතැම් රිපබ්ලිකානුවන් ට මරණ තර්ජන ලැබුණු බව වාර්තා විය. රට පුරා මැතිවරණ නිලධාරීන් සහ පාසල් පාලක සභා සාමාජිකයන් හට ද දිනෙන් දින උත්සන්න වන තර්ජන ලැබෙමින් පැවතිණි. මෑතකදී පවත්වන ලද ජනමත විමසුමක් හෙළිදරව් කළේ රිපබ්ලිකානුවන්ගෙන් 30%ක් රට බේරාගැනීම සඳහා ප්‍රචණ්ඩත්වය යෙදීම සාධාරණීකරණ කරන බවයි.

දේශපාලන ප්‍රචණ්ඩත්වය ග්‍රෑන්ඩ් ඕල්ඩ් පාටි ලෙස හැඳින්වෙන රිපබ්ලිකන් පක්ෂයට පමණක් සීමා නොවේ. කොන්සවේටිට් පාක්ෂිකයන් කෙරෙහි සිය අකමැත්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ එක් බර්නි සැන්ඩර්ස් ආධාරකරුවෙක් 2017 වසරේ රිපබ්ලිකන් බේස්බෝල් පුහුණුවකදී මිනිසුන් 5 දෙනෙකුට වෙඩි තැබුවේය.

‘‘කවද්ද අපි අපේ තුවක්කු පාවිච්චි කරන්නෙ..?“

නමුත් දේශපාලන සතුරන් ට පහර දීම සහ ඔවුන් මරා දැමීම අතිශය සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් ඇත. තවද එය පිළිගන්නා දෙයක් බවට ද පත් වෙමින් තිබෙන බව පෙනේ. පසුගිය මාසයේ ඉඩාහෝ ජනපදයේ දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකුට සුදු ජාතිකයෙකු වශයෙන් ප්‍රසිද්ධියේ මෙසේ ඇසීමට තරම් සුවපහසුවක් ඇති වී තිබුණේය.
‘‘කවද්ද අපි අපේ තුවක්කු පාවිච්චි කරන්නෙ?… අපි මුංව මරා දාන්න කලින්, තවත් ඡන්ද කීයක් මේ විදිහට මුං අපෙන් හොරකම් කරයිද..?‘‘

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, 2016 මාර්තු 4වැනිදා මිචිගන් ජනපදයේ රැළියක් අමතමින්

මෙම විසකුරු දේශපාලන වාතාවරණයට තවත් සම්පාදක ධාතුවක් එක් කළ හැකිය. එනම්, නීතිය ප්‍රමාණවත් නැතැයි සිතන හෙයින් නීතිය අතට ගත්තවුන් (විජිලැන්ටිස්-vigilantes) නීතිය මගින් රක්ෂා කරන බව පමණක් නොව, නීතිය මගින් ඔවුන්ව ඇතැම්විට ධෛර්යමත් කරන බව ද පෙනී යාමයි.

සුදු පොලිස් නිලධාරීන් සහ කළු මිනිසුන්ට වෙඩි තබන ආර්බරි වැනි සුදු මිනිසුන් පෙන්වන, පුළුල් ලෙස දැකිය හැකි වීඩියෝ මගින්, එවැනි ක්‍රියාවන් හැකි කරවා තිබෙන නීති නැවත සලකා බැලීමට අධිකරණය සහ රාජ්‍යය පොළඹවනු ඇතැයි ක්‍රියාකාරිකයෝ බලාපොරොත්තු වෙති.

නමුත් සුදු පොලිස් නිලධාරියෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමත් සමග රට පුරා ඇති වූ වීදි විරෝධතාවලින් පසුවත් වෙනස් වී තිබෙන්නේ ඉතා ස්වල්පයකි. පොලිසියට වැඩි වැඩියෙන් අරමුදල් ලැබෙනු දැකීමට කැමති පිරිස් ක්‍රමයෙන් අධික වෙයි. තවද ජෝර්ජියා ජනපදයේදී පුරවැසියන් ව අත්අඩංගුවට ගැනීමේ නීතිය වෙනස් වුවත්, මෙයට මාස 2 කට ඉහතදී George Floyd Justice in Policing Act නමැති ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත කොංග්‍රසයේදී අවසන් ගමන් ගියේ සම්මත නොවෙමිනි.

වීදියේ ඇති තුවක්කු ගණන වැඩි වී ඇති සැටි අපට පෙනේ

කොන්සවේටිව් හෙවත් සම්ප්‍රදායිකත්වය වෙත නැඹුරු වන ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය දැන් පෙනෙන හැටියට ප්‍රසිද්ධියේ ගිනි අවි රැගෙන යාම ජනතාවට පහසු කර තිබේ. ඒ, නිව්යෝක් ගිනිඅවි පාලන නීතිය සම්බන්ධයෙන් මෑතකදී පළ වූ වාචික තර්කවලින් පසුව ය.

ඇමරිකාවේ සිවිල් ජනගහනය ලෝකයේ වැඩිවශයෙන්ම ආයුධ සන්නද්ධ වී ඇති ජනතාවයි. තවද අපගේ වීදි ඉතා ඉක්මනින්ම වඩාත් ප්‍රචණ්ඩකාරී වනු ඇත.

“Gunfight: The Battle Over the Right to Bear Arms in America,” හි කර්තෘ, කැලිෆෝනියා නීති විද්‍යාලයේ මහාචාර්ය ඇඩම් වින්ක්ලර් පසුගියදා නිව්ස්වීක් සඟරාවට පවසා තිබෙන්නේ, ‘‘ගිනිඅවි ආරක්ෂාව පිළිඳ සිවිල් ව්‍යාපාරයේ වත්මන් ඇජෙන්ඩාවෙන් සැලකිය යුතු කොටසක් ඉදිරි වසරවලදී ප්‍රහාරයට ලක්වනු ඇත‘‘ කියායි. ‘‘ප්‍රහාරක ආයුධ හා අධිබල මැගසින් තුවක්කු තහනම් කිරීම, ශ්‍රේෂ්ඨාධිකරණය දෙවන සංශෝධනය සමග වර්ජනය කළ බව මා සිතනවා..‘‘

2020 අගෝස්තු 15 දින ජෝර්ජියාවේ ස්ටෝන් මවුන්ටන් පාක් හි අන්ත දක්ෂිණාංශික මිලීෂියාවක සාමාජිකයන්.

විෂමාචාර (misconduct) සඳහා චෝදනා ලැබූ පොලිස් නිලධාරීන්ට සෙවණ දෙන නීතිමය සිද්ධාන්තයක් වන ‘‘සුුදුසුකම්ලත් මුක්තිය‘‘ (“qualified immunity,”) ට වාසිදායක ලෙස ද පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේය. “stand your ground laws,”- ‘‘ඔබේ මූලික නීති මත පිහිටන්න‘‘ යන්න ප්‍රතිසංස්කරණයට අදාළ ව පවතින ජාතික ව්‍යාපාරය කුඩා ය. එමගින් මුලින් පළායාම වෙනුවට මාරක බලයක් යෙදීම සඳහා වූ දැවැන්ත තර්ජනයකට තමන් මුහුණපා සිටින්නේ යැයි විශ්වාස කිරීමට ඇතැම් අයට ඉඩ ලබාදෙයි. රාජ්‍ය ව්‍යවස්ථාදායකයන්ගේ ජාතික සම්මේලනයට අනුව අවම වශයෙන් ජනපද 25 තුළම මෙවැනි නීති තිබේ.

තවද ආර්බරි ගේ වීඩියෝවේ සිත කම්පනය කරන ස්වභාවය තිබියදී පුරවැසියන් අත්අඩංගුවට ගැනීමේ නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් පවතින්නේ කුඩා ප්‍රගතියක් පමණි. එමගින් අපරාධයක් සිදුකරන්නේ යැයි තමන් සැක කරන කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට හෝ රඳවා තබාගැනීමට පුද්ගලික පුරවැසියන්ට ඉඩ ලබාදෙයි.

සුදු මිනිසුන් ට එරෙහිව පැවරුණු රිට්න්හවුස් සහ ආර්බරි නඩු දෙකේදීම පැවසුවේ ඔවුන් ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළ බවයි. ආර්බරි නඩුවේ එක් අයෙක් දිවුරුමෙන් පසු පැවසුවේ නිරායුධ කළු ජාතික පදිකයා තමන්ගේ ආයුධය උදුරා ගන්නට තැත් කළ බව සහ, ඔහුගේ භාර්යාව අවදානමේ පසුවන බවයි.

නමුත් අනෙකුත් සුදු මිනිසුන් හෝ ප්‍රසිද්ධියේ තුවක්කුවක් අතැතිව සිටින ඕනෑම පුද්ගලයෙකු එම ආරක්ෂාව තුළ ඇති තර්කය මතුකරමින් නිරායුධ පුද්ගලයෙකුට පවා එරෙහිව මාරාන්තික බලයක් යෙදවීමට ධෛර්යවත් වන බව සිතන්න යැයි දෙවන සංශෝධනයේ විශේෂඥයෙකු ලෙස කටයුතු කළ එරික් රූබන් පවසයි.

විස්කොන්සින් හි කෙනෝෂා. 2021 නොවැම්බර් මස පැවති රිට්න්හවුස් නඩු විභාගයේදී සාක්ෂි වීඩියෝවක් නරඹමින් සිටින විනිසුරු බීීස් ෂ්රෝඩර් (වමේ) කයිල් රිට්න්හවුස්(මැද) සහ ඔහුගේ නීතීඥ මාක් රිචඩ්ස්

‘‘අනෙක් වචනවලින් කියන්නේ නම්, ගිනි අවියක් ගෙන යාමට ඔවුන් ගන්නා ස්වයං තීරණය, එය භාවිතා කිරීම සාධාරණීකරණය කරනවා.‘‘ යැයි නිව්යෝක් ටයිම්ස් සමග පසුගියදා රූබන් පැවසුවේය.

එම රාත්‍රියේ රිට්න්හවුස් කෝපයෙන් පසු වූ බව අභිචෝදකයන් විසින් නොපෙන්වන අතර, සංජානීය කාරණය වන්නේ – එය සාධාරණ වුවත් නැතත්- ඔහු කෙනෝෂා වෙත ගියේ සරල ලෙස මහජන ආරක්ෂාව පවත්වාගෙන යාමට වඩා වෙනත් හේතු මත බව ය.

මේ තත්වය පිළිබඳ ප්‍රහසන ශිල්පී ට්‍රෙවා නෝවා විසින් දැක්වූ මතය, පසුව මීම් එකක් බවට පත් විය. ට්‍රෙවා නෝවා මෙසේ කියයි.

‘Oh, it’s my solemn duty to pick up a rifle and protect that TJ Maxx.”

අවසාන වශයෙන්, ජනවාරි 6 වටලෑම සිදුකළ බහුතර කෝලහලකරුවන් සුදු ජාතිකයන් වන හෙයින්, කිසිවෙකු බරපතළ ලෙස දඬුවමට ලක් නොවනු ඇතැයි ක්‍රමයෙන් වැඩෙන බියක් තිබේ. විවිධ වගඋත්තරකරුන්ගේ නඩු විභාග මේ වන විට අධිකරණවල ඇසෙමින් ඇත. ‘”QAnon Shaman,” යයි නම් ලද ජේකබ් කැන්ස්ලි පමණක් මේ වන විට කැපිටල් කැරැල්ල සඳහා මාස 41කට බන්ධනාගාරයට යවා ඇත.

(photo by Brent Stirton/Getty Images)

(මෙහි දෙවැනි කොටස බලාපොරොත්තු වන්න..)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි