×

325 ට 306 යි – තෙරේසා මේ විශ්වාසභංගය ජය ගනියි.

විශ්වාසභංගය ජය ගැනීමෙන් අනතුරුව තෙරේසා මේ ඇයගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් අමතමින් බ්‍රෙක්සිට් ගිවිසුම ගැන නනැවත සාකච්ඡා කලාය


බ්‍රිතාන්‍ය අගමැතිනියට එරෙහි බ්‍රිතාන්‍ය කම්කරුපක්ෂ නායක ජෙරමි කෝබින් විසින් අගමැති තෙරේසි මේට එරෙහිව ගෙනා විශ්වාස භාංග යෝජනාව ඊයේ එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය. යෝජනාවට පක්ෂව ඡන්ද හිමි වූනේ 306කි තෙරේසා මේට පක්ෂව ඡන්ද 325ක් හිමිවිය.

ඇයට විරුද්ධව මෙම විශ්වාස භාංග යෝජනාව ගෙන ඒමට හේතු වූයේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වීම සදහා අගමැති වරිය විසින් ගෙන ආ යෝජනාව ඊට පෙර දින පාර්ලිමේන්තුව තුල අන්ත පරාජයට පත් වූ බැවිනි. එය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ඉතිහාසයේ විශාලතම පරාජය විය.

විශ්වාසභංගය ජය ගැනීමෙන් අනතුරුව තෙරේසා මේ ඇයගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් අමතමින් බෙක්සිට් ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරියේදී සාකච්ඡා පවත්වමින් එම කටයුතු ඉදිරියට කරගෙනයාමට එක්වන ලෙස ආරාධනා කළාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි