×

දශකයකට පසු දිල්ලියේ බිහිසුණුම තත්ත්වය උදාවෙයි

.


පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යමින් තිබේ.

කාලයක් තිස්සේ පැවති මත භේදාත්මක පුරවැසි පනතට එරෙහි විරෝධතා නැවතත් උත්සන්න වීම් සමග මෙම තත්ත්වය උදාවී ඇති අතර අද වන විට එය හින්දු සහ මුස්ලිම් ජාතීන් දෙක අතර ගැටුමක් දක්වා දුර ගොස් තිබීම ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවීමට හේතු වී ඇත.

පසුගිය සදුදා සිදුවූ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ඉන්දීය නිළ සංචාරයට සමගාමීව දිල්ලියේ විරෝධතා යළි හටගත් අතර මුස්ලිම් ජාතිකයින් බහුතරයක් වෙසෙන ඇමරිකානු ජනපතිවරයා ඉන්දීය නායකයින් හමුවූ දිල්ලියේ ඊසාන දිග ප්‍රදේශ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි සංඛ්‍යවක් සිදුවූ ප්‍රදේශ බවට පත්වී ඇත.

අසල්වැසි රටවලින් සංක්‍රමණය වී ඉන්දියාවේ ජීවත් වන  මුස්ලිම් ජාතිකයින්  හැරෙන්නට අනෙකුත් ජාතීන් හට පුරවැසි භාවය ලබා දීමේ අරමුණින් ඉන්දීය රජය ඉදිරිපත් කළ පුරවැසි පනත හේතුවෙන් පසුගිය වසරේ සිට ඉන්දියාව තුළ රාජ්‍ය විරෝධී කැරළි වලට මග පෑදූ නමුත් මෑත කාලීනව යම් සාමකාමී බවක් දැකිය හැකි විය. නමුත් ඇමරිකානු ජනපතිවරයාගේ පැමිණීමෙන් විරෝධතා යළි උත්සන්න වූ බව වාර්ථා වේ. මෙම විරෝධතා වලින් මේ වන විට මිය ගොස් ඇති සංඛ්‍යාව 13 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.

Image result for Delhi clashes

කෙසේ වෙතත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ ඉන්දීය පොලිසිය සහ හින්දු ජාතිකයින් විරොධතා වල නියැලෙන මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කරමින් ඔවුන්ව පාලනය කිරීමට උත්සහා ගනිමින් සිටින බවයි. නවදිල්ලියේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට ගිනි තබා ඇති අතර හිංදු භක්තිකයින් එම දේවස්ථානය සිය පාලනය යටතට ගැනීමය උත්සහා ගනිමින් සිටී.

මිය ගිය පුද්ගලයින් අතර හින්දු සහ මුස්ලිම් ජාතිකයින් දෙපිරිසම සිටින අතර ඉන්දීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුද බරපත ලෙස පහර කා මේ වන විට රෝහල් ගත කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි