×

ආගමික දරුවන් නිරාගමික දරුවන්ට වඩා අකාරුණිකයි ,දඬුවමට ලැදියි – නවතම පර්යේෂණ අනාවරණය කරයි

එහිදී පැහැදිලි වී ඇත්තෙ ආගමික විශ්වාසයන් දරුවන්ගේ පරහිතකාමීත්වය කෙරේ සෘණාත්මක බලපෑමක් ඇති කරන බවයි..


දරුවන් තුළ ආගමික විශ්වාසයන් වෙත පවතින නැඹුරුව ඔවුන්ගේ පරහිතකාමීත්වය මෙන්ම අනෙකා පිළිබදව විනිශ්චය ආදිය කෙරේ සෘණාත්මකව බලපා ඇති බව ඒ පිළිබදව සිදු කරන ලද පර්යේෂණයක් මගින් හෙළි වී තිබේ.

කුමන හෝ ආගමක් සදහා යම් නැඹුරුවක් ඇති පවුල් වල දරුවන් ආගමික නැඹුරුවක් නොමැති පවුල් හී දරුවන් ට වඩා අනුකම්පාසහගත බවින් අඩු මෙන්ම අන් අයට දඩු දිය යුතුය යන හැගීමෙන් යුතු (දාණ්ඩික) දරුවන් බව මෙම පර්යේෂණ විසින් අනාවරණය කර ඇත.
2015 වසරේදී ලෝකය පුරා විශ්ව විද්‍යාල 7ක් විසින් ක්‍රිස්තියානි, මුස්ලිම් සහ ආගමකට අයත් නොවන පවුල් වල දරුවන් යොදාගෙන ආගම සහ සදාචාරය පිළිබදව මෙම පර්යේෂණය සිදු කර ඇත.

එහිදී පැහැදිලි වී ඇත්තෙ ආගමික විශ්වාසයන් දරුවන්ගේ පරහිතකාමීත්වය කෙරේ සෘණාත්මක බලපෑමක් ඇති කරන බවයි..

”අපගේ නිගමනයන් සියල්ල … සමාජයේ ආගම් පිළිබදව ඇති පොදු උපකල්පනයන් ට ප්‍රතිවිරුද්ධයි. ආගම් අදහන පවුල්වල දරුවන් පරහිතකාමී මෙන්ම කරුණාවන්ත බව සමාජයේ පොදු මතය වුවත් ලෝකය පුරා දරුවන්ගේ පරහිතකාමී බව සහ කාරුණික බව කෙරේ සෘණාත්මක බලපෑමක් ඇති කර තිබෙනවා. පර්යේෂණ කතුවරයා පවසයි.

ඔවුන් පර්යේෂණයේදී  අසන ලද ප්‍රශ්න මූලික කරගෙන තිබුණේ සදාචාර සංවර්ධනය කෙරේ ආගම යනු අත්‍යවශ්‍යම දෙයක් යන උපකල්පනය මතයි. නමුත් එහිදී නිරාගමික වීම දරුවන් තුළ සදාචාරාත්මක බව මෙන්ම පරහිතකාමීත්වය සහ කාරුණිකත්වය අහිමිවීමට හේතුවක් නොවන බව තහවුරු වී ඇත.

කැනඩාව, චීනය,ජෝර්දානය, තුර්කිය, සහ දකුණු අප්‍රිකාව යන රටවල 12000කට ආසන්න අවුරුදු 5ත් 12ත් අතර දරුවන් මෙම පර්යේෂණ අධ්‍යයනයේ නියැදිය ලෙස යොදාගෙන ඇත. ඉන් 24%ක ප්‍රතිශතයක් ක්‍රිස්තියානි ආගම ඇදහූ දරුවන් වූ අතර 43% ක් මුස්ලිම් දරුවන් විය, 27.6% ප්‍රතිශතයක් නිරාගමික පවුල්වල දරුවන්ය. නියැදිය තුළ තවත් ආගම් වූ බෞද්ධ, හින්දු , යුදෙවු ආගම් ඇදහූ දරුවන් ගේ ප්‍රතිශතය සංඛ්‍යාත්මකව දැක්විය නොහැති තරමේ අඩු ප්‍රතිශතයක් වී ඇත.

පර්යේෂණයේදී මෙම දරුවන් වෙත තමන් කැමති ස්ටිකර් තෝරා ගැනීමට අවස්ථතාව සලසා දී ඇති අතර පාසලේ සියළු දරුවන්ට බෙදීමට ස්ටිකර් නොමැති බවද දන්වා ඇත. එදිදී දරුවන් සිය ස්ටිකර් අනෙක් දරුවන් හා බෙදා ගන්නේද හා බෙදි ගන්නේ කෙසේද යන්න පිළිබද අධයයනය කර ඇත. එමෙන්ම දඩ තල්ලුකිරීම් සහිත සහ හැප්පෙන එමගින් පීඩා විදින දරුවන්ගේ වීඩියෝවක් මෙම දරුවන් වෙත ප්‍රදර්ශනය කර ඇති අතර එහිදී ඔවුන්ගේ හැසිරීම සහ ප්‍රතිචාරය අධ්‍යයනය කර ඇත.

එමගින් ලැබුණ නිගමනය අවධාරණය කර සිටින්නේ කුමන හෝ ආගමකට අයත් පරිසරයන් හී හැදෙන දරුවන් නිරාගමික පවුල් පරිසර තුළ ඇති දැඩිවන දරුවන්ට වඩා කාරුණික බවෙන් අඩු බවයි.

එමෙන්ම වයසින් වැඩි දිගු කාලයක් ආගමික පසුබිමක් සහිත පවුල් තුළ සිටි දරුවන් අනෙක් අය හා දක්වන සම්බන්ධතාව සෘනාත්ක එකකි.

එමෙන්ම මෙම පර්යේෂණ අධ්‍යයනයෙන් හෙළිවූ තවත් කරුණක් වන්නේ ආගමික බලපෑම් වලට හසුවූ දරුවන්ගේ අනෙකාට දඩුවම් දීමේ උවමනාව වැඩි අතර ඔවුන් නිතරම අනෙකාගේ හැසිරීම සහ ක්‍රියාවන් විනිශ්චය කරමින් වරද පැටවීමටත් වරදකරුවන් කිරීමටත් උනන්දුවක් දක්වන බවයි.

මුස්ලිම් ආගමික පරිසරයක් තුළ හැදී වැඩෙන දරුවන් මේ අතරින් කිතුණු දරුවන් සහ නිරාගමික දරුවන්ට වඩා වේදනාකාරී මෙන්ම අමිහිරි දඩුවම් අනෙකාට ලබා දීම ගැන උනන්දු වෙයි. එමෙන්ම ආගමකට අයත් දරුවන්ගේ මවුපියන්ගෙන් නිරාගමික දරුවන්ට වඩා වැඩි පුර කාරුණික වීමට සහ අන් අය කෙරේ හොද හිත තබා ගැනීමට ආගම් අදහන දරුවන්ට උපදෙස් ලැබෙයි.

මෙම අධ්‍යයන වාර්ථාවේ සදහන් වන පරිදි ලෝකයේ සමස්ත ජනගහනයෙන් බිලියන 5.8ක ජනතාවක් එනම් 84% කුමන හෝ ආගමික විශ්වාසයක් සමග සිටින පිරිසකි. නමුත් ආගම විසින් ඔවුන් ගේ පරහිතකාමී බව කෙරේ එල්ල කර ඇති බලපෑම සාමන්‍ය පොදු උපකල්පනයන්ට වඩා හැත්පසින්ම වෙනස් වේ. Pew Research Center මගින් සිදු කළ පර්යේෂණයකදී අනාවරණය වුනේ ලෝකය පුරා බහුතරයක් මිනිසුන් සෑම අයෙක්ම කුමන හෝ දෙවියෙක් එසේත් නැත්නම් දේශකයෙකු, සුවිශේෂී පුද්ගලයෙකුව ඇදහිය යුතුය යන විශ්වාසයේය. ඇමරිකානුවන් 53% ක් විශ්වාස කරන්නේ දෙවියන් විශ්වාස කිරීම ඉදුරාම කළ යුත්තක් බවයි.

නමුත් ආගම විසින් ඔවුන් ව අවශ්‍ය අරමුණු කරා යොමු කර ඇතිද යන්න මෙන්ම සාමාන්‍ය පොදු උපකල්පනය වන ආගම සදාචාරාත්මක මිනිසෙක් බිහි කිරීමට අත්‍යවශ්‍ය අංගයක්ය යන්න පිළිබදව නැවතත් සිතා බැලීමේ කාලය එළැඹී ඇත.

අදාල පර්යේෂණ වාර්ථාව
https://www.cell.com/current-biology/pdf/S0960-9822(15)01167-7.pdf



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි