×

1970 සිට අද වන විට පෘථිවියේ සත්ත්ව ගහණයෙන් 60% ක් මිනිසා විසින් මිහිමවට අහිමි කර ඇත

විනාශය මෙතෙකින් නතර කලද නැවතත් පෘථිවිය පැවති තත්ත්වයට පත් වන්නට නම් වසර මිලියන 5ත් 7ත් අතර කාලයක් ගත වනු ඇත


පසුගිය දශක 4ක කාලය තුළ දුර දිග නොබැලූ මිනිස් ක්‍රියාකාරකම් විසින් ලෝකයට අහිමි කළ දෑ බොහෝය. ඒ අතර ලොව හරි අඩකටත් වඩා සිටි පෘෂ්ඨවංශීන් අතරින් ක්ෂීරපායී සතුන්, කුරුල්ලන් , මත්ස්‍යයින්, උරගයන් ආදී සතුන් සියයට 60ක් ඉතා වේගයෙන් අප විසින් ලෝකයට අහිමි කරමින් සිටිමු. ඒ අනුව ලොව පරිසරය පිළිබද ප්‍රවීණයන් පවසන්නේ වන ජීවීන් මෙසේ ලෝකයෙන් තුරන් වීම මනුෂ්‍ය වර්ගයා ඉදිරියේ ඇති බරපතලම අවධානම් තත්ත්වයක් බවයි.

ලෝකය පුරා විද්‍යාඥයින් 59 දෙනෙකුගේ දායකත්වයෙන් ලෝක වන ජීවී පදනම විසින් අනාවරණය කළ වාර්ථාව දක්වන්නේ ලෝකයේ ජනගහණය අධීක වීම, ඔවුන් සදහා ආහාර වැඩි වශයෙන් අවශ්‍ය වීම හේතුවෙන් මිනිසා විසින් පෘථවියේ ජීවය හා බැදුණූ ජාලය විනාශ කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලෝක වන ජීවී පදනයේ අධ්‍යක්ෂක මයික් බැරට් පවසන්නේ ” නින්දේ ඇවිදිමින් සිටින අප විනාශයේ කදු මුදුනට ළගා වෙමින් සිටින බවයි” මිනිසුන් 60%ක් ලෝකයට අහිමි වීණි නම් උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, අප්‍රිකාව , යුරෝපය, චීනය සම්පූර්ණයෙන්ම මිනිසුන්ගෙන් තොර භූමීන් බවට පත් වෙයි.

ලෝකය ශිෂ්ඨාචාර ගත වූ තැන සිට මිනිසා විසින් මිහි මාතාවට අහිමි කර ඇති ක්ෂීරපායී සත්වයින් ප්‍රමාණය 83%කි. එමෙන්ම මේ වන විට ලෝකයේ පැවති ශාක අතරින් හරි අඩක්ම මිනිසා විසින් ලෝකයට අහිමි කර ඇත. ඔවුන් පවසන්නේ අප මෙතැනින් ලෝකයේ අනෙක් සතුන් සහ ශාක විනාශය නතර කලද නැවතත් පෘථවිය පැවති තත්ත්වයට පත් වන්නට නම් වසර මිලියන 5ත් 7ත් අතර කාලයක් ගත වන බවයි.

අලෝක වනසත්ව පදනම විසින් එළි දක්වන Living Planet Index අනුව ක්ෂීරපායී ගහණයෙන් 16704ක් , පක්ෂීන් , මත්ස්‍යයින්, උරගයන් සහ උභය ජීවීන් වර්ග 4000ක් ලෝකයට අහිමි වී ඇත. 1970 සහ 1914 අතර කාලය තුළ අනාවරණය වන දත්තයන්ට අනුව එය සියයට 60ක අඩුවීමකි. මීට වසර 4කට පෙර එය පැවතියේ 52% ලෙසිනි.
මේ සදහා හේතු වශයෙන් අනාවරණය වී ඇත්තේ පළමුවෙන්ම සතුන් සදහා වාසභූමී අහිමිවීම, එනම් මිනිසාට අවහ්‍ය ආහාර නිෂ්පාදනය සදහා සතුන්ගේ වාසභූමි වල වගාබිම් සත්ව ගොවිපල ඇති කිරීමයි.

මේ වන විට ලෝකයේ භූමි ප්‍රමාණයෙන් හතරෙන් තුනක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වෙමින් පවතී. සත්ත්ව ගහණය මෙසේ තුරන් වීමට තවත් හේතුවක් වී ඇත්තේ ක්ෂීරපායී වර්ග 300ක් පමණ ඔවුන් ලෝකයට අහිමි වන තුරු මිනිසා විසින් ආහාරයට ගැනීමයි. මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් සාගර ජීවයට අහිමි වී ඇති අතර සාගර ජීවී වර්ගයන් අතරින් හරි අඩකටත් වඩා මිනිසා විසින් දඩයම් කරනු ලබයි.

මිනිසා විසින් රසායනික ද්‍රව්‍ය භාවිතය වැඩි වී තිබීම මේ සදහා බලපා ඇති තෙවන හේතුවයි. ලෝකයේ තල්මස් ගහණයෙන් හරි අඩකටත් වඩා ප්‍රමාණයක් මේ වන විට අහිමි වී ඇත. සුරතල් සත්ව වෙළදාම හේතුවෙන් උභයජීවීන් ට වැළදෙන දිලීර රෝග සතුන්ට වැළදෙන රෝග ද මෙයට හේතුවක් වී ඇත.

මෙසේ සත්ත්ව ගහණය තුරන් වී යාම සම්බන්ධයෙන් ඉහළ බලපෑමකට ලක්ව ඇති කලාපයන් වන්නේ දකුණු සහ මධ්‍යම ඇමරිකානු කලාපයන්ය. එහි පෘෂ්ඨවංශීන් ගහණය සියයට 89කින් අඩු වී ඇත. සෝයා නිෂ්පාදනය සදහා අවශ්‍ය සෝයා බෝංචි වගාවට භූමින් යොදා ගැනීම හේතුවෙන් වන විනාශය, ඇමරිකාව සහ යුරෝපා රටවල සූකර මස් සහ කුකුල් මස් සදහා භූමීන් ලබා ගැනීම, ආදී හේතු ඒ අතර වෙයි.

මේ සම්බන්ධයෙන් සුභදායී ලක්ෂණ සත්ත්ව වර්ග කිහිපයක් තුළින් දැකිය හැකි අතර ඉංදියාවේ ව්‍යාග්‍ර ගහණය 20% කින් වැඩි වී තිබීම, චීනයේ පැන්ඩා ගහණය සහ එංගලන්තයේ දිය බල්ලන් ගේ ගහණය වැඩිවී ඇති බව දැක ගත හැක.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් 2020 වසරේ ජෛව විවිධත්වය සම්බන්ධ සමුළුව පැවැත්වීමට නියමිතව ඇත. එහිදී මෙම හානිය පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර පවතින තත්ත්වය යම් මට්ටමකින් හෝ සමනය කිරීමට මිනිසාට ඇත්තේ සුළු කාලයකි.

මේ සම්බන්ධව ලෝක වනජීවී පදනමේ ප්‍රධානී ටාන්යා ස්ටීල් පවසන්නේ ” ලෝකය විනාශ කරමින් සිටින බව දැන ගත් පළමු පරපුර අප වන අතර ඒ පිළිබදව යමක් කළ හැකි අවසන් පරපුරද අප වේ.. යනුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි