×

මේක තුන්වැනි ‘ඔබාමා ධුර කාලයක්‘ නොවෙයි- බයිඩන් කියයි: කැබිනට් තනතුරු 16 යි!

ජනපතිවරයා ලෙස තමන්ට අවශ්‍ය කැබිනට් මණ්ඩලය ජෝ බයිඩන් විසින් ගොඩනගමින් සිටියි.


මෙම කැබිනට් මණ්ඩලය සමන්විත වන්නේ උප ජනාධිපතිවරිය කමලා හැරිස් සහ විධායක දෙපාර්තමේන්තු 15 ක ප්‍රධානීන්ගෙනි.

විධායක දෙපාර්තමේන්තු 15 ක් පමණයි.

එම විධායක දෙපාර්තමේන්තු පහත පරිදි වේ.

  1. කෘෂිකර්මය
  2. වෙළඳ
  3. ආරක්ෂාව
  4. අධ්‍යාපනය
  5. බලශක්තිය
  6. සෞඛ්‍ය සහ මානව සේවාවන්
  7. දේශීය ආරක්ෂාව
  8. නිවාස සහ නාගරික සංවර්ධන
  9. අභ්‍යන්තර කටයුතු
  10. අධිකරණ
  11. කම්කරු
  12. රාජ්‍ය
  13. ප්‍රවාහන
  14. භාණ්ඩාගාර
  15. ප්‍රවීනයන්ගේ සේවාවන්

තවත් ප්‍රධාන තනතුරු කිහිපයකට කැබිනට් මණ්ඩලයේ නිලයන් ලැබී තිබේ. ඒ අතර ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානී, පරිසර සංරක්ෂණ ඒජන්සි පරිපාලක, කළමනාකරණ නිලය සහ අයවැය අධ්‍යක්ෂ, එක්සත් ජනපද වාණිජ නියෝජන සභාපති, ආර්ථික උපදේශන කවුන්සිල සභාපති, කුඩා ව්‍යාපාර පරිපාලක, එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා තානාපති සහ ජාතික බුද්ධි අංශ අධ්‍යක්ෂ යන තනතුරු ය.

මේ සියල්ල එකතු කළත්, බයිඩන්ගේ පරිපාලන කවය 30 දෙනා ඉක්මවා යන්නේ නැත.

ඇතැම් කැබිනට් මට්ටමේ නිලයන් හැර සෙසු සියලු කැබිනට් තනතුරු සඳහා සෙනෙට් තහවුරුව අවශ්‍ය වේ.

මේ තනතුරුවලින් කිහිපයකට බයිඩන් විසින් දැනටමත් පිරිස නම් කර තිබේ.

මේ වන විට තෝරාගත් පිරිස අතරින් බොහෝ දෙනෙක් ඔබාමා පරිපාලනයේදී ඔබාමාට සමීපව කටයුතු කළ අය නිසාත්, ඔබාමා බයිඩන්ව සිය සහෝදරයා ලෙස සලකන නිසාත්, බයිඩන්ට ඔබාමාගෙන් ඔබ්බට සිතන්නට නොහැකිදැයි මත පළ වී තිබිණි. නමුත් අද දිනයේ බයිඩන් ඉතා පැහැදිලිව කියා ඇත්තේ තමන් ආරම්භ කරන්නට යන්නේ ‘‘තෙවැනි ඔබාමා වාරයක්‘‘ නොවන බවයි.

මැතිවරණයෙන් පසු ප්‍රථම වරට මාධ්‍යයක් සමග පැවැත්වූ මෙම සාකච්ඡාව සඳහා බයිඩන් තෝරාගෙන තිබුණේ NBC New සේවාවයි. එහි ලෙස්ටර් හෝල්ට් සම්මුඛ සාකච්ඡාව මෙහෙවීය. එහිදි බයිඩන් පැවසුවේ තමන්ට මුහුණ දෙන්නට සිදුව තිබෙන අභියෝගයන් ‘සුවිශේෂී ඒවා බව‘ යි.

ලෙස්ටර් හෝල්ට් එහිදී මෙසේ ප්‍රශ්නයක් අසයි.

‘‘ඔබ තුන්වැනි ඔබාමා ධුර කාලයක් නිර්මාණය කරන්නට හදනවා යැයි කියන අයට ඔබට දෙන්නට තිබෙන පිළිතුර කුමක්ද?‘‘

බයිඩන් මෙසේ කියයි.
‘‘මේක තුන්වැනි ඔබාමා ධුර කාලයක් නෙවෙයි. අපි මුහුණ දෙන්නේ ඔබාමා-බයිඩන් පරිපාලනය මුහුණ දුන්නාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයකටයි. ජනපති ට්‍රම්ප් සියල්ල වෙනස් කර තිබෙනවා..‘‘

මේ අතර CNN පුවත් සේවය ද පවසා තිබුණේ බයිඩන්ට උරුම වන්නේ ‘‘ට්‍රම්ප් විසින් තබා යන ප්‍රශ්න සාගරයක්‘ බවයි.

පරිපාලනය සඳහා හිතෛෂීන් කණ්ඩායමක්

මේ අතර කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් රොන් ක්ලේන් ද, භාණ්ඩාගාර ලේකම් ලෙස ජැනට් යෙලන් ද නම් කර ගෙන ඇති අතර, ඒවා ඉතා සුදුසු නාමයෝජනා බවට ප්‍රගතිශීලීන් අදහස් දක්වා ඇත.

ඉල්හාන් ඕමාර්, රෂීඩා ලයිඩ්, ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාෂියෝ කෝටෙස් වැනි වාමාංශික නැඹුරුවකින් යුක්ත ප්‍රබල තැනැත්තන් ද මෙවර බයිඩන් විසින් තෝරාගෙන ඇත.

උප ජනපති වශයෙන් සිටියදී බයිඩන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වූ බෘෘස් රීඩ් ඉතා වැදගත් නිලයක් වන කළමනාකාර සහ අයවැය කාර්යාලයේ ප්‍රධානියා ලෙස තෝරාගෙන තිබේ.

එක්සත් ජනපදය එක්සත් කිරීම

‘‘මට මේ රට එක්සත් කරන්නට ඕනෙ..‘‘
“I want this country to be united,” යැයි ද බයිඩන් NBC පුවත් සේවය සමග පැවසීය.

පෙර ලිපිය

බයිඩන්ගේ කැබිනට් මණ්ඩලය – මිණිබිරිය උකුලේ හොවාගෙන පැරිස් සම්මුතිය අත්සන් කළ ජෝන් කෙරීට පරිසරය, බුද්ධි අංශය කාන්තාවකට

බයිඩන්ගේ කැබිනට් මණ්ඩලය : මිණිබිරිය උකුලේ හොවාගෙන පැරිස් සම්මුතිය අත්සන් කළ ජෝන් කෙරීට පරිසරය, බුද්ධි අංශය කාන්තාවකට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි