×

දැවයෙන් කර, කැටයම් දැමූ යතුරුපැදි වලින් ගමන් බිමන් යන පිලිපීනයේ ආදිවාසීන්

ඉතා සුන්දර ලෙස මෙන්ම ගාම්භීර ලෙස එකිනෙකාගේ අවශ්‍යාතාව අනුව සැකසුන මේ දැවමය යතුරු පැදි වල අරමුණ වී ඇත්තේ අප නොසිතන දෙයකි.


ඉගොරෝට් හෝ ඉරොරොට් යනු පිලපීනයේ විශාලතම ආදිවාසී ගෝත්‍රික කන්ඩායමයි. කදු බෑවුම් වලින් වටවුණ ගම්මානයක වෙසෙන ඔවුන් සිය සුන්දර ගම්මාන බේරා ගැනීමේ සටනේ නියැලෙමින් සිටී ඒ අතර තුර සිය සාම්ප්‍රදායික ජීවන රටාව පවත්වා ගැනීම ඔවුන්ට සතුටකි. ඔවුන් දුටු සැනින් මතකයට නැගෙන්නේ ඉතා හොදින් රූප රචනය කළ සුන්දර රූප පෙළකි. මේ සිටින්නේ පිලපීනයේ ආදාවාසීන් ගෝත්‍රිකයන් පිරිසකි. ලීයෙන් තැනූ ඔවුන්ගේ යතුරු පැදි ගැන අද වන විට ලෝකයම කථාවන්නට පටන්ගෙන තිබුණද ඔවුන් මේ ලී යතුරු පැදි වල යන්නේ මීට වසර ගණනාවකට පෙර සිටය.

ඉතා සුන්දර ලෙස මෙන්ම ගාම්භීර ලෙස එකිනෙකාගේ අවශ්‍යාතාව අනුව සැකසුන මේ දැවමය යතුරු පැදි වල අරමුණ වී ඇත්තේ අප නොසිතන දෙයකි. තමාගේ යතුරු පැදිය තමාම කැටයම් කරන මොවුන් මේ යතුරු පැදි වලින් පෙන්වන්නට උත්සහා කරන්නේ තමන්ගේ කැටයම් කුසලතාවය සහ නිර්මාණශීලීත්වයයි..


බොහෝමයක් විට මේ රෝද දෙකක් ඇති යතුරු පැදි වල තේමාව වී ඇත්තේ ගාම්භීර සත්වයෙකුගේ මුහුණය. සිංහයෙකු, නැත්නම් රාජාලියෙකු.. මකරෙකු මතකයට එන පරිදි ඒවා කැටයම් කර තිබේ. ඒවා නිර්මාණශීලී මෙන්ම ශක්තිමත්ය මෙම ගෝත්‍රිකයන් මෙම වාහන භාවිතා කරන්නේ විශේෂයෙන්ම සිය ශක්තිය පෙන්වීම සදහා වන තරග සදහාය.


බෑවුම් සහිත බිම් වල ඔවුන්ගේ යතුරුපැදි තරග පවත්වයි. ඒ පැයට කිලෝමීටර් 25ක උපරිම වේගයක් ද සහිතවය. කලබලකාරී නගරයේ පාපදිකරුවන් මෙන් නොව ඔවුන්ට මේ යතුරු පැදි වල යන්න කිසිදු ආරක්ෂිත පැළදුමක් අවශ්‍ය නොවේ. ඒ වෙනුවට ඔවුන් සාම්ප්‍රදායික ඔටුන්නක් සහ බහාග් නමින් හදුන්වන උරහිස් පළදනාවක් පළදී, මෙවැනි තරගයකදී කිසි දිනෙක මෙතෙක් අනතුරක් වාර්ථා වී නොතිබීමද ඉතා විශ්ෂත්වයකි.

ඔවුන්ගේ වාසස්ථාන පිහිටා තිබෙන්නේ කදුකර පළාත්වල හේතුවෙන් බෑවුම් වල සිය වාහනය පහසුවෙන් පදවන්නට ඔවුන්ට හැකිය.
ඔවුන්ගේ විශ්වාසය වන්නේ ඔවුන් අදහන දෙවියන් ස්වභාවික වස්තූන් භාවිතය පිළිබද වඩාත් සතුටු වනු ඇති බවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි