×

වසර 178 ක ඉතිහාසයක් ඇති Thomas Cook සංචාරක සේවා සමාගම කඩා වැටෙයි

සංචාරකයින් 600000 ට වැඩි පිරිසක් අපහසුවට පත් වේ


ලෝකයේ සුප්‍රසිද්ධම සහ පැරණිතම ගෝලීය සංචාරක සේවා සමාගමක් වූ බ්‍රිතාන්‍යයේ  තෝමස් කුක් සමාගම අද සම්පූර්ණයෙන්ම බිද වැටිණි. වසර 178ක ඉතිහාසයක් ඇති මෙම සමාගම මීට පැය කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කළේ ඊයේ රාත්‍රියේ සිට තමන්ට තව දුරටත් සේවය සැපයීමේ අපොහෝසත්ව ඇති බවත් සිය ආයතනය සම්පූර්ණයෙන්ම වසා දැමීම තමන්ට ඇති එකම සහ සුදුසුම පිළියම බවත්ය.

ඒ අනුව තෝමස් කුක් ආයතනය විසින් ත්‍රියාත්මක කළ සියළූ ගුවන් ගමන් ඊයේ රාත්‍රියෙන් අවසන් වූ බව බ්‍රිතාන්‍ය ගුවන් සේවා අධිකාරිය පවසයි.

පසුගිය සිකුරාදා දිනය වන විට මෙම සංචාරක සේවා සමාගමේ සහය ඇතිව විදෙස් සංචාර සදහා සහභාගී වී සිටි ලෝකය පුරා පාරි‍භෝගිකයන් ගණන 600000කි.

මෙසේ දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට බලපෑ ආසන්නතම හේතුව වී ඇත්තේ තෝමස් කුක් සමාගමේ කොටස් කාර සමාගමක් වූ චීන සංචාරක සමාගමක් වන Fosun Tourism හී කොටස් වටිනාකම බිද වැටීමය. Fosun Tourism යනු චීනයේ විශාලතම ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම් වලින් එකකි. මෙම සමාගමේ නිර්මාතෘ ගුවෝ ගොන්ග් චන්ග් තෝමස් කුක් සමාගමේ විශාලතම කොටස් කරුවා ලෙස කටයුතු කර ඇත.

මීට අමතරව 21018 වසරේ සිට තෝමස් කුක් සමාගම මූල්‍ය අර්බුද රසකට මුහුණ දෙමින් සිටි අතර විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සදහා ක්‍රියාත්මක වන බ්‍රෙක්සිට් සැළසුම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සංචාරක ව්‍යාපාරය බිද වැටීමද මීට හේතු විය.

මේත් සමග ලෝකය පුරා එම සමාගමේ සේවය ලබ ගත් සංචාරකයින් දහස් ගණනක් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි.

මේ වන විටත් එම සමාගමේ සහයෝගයෙන් වෙනත් රටවල් සිය නිවාඩුව ගත කරමින් සිටින සංචාරකයින් හට තව දුරටත් සිය සේවය සැපයීමට තෝමස් කුක් සමාගම අපොහොසත් වීම නිසා සංචාරකයින්ගේ සියළු සැළසුම් අසාරථක වී ඇති බවද සදහන් වේ.

මේ අනුව ඔවුන් වෙත සහය වීමට සහ නැවතත් සිය රටවලට හරවා යැවීම සදහා බ්‍රිතාන්‍ය රජය විසින් වෙනත් ගුවන් සේවාවක් යොදවා ඇත. මෙම සේවාව ලබා ගනිමින් වෙනත් රටවල් සිටින බ්‍රිතාන්‍ය සංචාරකයි සංඛ්‍යාව 160000කි. ඔවුන් නැවතත් සිය රටට පැමිණීමේදී තව දුරටත් ඔවුන්ට සේවය සැපයීමට තෝමස් කුක් සමාගමට නොහැකි වී තිබේ.
ඒ අනුව ඔවුන්ට පෙරළා සිය රටට පැමිණීමට බ්‍රිතාන්‍ය රජයේ සහයෝගය ලබා දිය යුතුව ඇත.
එකී සේවාව කොලැබෙන පිරිස් සදහා වෙනත් ගුවන් සමාගමක සේවය ලබා ගැනීමට උපදෙස් ලබා දී ඇති අතර ඔවුන් හට නැවතත මුදල් ලබා දීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කරමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි