×

කොවිඩ් සමඟ පොර බැදූ යුනිවර්සල් සෝල්ජර් නළු ටයිනි දිවියෙන් සමුගනී

ටයිනි ගේ කළමනාකරු මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අන්දමට, සෑම දෙයක් ම "ඉතා ඉක්මනින්" සිදුවී තිබිණි. ඔහුට ශ්වසන අපහසුතා පැවති බවද සඳහන්.


හොලිවුඩ් නළුවකු මෙන්ම මල්ලව පොර ශූරයකු වන තෝමස් ලිස්ටර් ජූනියර් (ටයිනි) ජීවිතයෙන් සමුගෙන තිබේ.

ටයිනි ගේ සිරුර ඔහුගේ නිවසේ තිබී හමුවී ඇති අතර, මිය යෑමට පෙර කොවිඩ්-19 ආසාදනයේ ලක්ෂණ පෙන්නුම් කර තිබූ බවද වාර්තා වේ.

මිය යන විට 62 හැවිරිදි වියේ පසුවූ ටයිනි ගේ සෞඛ්‍ය තත්ත්වය බෙහෙවින් අයහපත් අතට පත්ව තිබූ බවට ඔහුගේ කළමනාකරු සින්ඩ් කොවාන් ප්‍රකාශ කර සිටියාය.

ටයිනි ගේ කළමනාකරු මාධ්‍ය වෙත ප්‍රකාශ කළ අන්දමට, සෑම දෙයක් ම “ඉතා ඉක්මනින්” සිදුවී තිබිණි.

ඔහුට ශ්වසන අපහසුතා පැවති බවද සඳහන්.

ටයිනි වඩාත් ප්‍රසිද්ධ ඔහු රඟපෑ “ෆ්‍රයිඩේ” චිත්‍රපට සමූහය වෙනුවෙන් වූවද, යුනිවර්සල් සෝල්ජර් නම් විද්‍යා ප්‍රබන්ධ කතාවේ ජෝන්-ක්ලෝඩ් වෑන් ඩෑම් සමඟ සුපිරි සොල්දාදුවකු (යුනිවර්සල් සෝල්ජර්) ලෙස රඟ දැක්වූ භූමිකාව අදටත් බොහෝ දෙනෙකු ට මතක ය.

ටයිනි ගේ අභාවය පිළිබඳ සිය මිතුරකු වූ සුපිරි නළු ජෝන් ක්ලෝඩ් වෑන් ඩෑම් සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණේ පහත පරිදි ය.

https://www.facebook.com/JCVDworld/photos/a.197465085045/10164635433435046/?type=3



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි