×

ගෝලීය උණුසුම නිසා මිනිස් ජීවිත අහිමි වීමේ ප්‍රතිශතය ඉහළට

ලෝකය පුරා සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් වැඩි වීමත් සමග සෑම වසරකම 5800කට ආසන්න පුද්ගල ජීවිත සංඛ්‍යාවක් නිවුයෝර්ක් නගරයට අහිමි වනු ඇති බව අපේක්ෂා කෙරේ .


දේශ ගුණික විපර්යාස හේතුවෙන් ඉහළ යමින් පවතින ගෝලීය උෂ්ණත්වය මිනිස් ජීවිත වලට මෙන්ම සමස්ත ජීවයටම සිදු කරමින් සිටින්නේ අති විශාල බලපෑමකි.

ඇමරිකා ඒක්සත් ජනපදය ආශ්‍රිතව සිදු කළ සමීක්ෂණයක් මගින් අනාවරණය වී ඇත්තේ ගෝලීය උණුසුම අවම කිරීම සදහා පියවර නොගතහොත් ඉදිරියේද ඒ හේතුවෙන් මිය යන්නන් සංඛ්‍යාව දහස් ගණනින් වැඩි විය හැකි බවයි.

බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කළ මෙම පර්යේෂණයේදී ආවරණය කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නගර 15ක වැසියන් හට මෙහි බලපෑම වැඩි වශයෙන් එල් වනු ඇති බවයි.

ලෝකය පුරා සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 කින් වැඩි වීමත් සමග සෑම වසරකම 5800කට ආසන්න පුද්ගල ජීවිත සංඛ්‍යාවක් නිවුයෝර්ක් නගරයට අහිමි වනු ඇති බව අපේක්ෂා කෙරේ . මේ හේතුවෙන් වාර්ෂිකව ලොස් ඇනිජලීස් හී පුද්ගල ජීවිත 2500 වාර්ෂිකව අහිමි වනු ඇති බවද මියාමි හී 2300 දෙනෙකු ජීවිත අහිමි වනු ඇති බවත් අපේක්ෂා කරනු ලබයි.

ගෝලීය උණුසුම වැඩිවීමේ ප්‍රමාණය සෙල්සියස් අංශක 2ක මට්ටම දක්වා අඩු කිරීම අරමුණ කර ගත් දේශ ගුණික විපර්යාසයන් සම්බන්ධ පැරිස් සම්මුතියට අනුව ක්‍රියාත්මක නොවූනහොත් මෙම තත්ත්වයන් වළකාලිය නොහැකි බව මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දෙයි.

ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5 දක්වා සීමා කිරීම තුල උණුසුම නිසා ජීවිත 2716ක් සුරක්ෂිත වනු ඇත.

කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය යනු ලෝකයේ කාබන් ඩයෝක්සයිඩ් විමෝචකයන් අතරින් ඉහළින්ම සිටින රටකි. මේ වන වටත් ඇමරිකා එක්සත් ජනපදයේ නිවුයෝර්ක්, ලොස් ඇන්ජලිස්, මියාමි සහ චිකාගෝ වැනි ප්‍රධාන නගර වල පාරිසරික උණුසුම හේතුවෙන් මිය යන්නන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇත.
මේ වන විටම පෘථිවිය සෙල්සියස් අංශක 1කින් උෂ්ණත්වය ඉහළ ගෝස් ඇත. විශේෂයෙන්ම අධික කාර්මීකරණය සහ හරිතාගාර වායු මුදා හැරීම මෙන්ම වෙනත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙසේ ගෝලීය උණුසුම ඉහළ යනු ලබයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි