×

තුර්කියේ සහ සිරියාවේ භූමිකම්පාවලින් මියගිය සංඛ්‍යාව 3,500 ඉක්මවයි

කලාපයේ දශක කිහිපයකින් සිදු වූ දරුණුතම භූමිකම්පා ව්‍යසනය මෙය වේ.






ඊයේ (06) උදෑසන ඇති වූ භූමිකම්පා හේතුවෙන් තුර්කියේ පුද්ගලයන් 2379ක් පමණ මියගොස් 14483 ක් පමණ තුවාල ලබා ඇති බව එරට ආපදා ඒජන්සිය වාර්තා කර තිබේ. සිරියානු රජය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් වලට අනුව අසල්වැසි සිරියාවේ අවම වශයෙන් පුද්ගලයින් 1,444 ක් මිය ගොස් ඇති බව අනාවරණය වේ.

කලාපයේ දශක කිහිපයකින් සිදු වූ දරුණුතම භූමිකම්පා ව්‍යසනය මෙය වන අතර, ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ පවුල් සිය ගණනක් සුන්බුන් අතර සිරවී ඇති බවත්, ඒ අනුව මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත්ය. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මීට පෙර අනතුරු ඇඟවූයේ මරණ සංඛ්‍යාව අවසානයේ අට ගුණයකින් ඉහළ යා හැකි බවයි.

තුර්කියේ මිනිසුන් 33,000කට මරු කැඳවූ 1939 අර්සින්කාන් භූමිකම්පාවෙන් පසු ඊයේ දිනයේ ඇති වූ භූමි කම්පාව විශාලතම ව්‍යසනයක් ලෙස තුර්කියේ ජනාධිපති Recep Tayyip Erdogan හඳුන්වා තිබේ.

මුල්ම භූමි කම්පාව රිච්ටර් මාපකයේ 7.7 ලෙස සඳහන් වූ අතර එමඟින් ගිනිකොනදිග ප‍්‍රදේශයේ නගර කිහිපයක් කඩා වැටුණි. වසර ගණනාවක යුද්ධයෙන් අවතැන් වූ මිලියන සංඛ්‍යාත සිරියානුවන් ශීත ඍතුවේ පවතින ශීත කාලගුණය තුවාල ලැබූ හෝ නිවාස අහිමි වූ දහස් ගණනකගේ දුක්ඛිත තත්වයකට පත්ව ඇත.


සුන්බුන් වලින් තුවාල ලැබූවන් ගලවා ගැනීමට අරගල කරමින් සිටියදී, දෙවන භූමිකම්පාවද ඇති වූ අතර එය රික්ටර් පරිමාණයේ 7.6 ක විශාලත්වයකින් යුත් එකක් බව තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරිය (AFAD) පවසයි. කලාපය පුරා විශාල හානියක් කිරීමට සමත් විය.

තුර්කි උප ජනාධිපති Fuat Oktay ප්‍රකාශ කළේ කලාපයට අවම වශයෙන් පසු කම්පන 145ක් දැනුණු බවත්, තුනක් මැග්නිටියුඩ් 6ට වඩා ප්‍රබල වූ බවත් ය. සිරියාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සහ මානුෂීය සම්බන්ධීකාරක El Mostafa Benlamlih පැවසුවේ කලාපය පුරා යටිතල පහසුකම් බරපතල ලෙස හානි වී ඇති බවයි.

මේ වන විට කලාපය පුරා වැසි සහ හිම පතනය හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් තව දුරටත් දුෂ්කර වී තිබේ. රුසියාව, ඊශ්‍රායලය හා එක්සත් ජනපදය මියගිය හා අවතැන්වූන් වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර ඊට අදළ සහයෝගය ලබා දීමට එකඟත්වයද ප්‍රකාශ කර ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි