×

ජපානයේ වාර්ෂික ‘නිරුවත් උළෙල’ හෙවත් “හදකා මට්සුරි”

ජපානයේ හොන්ෂු දූපතේ දකුණු කොටසේ ඔකයාමා ප්‍රාන්තයේ වාර්ෂික “නිරුවත් උළෙල” සඳහා සෙනසුරාදා දස දහස් ගණන් දෙනා සහභාගී වී සිටියේ සිසිල් කාලගුණය ද නොතකමිනි.


ජපානයේ හොන්ෂු දූපතේ දකුණු කොටසේ ඔකයාමා ප්‍රාන්තයේ වාර්ෂික “නිරුවත් උළෙල” සඳහා සෙනසුරාදා දස දහස් ගණන් දෙනා සහභාගී වී සිටියේ සිසිල් කාලගුණය ද නොතකමිනි.

ජපන් බසින් “හදකා මට්සුරි” ලෙස නම් කර ඇති මෙම උත්සවය සෑම වසරකම පෙබරවාරි තුන්වන සෙනසුරාදා සයිඩයිජි කන්නොනින් පන්සලේදී පැවැත්වෙයි.

නමුත් සහභාගී වන පිරිමින්ගෙන් 10,000 ක් හෝ ඊට වැඩි පිරිසක් උත්සවයේ නමට අනුව නිරුවත් නොවේ. ඔවුන් අවම ඇඳුම් ප්‍රමාණයක් හැද මේ සඳහා සහභාගී වේ. සාමාන්‍යයෙන් ඉඟටිය වැසෙන ජපන් රෙද්දක් “ෆන්ඩෝෂි” සහ “ටබී” සුදු මේස් යුගලයක් පැළදීම සම්ප්‍රදාය වේ.

අස්වැන්න, සමෘද්ධිය සහ සශ්‍රීකත්වය යන ආශීර්වාද සමරනු ලබන මෙම උත්සවය දේශීය වේලාවෙන් ප.ව. 3.20ට පමණ ආරම්භ වේ. මෙම උත්සවය වෙනුවෙන් තරුණ පරම්පරාවන්ගේ උනන්දුව වර්ධනය කිරීම අරමුණු කරගත් වෙනත් වැඩසටහන්ද මීට සමගාමීව පැවැත්වේ.

“අනාගතයේදී සම්ප්‍රදාය ජීවමානව තබා ගැනීමට ඔවුන්ට හැකි වේ යැයි අපි බලාපොරොත්තු වෙමු,” ඔකායාමා සංචාරක මණ්ඩලයේ ප්‍රකාශිකාවක් වන මයිකෝ ඉටානෝ පැවසුවාය.

සවස් වරුවේ, පුරුෂයන් පන්සල් භූමිය වටා පැයක් හෝ දෙකක් දුවමින් පුහුණු වීම් සිදුකරන අතර, ප්‍රධාන පන්සල් ගොඩනැඟිල්ලට ඇතුළුවීමට පෙර සීතල වතුරෙන් ස්නානය කිරීම සිදු කරයි.

රාත්‍රී 10 ට විදුලි පහන් නිවී යන විට පූජකයෙක් අතු මිටි 100 ක් සහ සෙන්ටිමීටර 20 ක් දිග වාසනාව ගෙන එන ෂින්ගි කූරු දෙකක් ජනේලයෙන් මීටර් හතරක් ඉහළින් ජනේලයකින් විසි කරයි. කැලඹීම ආරම්භ වන්නේ ඉන් පසුවයි.

මිනිසුන් 10,000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක් අතු මිටියක් හෝ කූරු දෙකෙන් එකක් අල්ලා ගැනීමට එකිනෙකා සමඟ පොරකති. පුරාවෘත්තයට අනුව, කවුරුන් හෝ සාර්ථක වුවහොත් වසරක වාසනාව සහතික කෙරේ.

මෙසේ පොර කෑම මිනිත්තු 30 ක් පමණ පවතින අතර සහභාගිවන්නන්ට සීරුම් තුවාල, තැලීම්, උළුක් වීම් වලටද මුහුණදීමට සිදු වේ.

ජපානය පුරා නරඹන්නන් සහ විදේශයන්ගෙන් කිහිප දෙනෙකුද මේ සදහා සහභාගී වේ. සමහරු මෙම අවස්ථාවට තනිවම සහභාගී වන නමුත් බොහෝ සහභාගිවන්නන් දේශීය ව්‍යාපාර නියෝජනය කරන කණ්ඩායම්වල කොටස් ලෙස එක් වෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි