×

වෙනිසුවෙලාවේ ජනපති කවුදැයි ට්‍රම්ප් තීරණය කරලා!

වෙනිසියුලා ජනපති නිකොලස් මඩුරෝට එරෙහිව මහා උද්ඝෝෂණ රැල්ලක් රට පුරා හටගෙන ඇති අතර, ඇමරිකානු ජනපති ට්‍රම්ප් කියා තිබෙන්නේ තමන් ද විරුද්ධ පක්ෂයේ උද්ඝෝෂණවලට සහාය පළ කරන බවයි


වෙනිසියුලා ජනපති නිකෝලස් මදුරෝ ධුරයෙන් පහ කළ යුතු බව කියමින් ජනතාව දස දහස් ගණනික් වෙනිසියුලා අගනුවර උද්ඝෝෂණය කරමින් සිටිති.

එහිදී හටගත් ගැටුම්වලින් පුද්ගලයන් 4 දෙනෙක් මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇත.

උද්ඝෝෂණ සංවිධානය කරන්නේ විරුද්ධ පක්ෂය විසිනි.

2019 ජනවාරි මුල සතියේදී මඩුරෝ දෙවන වාරය සඳහා ද ජනපති වශයෙන් දිවුරුම් දුන්නේය. එම මැතිවරණය විශාල වංචාවක් බව අන්තර්ජාතික මැතිවරණ නිරීක්ෂකයන්ගේ මතය විය.

මඩුරෝගේ පාලනය යටතේ වෙනිසියුලාවේ ආර්ථිකය සහමුලින්ම පාහේ බිඳ වැටුණු අතර, ජනතාවට ආහාර සලාක නොමැති කමෙන් අසල්වැසි රටවල් වෙත පළා යාමට පවා සිදුවූ බව වාර්තා විය.

අධික උද්ධමනය හේතුවෙන් එසේ රටෙන් පළාගිය ගණන මිලියන සංඛ්‍යාවකි.

මේ අතර අර්බුදය විසඳීම කෙසේ වෙතත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපූරු ප්‍රකාශයක් කර ඇත. ඔහු පවසා තිබෙන්නේ වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් ගුයායිඩෝ තමන් විසින් වෙනිසියුලාවේ අන්තර්වාර ජනපතිවරයා වශයෙන් පිළිගන්නා බවයි!

මෙය මතභේදාත්මක තත්වයකි.

විපක්ෂ නායක ජුවාන් ගුවායිඩෝ, වෙනිසියුලාවේ නායකයා තමන් යැයි විපක්ෂ රැළියකදී කැරකස් අගනුවරදී පැවසුවේ මෙසේ ය. | AFP

මේ සිටින්නේ වෙනිසියුලාවේ විපක්ෂ නායකයා ය. ඔහු 35 හැවිරිදි ය. ඔහු ඊයේ (23) දිනයේ පැවති රැළියකදී තමන් රටේ නායකයා බව ප්‍රකාශ කළේය. ‘‘ඔව්, එයා තමයි නායකයා. මමත් ඒක පිළිගන්නවා‘ යැයි ට්‍රම්ප් පවසන්නේ එයින් විනාඩි කිහිපයකට පසුව ය!

මෙය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අතිශය ගැටළුකාරී ය. වෙනිසියුලාවේ නායකයා කවුදැයි තේරීමේ බලයක් ඇමරිකාවේ නායකයාට තිබේද?

මඩුරෝ දෙවන වරට තේරී පත්වුණේ හොර ඡන්ද දැමීමෙන් යැයි සිතමු. නමුත් එය, නමට හෝ මැතිවරණයකි. එවිට ප්‍රජාතන්ත්‍රවාදයේ මහ දෙවොළ ලෙස තවමත් පෙනී සිටින ඇමරිකාව කළ යුත්තේ නිදහස් හා සාධාරණ ඡන්දයක් වෙත යාම සඳහා වෙනිසියුලාවට බලපෑම් කිරීම ද, නැතිනම් මෙසේ පැරෂුට් විසඳුම් ලබාදීම ද?

ට්‍රම්ප්ගේ උන්මත්තක තීරණය දැනගත් වහා වෙනිසියුලානු නායක මඩුරෝ කිපුණේය. ඔහු මේ වන විට වෙනිසියුලාව තුළ සිටින සියලු ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් හට පැය 72 ක් ඇතුළත රටෙන් පිටවන ලෙස නියම කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි