×

”ආර්ථික අර්බුද ජයගත නොහැකි රජයක් එපා” කියුබානුවන් දස දහස් ගණනින් වීදි බසී

පැට්‍රියා වයි විඩා ("පීතෘ භූමිය සහ ජීවිතය ") ගීය ගයමින් උද්ඝෝෂකයන් කියුබාවේ වීදි වලට එක් විය එය 1950 දශකයේ සිට ෆිදෙල් කැස්ත්‍රෝගේ විප්ලවවාදීන් රජය පෙරලා දැමීමේ ව්‍යාපාරයේදී ගායනා කළ පීතෘභූමිය හෝ මරණය යන සටන් පාඨයේම දිගුවක්ය


දශක තුනක කාලයක් තිස්සේ සිදු වූ අති විශාලතම මහජන උද්ඝොෂණය කියුබානුවන් දස දහස් ගණනක් වීදි පුරා රැස් කරැස් කළේය. ඒ අද වන විට පවතින ආර්ථික අර්බුදයන්ට විසදුම් සපයන ලෙස කියුබානු රජයට බල කරමිනි. ආහාර හිගය මෙන්ම ආර්ථික උද්ධමනයට විසදුම් ලබා දෙන ලෙස ඔවුහු රජයට බල කර සිටිති..

මවුබිම,ජීවිතය සහ නිදහස සිය සටන් පාඨ බවට පත් කර ගනිමින් මෙසේ කියුබානුවන් සිය උද්ඝෝෂණ ආරම්භ කළේ අද උදෑසන දිවයිනේ බටහිරින් සැන් ඇන්ටෝනියෝ ඩි ලොස් බැනොස් නගරයෙන් සහ නැගෙනහිර පැල්මා සෝරියානෝ නගරයෙන්ය.

උද්ඝෝෂකයන් ඉල්ලා සිටින්නේ ජනපති මිගෙල් ඩයස් කැනෙල් ඉල්ලා අස්විය යුතු බවයි. පැරණි කියුබානු සගයා වූ සෝවියට් සමඋහාණ්ඩුව බිද වැටීමෙන් පසු එරට දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට කියුබාව මුහුණ දෙමින් සිටී. එමෙන්ම කෙරෝනා වෛරසය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක වුනත් මෙසේ විරෝධතා පුපුරා ගොස් තිබූ අතර මූලික අවශ්‍යතා දහ භාණ්ඩ සදහා වන මිල ගණන් ඉහළ යෑම, භාණ්ඩ හිගය, සිවිල් නිදහසට බාධා එල්ල වීම,සහ කොරෝනා වසංගතය පාලනයට බලදාරීන් උත්සහ නොගැනීම ආදී විවේචන රැසක් උද්ඝෝෂණ සටන් පාඨ වලට ඇතුලත් කර ඇත. උද්ඝෝෂණ පිළිබද තතු විස්තර සහභාගී වූ පිරිස් විසින්ම සජීවීව සමාජ මාධ්‍ය වෙත එක්කර තිබෙනු දැකිය හැකි විය.

Thousands of protesters take to the streets in Cuba | World News,The Indian Express

ආර්ථික අර්බුද
පසුගිය වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කියුබාව දැඩි ලෙස ආරථික අර්බුද වලට මුහුණ දෙමින් සිටින අතර ඒ පිළීබදව එරට රජය දොස් නගමින් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික සම්බ්බාධක සහ කොවිඩ් වසංගතයටයි. සම්බාධක, අකාර්යක්ෂම සහ අසමත් පාලනය මෙන්ම කොවිඩ් වසංගතය විසින් සංචාරක කර්මාන්තය සහ විදේශ සම්බන්ධතා බිද වැටීමට ලක් වූ අතර ඒ හේතුවෙන් විදේශයන් මත යැපුණ කෘෂි කාර්මික සහ කාර්මික යෙදවුම් වල අහිමි වීමත් සමග ආහාර නිෂ්පාදනය සහ ඉන්ධනවල මිල ඉහළ ගියේය. කියුබානු ආර්ථිකය පසුගිය වසරේදී සියයට 10.9%කින්ද 2021 ජූනි මාසය වන විට 2%කින්ද පහළ ගියේය. භාණ්ඩ මිල ඉහළ යෑමට අමතරව විදුලි බලය සැපයීඹ සදහා රජය අසමත්වීමත් සමග දිනකට පැය කිහිපයක් අදුරේ සිටින්නට සිදුවීමත් ජනතාව මහ මගට කැදවන්නට තවත් හේතුවක් වී ඇත.
“මේ දවසයි. අපට තවදුරටත් එය දරා සිටිය නොහැක. කෑමක් නැත, ඖෂධයක් නැත, නිදහසක් නැත. ඔවුන් අපට ජීවත් වීමට ඉඩ නොදෙයි. අපි දැනටමත් වෙහෙසට පත්ව සිටිමු” ඒ උද්ඝෝෂකයෙකු විසින් බී බී සී සේවයට දක්වන ලද අදහසකි.
මුහුණ දුන් ආර්ථික අර්බුදත් සමග කොවිඩ් අර්බුදය පැවති කාලය පුරාම කියුබානු ජාතිකයන්ට සිය මූලික භාණ්ඩ පවා මිලදී ගැනීමට පැය ගණනක් පෝලිමේ රැදෙන්නට සිදු විය.

Cubans Denounce 'Misery' in Biggest Protests in Decades - 365newslive

සීනි නිෂ්පාදනය පහතට
කියුබාවේ ප්‍රධානතම අපනයන ආදයම් වලින් එකක් වන්නේ සීනිය, . නමුත් මේ වසරේ අස්වැන්න බලාපොරොත්තු වූවාට වඩා බොහෝ නරක අතට හැරුනේ කොවිඩ් වසංගතය මෙන්ම ආනයනය කරනු ලබන කෘෂිකාර්මික ද්‍රව්‍ය සදහා සම්බාධක පැනවීඹ සහ ඒවායේ මිල ඉහළ යෑමත් සමගිනි.
කියුබාවේ සීනි ඒකාධිකාරය වන ඇස්කුබා කියා සිටියේ මෙම හිඟය ඉන්ධන හිඟය සහ අස්වැන්න ගෙන ඒම දුෂ්කර වූ යන්ත්‍රෝපකරණ බිඳවැටීම මෙන්ම ක්ෂේත්‍රවල ආර්ද්‍රතාවය වැනි ස්වාභාවික සාධක ඇතුළු සාධක ගණනාවකට වගකිව යුතු බවයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, රජයේ විදේශ මුදල් සංචිත ක්ෂය වී යයි, එයින් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සිදු වන පරිදි, හිඟය පියවා ගැනීම සඳහා ආනයනික භාණ්ඩවලින් එය මිලදී ගත නොහැකි බවයි.

ඇමරිකාවෙන් ගින්නට පිදුරු.

සෛ් වුවත් කියුබානු ජනපති මිගෙල් ඩියාස් කැනල් කියි සිටින්නේ මෙම උද්ඝෝෂණ සියල්ල ඇමරිකාව විසින් කුලියට ගත් කුලී හේවායන් විසින් දියත් කරනු ලබන ඒවා මිසක සැබෑ විප්ලව වාදීන් ගේ උද්ගෝෂණයක් නොවන බවයි. තම රාජ්‍ය බිද වැට්ටාවීමේ අපේක්ෂාවෙන් ඇමරිකාව විසින් පනවන ලද ආර්ථික සම්බාධක වලින් නොනැවතී ජනතාව උසි ගැන්වීම සිදු කරමින් සිටින බව ඔහු පවසයි. ජනපතිවරයටෙග මෙම ප්‍රකාශය සම්බන්ධව ලතින් ඇමරිකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චුන්ග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසි සිටින්නේ කියුබාවේ ‘සටන් කිරීමට කරන කැඳවීම්’ ගැන අපි දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බවයි. එමෙන්ම
“සාමකාමී රැස්වීමක් සඳහා කියුබානු ජනතාවගේ අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිමු. අපි සන්සුන්ව හා ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෙළා දකිමු.” ඇය පවසයි.

කොරෝනා වසංගතයට ඉක්මන් විසදුම්
කෙරෛා්නා වසංගතය ව්‍යාප්තවීම සදහා රජයේ දායකත්වය ඉතා දුර්වල බව උද්ඝෝෂකයන්ගේ අදහස වෙයි. කියුබාවේ දෛනික ආසාදන 7,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ථා වූ අතර පසුගිය ඉරිදා මරණ 47 ක් වාර්තා වීමත් සමග විරෝධතාකරුවන් වේගවත් කොරෝනා වයිරස් එන්නත් කිරීමේ වැඩසටහනක් ඉල්ලා සිටියහ. කෙසේ වෙතත් කියුබාව එන්නත් කිරීමේ ව්‍යාපාරයේ දී එහි මිලියන 11.2 ක වැසියන්ගෙන් මිලියන 1.7 ක් මේ දක්වා පූර්ණ වශයෙන් එන්නත් ලබා දී ඇති අතර වැඩි පිරිසකට අවම වශයෙන් එක් එන්ත් වාරයක් හෝ ලබා දී ඇති බව රජය පවසයි.කෙසේ වෙතත්, ඩෙල්ටා ප්‍රභේදයේ පැමිණීම නිසා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට හේතු වී ඇති අතර රෝගය පාලනයට මීට වඩා වෑයමක් දැරිය යුතු බව උද්ඝෝෂකයන්ගේ අදහසයි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි