×

‘බිඳී ගිය බ්‍රිතාන්‍යට’ නව මැතිවරණයක් ඉල්ලා දහස් ගණනින් දෙනා විරෝධතාවයේ

ආණ්ඩුව ඇහුම්කන් දෙන තෙක් මිනිසුන් කෑ ගසනු ඇත.


මධ්‍යම ලන්ඩනයේ මහජන සභාව විසින් ”බ්‍රිතාන්‍ය බිඳී ඇත” යන නමින් සංවිධානය කළ විරෝධතාවයට වෘත්තීය සමිති සහ ප්‍රජා සංවිධානවල දස දහස් ගණනක සාමාජිකයන් එකමුතුව සහභාගී වූ බව වාර්තා වේ.

එක්සත් රාජධානියේ නරක අතට හැරෙන ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ විරෝධතාකරුවන් අඩු වැටුප් සඳහා පියවර ගන්නා ලෙසත්, වෘත්තීය සමිති රැකියා නීති ඉවත් කරන ලෙසත්, නව මැතිවරණයක් පවත්වන ලෙසත් ඉල්ලා සිටිනු ලැබීය.

විරෝධතාකරුවන් මෙහිදී ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුව ඇහුම්කන් දෙන තෙක් මිනිසුන් කෑ ගසනු ඇති බවයි.


දුම්රිය, සමුද්‍රීය හා ප්‍රවාහන සංගමයේ (RMT) ප්‍රධාන ලේකම් මික් ලින්ච් ඇතුළු කථිකයන් සමඟ ගමන් කළ රැලිය එම්බන්ක්මන්ට් සිට ට්‍රැෆල්ගර් චතුරශ්‍රය දක්වා වර්ෂාව මධ්‍යයේ ද ගමන් කළ බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි