×

දින ගණනාවක් තිස්සේ තවමත් දහස් ගණනක් මිනිසුන් කාශ්මීරයෙන් ඉවත් කෙරේ

...


ඉන්දායවෙ සහ පකිස්ථානය අතර දිු කාලීන විරසකයට හේතු වූ කාශ්මීරය මේ වන විට සාමාන්‍ය සිවිල් ජනතාවට ජීවත් විය නොහැකි අවධානම් කලාපයක් බවට පත්වෙමින් තිබේ.

ඒ ඉදිරි කාලයේදී මෙහි ආරක්ෂත තත්ත්වය අවධානම් වනු ඇති බව ඉන්දීය රජය ප්‍රකාශ කිරීමත් සමගිනි.
කාශ්මීරයේ සංචාරය කිරීමට පැමිණ සිටින දහස් ගණන් සංචාරකයන්, වන්දනාකරුවන් එහි රැකියාව සදහා ගොස් සිටින්නන් මේ වන විට ඉන් ඉවත් වෙමින් සිටී, ජම්මු කාශ්මීරයේ සංචාර සදහා බලාපොරොත්තු වෙමින් සිටින විදේශිකයන් වෙත නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා කාර්යාලය ඊයේ ප්‍රකාශ කලේ ඉදිරි දින කිහිපය තුළ අනපේක්ෂිත ප්‍රචණ්ඩ ක්‍රියා, බෝම්බ පිපිරීම් ග්‍රෙනේඩ් ප්‍රහාර වෙඩි තැබීම් හා පැහැර ගැනීම් ආදිය සිදු වනු ඇති බවයි.

න්දීය රජය පවසන්නේ කාශ්මීරය ආශ්‍රිතව සිදුවන ප්‍රධාන පෙලේ හින්දු ආගමික උත්සවයක් වන අමර්නාත් පූජා උත්සවය සදහා සහභාගී වන දහස් ගණන් හින්දු බැතිමතුන් ට ප්‍රහාර එල්ල කිරීමේ සැළසුමක් ඉස්ලාමීය සටන් කරුවන් විසින් දියත් කරමින් සිටින බවට සාක්ෂී ලැබී ඇති බවයි.
මේ වන වට කාශ්මීරයේ ගුවන් තොටුපල දේශීය හා විදේශීය සංචාරකයින් මෙන්ම බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ඇති අතර ඔවුන් සියල්ලෝම කාශ්මීරයෙන් ඉවත්වීම සදහා දැඩි වෙහෙසක් ගනිමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි