×

බොල්සොනාරෝගේ අධ්‍යාපන කප්පාදුවට එරෙහිව බ්‍රසීලයේ දහස් ගණනක් මහපාරට

ඇමසන් විනාශයෙන් නොනැවතී අධ්‍යාපනයද විනාශ කරයි


බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ ක්‍රියාකලාපය පිළිබදව ඔහුගේ ධූරකාලය වසරක් යන්නට පෙරම බ්‍රසීලයේ පමණක් නොව මුලු මහත් ලෝකයේම ජනයා සිටින්නේ කලකිරීමෙනි.

ඔහුට විරුද්ධව එල්ල වී ඇති අළුත්ම චෝදනාව වී ඇත්තේ අධ්‍යාපනය සදහා රජයෙන් වෙන් කර දී තිබුණ වියදම් විශාල ලෙස කපා හැරීමට එරෙහිවයි.

පසුගිය අගහරුවාදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ශිෂ්‍ය්‍යින් ගුරුවරුන් ඇතුළු සියල්ලක්ම මෙම ක්‍රියාවට විරුද්ධව බ්‍රසීලය පුරා උද්ඝෝෂණ දියත් කරන ලදී. ඔවුන් කියා සිටින්නේ මෙතෙක් මූලික පාසැලේ සිට ද්වීතීක පාසැල් දක්වා අධ්‍යාපනය සදහා වෙන් කළ මුදල් කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇති බවත් රජයේ විශ්ව විද්‍යාල තුළ පෞද්ගලික ආයෝජකයන්ට ඉඩ ලබා දී ඇති බවත්ය.

”බෝල් සොනාරෝ අධ්‍යාපනයේ සතුරා” ලෙස සටහන් වූ පුවරු සහිතව මෙම විරෝදතා පවත්වන ලද අතර බ්‍රසීලයේ ප්‍රධාන නගර 72ක එකම අවස්ථාවේ මෙම උද්ඝෝෂණ පැවති බවට එරට මාධ්‍යවාර්ථා පෙන්වා දෙයි.

එරට අධ්‍යාපන අමාත්‍යංශය සිදු කළ පූර්ව දිැනුම් දීමකට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන 30කින් කප්පාදු කර ඇති අතර පශ්චාත් අපාධි සහ ආචාර්ය උපාධි සදහා ලබා දුන් සියළු ශීෂ්‍යත්ව අහෝසි කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි