එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් “ත්‍රී ඇමිගෝස්” සමුළුව වෙනුවෙන් මෙක්සිකෝවට ගොස් ඇති බව වාර්තා වේ. “ත්‍රී ඇමිගෝස්” වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් සහ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සම්බන්ධ වීමට නියමිත වන අතර ඔබාමාගේ ජනාධිපති ධුරයෙන් අනතුරුව පවත්වන පළමු සමුළුව මෙය වේ.
මෙම සමුළුව දින දෙකක් යටතේ පැවැත්වීමට නියමිත අතර එහිදී නීතිවිරෝධී සංක්‍රමණ, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය, දේශගුණික විපර්යාස, නිෂ්පාදනය සහ වෙළෙඳාම පිළිබඳ ගැටලු පිළිබඳ සාකචඡා කිරීමට නියමිත බව පැවසේ.
ඇමරිකන් ජනාධිපතිවරයා ඊයේ (09)දිනයේදි ෆෙලිප් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපල විවෘත කරමින් පැමිණි අතර තොටුපලේදී මෙක්සිකානු නායකයා විසින් ඔහු පිළිගනු ලැබීය. එය මෙක්සිකානු ජනාධිපතිවරයා විසින් ඩොලර් බිලියන 4.1 ක වියදමින් ඉදිකරන ලද රටේ ප්‍රධාන ව්‍යාපෘතියකි. මෙක්සිකෝටට පැමැණීමෙන් අනතුරුව එක්සත් ජනපද ජනාධිපතිවරයා ටුවිටර් හි සඳහන් කර තිබුණේ මෙම සංචාරය මඟින් අටවල් අතර සබඳතා ගැඹුරු කරන බවයි.
සශිකලා මුධුෂාණී_