×

ඕස්ට්‍රේලියානු ලැව්ගිනි වලට එරෙහිව සටන් කරමින් සිටි යානයක් කඩා වැටෙයි: තුන් දෙනෙක් මරුට.

නිව් සවුත් වේල්ස් හි ඇති වූ ලැව්ගිනි වලට එරෙහිව සටන් කරමින් සිටියදී ජල ටැංකි රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.


නිව් සවුත් වේල්ස් හි ඇති වූ ලැව්ගිනි වලට එරෙහිව සටන් කරමින් සිටියදී ජල ටැංකි රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

ග්‍රාමීය ගිනි නිවීමේ සේවයේ (RFS) නිලධාරීහු කියා සිටියේ පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකු විසින් මෙහෙයවන ලද සී -130 හර්කියුලිස් යානයකඩා වැටීමට පෙර ගින්නෙන් විනාශ වෙමින් පවතින ප්‍රදේශ වලට ජල බෝම්බ හෙලමින් ගින්න නිවීමට කටයුතු සිදුකළ බවයි.

නිව් සවුත් වේල්ස් RFS කොමසාරිස් ෂේන් ෆිට්සිමොන්ස් පැවසුවේ අනතුරට හේතුව කුමක්ද යන්න පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැති බවත් එම ස්ථානය පොලිසිය විසින් පරීක්ෂා කරමින් සිටින බවත්ය.

ඕස්ට්‍රේලියාවේ අගනුවර කැන්බරා ගුවන්තොටුපළ බ්‍රහස්පතින්දා පෙරවරුවේ අසල ඇති වූ ලැව්ගිනි හේතුවෙන් වසා දැමූ අතර නගරයට දකුණින් පදිංචිකරුවන්ට රැකවරණය ලබා දෙන ලෙස දැනුම් දී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි