×

ලොව ප්‍රථම වතාවට ත්‍රිත්වයකගේ එකතුවෙන් ළදරුවෙකු බිහි කරයි.

මේ පිළිබදව බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්ඩායමක් පවසන්නේ මෙවැනි උපත් සදහා ඉඩ දීමෙන් සදාචාරාත්මක ගැටළු ඇතිවන්නට ඉඩ ඇති බවයි.


කාන්තාවන්ගේ සාඵල්‍යතාව අහිමි වීමට විසදුමක් ලෙස ග්‍රීසිය සහ ස්පාඤ්ඤයේ පාඵල්‍යතාව පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙසේ පුද්ගලයින් තිදෙනෙකුගේ දායකත්වයෙන් නව දරු උපතක් සිදු කිරීමට කටයුතු කර ඇත‍.

කිලෝ ග්‍රෑම් 2.9ක උපත් බරක් ඇති පිරිමි දරුවෙකු මෙසේ උපත ලැබූයේ පසුගිය අගහරුවාදා දිනයි.

වෛද්‍යවරුන් පවසන පරිදි උපත සදහා දායක වූ දෙමාපියන් මෙන්ම දරුවාද වෛද්‍ය ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සමත් විය. නමුත් මේ පිළිබදව බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්ඩායමක් පවසන්නේ මෙවැනි උපත් සදහා ඉඩ දීමෙන් සදාචාරාත්මක ගැටළු ඇතිවන්නට ඉඩ ඇති බවයි.
මෙම පරීක්ෂණයේදී සිදු කර ඇත්තේ පියාගේ ශුක්‍රාණු, මවගේ ඩම්බ සහ තවත් පරිත්‍යාගශීලී කාන්තාවකගේ ඩිම්බ යොදා ගනිමින් IVF එනම් In vitro fertilisation ක්‍රමය ඔස්සේය. වෛද්‍යවරුන්ට අනුව විශේෂයෙන්ම මෙම ක්‍රමය යොදා ගැනීම mitochondrial වැනි නියත ලෙසම මවගෙන් දරුවාට සංක්‍රමණය විය හැකි රෝග තත්ත්වයන් පවතින පවුල්වලට වෛද්‍යානුකූල විසදුමක් ලෙස සිදු කළ හැකිය.

එහිදී සිදු කරන්නේ මවගේ ඩී එන් ඒ අනු පරිත්‍යාගකරන්නියගේ මයිටොකොන්ඩ්‍රියා (අහාර ශකිතීන් බවට පත් කරන මිනිස් සිරුරේ සෛල තුළ ඇති කුඩි අනු) යොදා ගැනීමය.

උපත ලද දරුවා මේ වන විට සුව තතත්ත්වයේ පසුවන අතර මවගේ ඩී එන් ඒ අනු අන්තර්ගත වුවද ඔහුගේ මුහුණ මදක් පරිත්‍යාගහීලි කාන්තාවගේ මුහුණට සමානව ඔහු උපත ලබා ඇති බවද අනාවරණය වේ.

සාමාන්‍ය අයි වී එෆ් පරීක්ෂණයන් කිහිප විටක් අසාර්ථක වූ මවුවරුන්ට මෙම ක්‍රමය යොදා ගත හැකි වේ. මෙම මූලික පරීක්ෂණ කටයුතු සදහා ස්පාඤ්ඤ කාන්තාවන් 24 දෙනෙකු යොදා ගෙන ඇත. ඒ අනුව කළල 8ක් නිපදවීමට නියමිතය.
තවමත් මෙම වෛද්‍ය ක්‍රමයට අනුමැතිය ලබා දීම ම්බන්ධව ලොව ඇතැම් රටවල ගැටළු පවතින අතර මහා බ්‍රිතාන්‍ය විසින් mitochondrial තත්ත්වයේ පසුවන පවුල් සදහා පමණක් මෙම ක්‍රමයට අවසර ලබා දී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි