×

අතුරුදන් වූ කුඩා දරුවෙක් දින දෙකක් වළසෙකු විසින් ආරක්ෂා කරයි.

සොයා ගත් පසු ඔහු පවසා ඇත්තේ කැලයේ සිටි පැමිණි වළසෙකු විසින් තමන්ව ඉතා ප්‍රවේශමෙන් රැක බලා ගත් බවය.


වයස අවුරුදු 3ක් වයසැති කුඩා දරුවෙකු සෙල්ලම් කරමින් සිටියදී අතුරුදන්ව ඇති අතර දින දෙකකට පසු කිසිදු අනතුරක් නොමැතිව ඔහුව සොයා ගනු ලැබීය . කෙසී හාත්වේ නැමති මෙම දරුවා සොයා ගත් පසු පැවසූයේ තමන්ව වලසෙකු විසින් රාත්‍රී දෙකක් ඉතා ප්‍රවේසමෙන් රැක බලා ගත් බවයි‍.

ඇමරිකාවේ නෝර්ත් කැරොලිනා ප්‍රාන්තයේ දරුවෙකු වන ඔහු අතුරුදන් වන විට සිය මිතුරන් සමග ක්‍රීඩා කරමින් සිට ඇති දරා ගත නොහැකි තරම් අධික ශිතලක ඔහු මෙසේ සිය මිත්තනියගේ නිවස අසල වන ලැහැබක අතරමං වී ඇත.

දින දෙකක් පුරා මවුපියන් සහ ආරක්ෂක අංශ විසින් හෙලි කොප්ටර් යානා, ඩ්‍රෝණ යානා සහ කිමිදුම් කරුවන්ද යොදා ගෙන තිබුණ ඒ කිසිවක් සාර්ථක වී නැත. නමුත් දින දෙකකට පසු ඔහු සොයා ගනු ලැබූවේ අධික වර්ෂාවද පවතින විටය.

සොයා ගත් පසු ඔහු පවසා ඇත්තේ කැලයේ සිටි පැමිණි වළසෙකු විසින් තමන්ව ඉතා ප්‍රවේශමෙන් රැක බලා ගත් බවය.

හමු වන විට ඔහුගේ සිරුරේ කුඩා සීරුම් තුවාල කිහිපයක් පමණක් පැවති අතර වෙන කිසිම කරදරයක් සිදු ව නොමැති බව මව පවසා සිටියාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි