×

Thwaites ග්ලැසියරයේ දියවීම වේගවත්

ඇන්ටාක්ටිකාවේ විශාලතම ග්ලැසියරයට, ඉදිරි වසර 5 - 10 දක්වා කාලය තුළ සිදු විය හැකි විශාල වෙනස්කම් පිළිබඳව විද්‍යාඥයින් අනතුරු අඟවයි.


ඔවුන් පවසන්නේ මෙතෙක් සාපේක්ෂව ස්ථායීව පැවති Thwaites ග්ලැසියරයේ ඉදිරිපස පාවෙන කොටස “වාහන වීදුරුවක් මෙන් කැඩී බිඳී යා හැකි” බවයි අනතුරු අඟවන්නේ.

එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ පර්යේෂකයන් දැනටමත් Thwaites ග්ලැසියරයේ හි දියවීමේ වේගය පිළිබඳව දැඩි අධ්‍යයන වැඩසටහනක නියැලී සිටිති.

දැනටමත් එය වසරකට අයිස් ටොන් බිලියන 50 ක් සාගරයට දිය කර හරියි.මෙය අද ගෝලීය මුහුදු මට්ටමට සීමිත බලපෑමක් ඇති කරන, නමුත් සාගරවල ජල මට්ටමේ උස සෙන්ටිමීටර 65 කින් ඉහළ නැංවීමට එය ප්‍රමාණවත් වේ.

නමුත් පර්යේෂණ කණ්ඩායම පවසන්නේ Thwaites  උණුසුම් වන ලෝකයකට  ඉතා වේගවත් ආකාරයකින් ප්‍රතිචාර දක්වන බවයි.

Thwaites යනු දැවැන්ත ග්ලැසියර පද්ධතියකි. එය දළ වශයෙන් මහා බ්‍රිතාන්‍යයේ හෝ ෆ්ලොරිඩාවේ විශාලත්වයට සමාන වන අතර පසුගිය වසර 30 තුළ එහි දිය වී යාමේ වේගය දෙගුණ වී ඇත.

මෙය සිදුවන්නේ කෙසේද යන්න ITGC විසින් තහවුරු කර ඇත. ITGC යනු ජාත්‍යන්තර ත්වයිට්ස් ග්ලැසියර සහයෝගීතා එකමුතුවයි. (International Thwaites Glacier Collaboration)එක්සත් ජනපද ජාතික විද්‍යා පදනම සහ එක්සත් රාජධානියේ ස්වභාවික පරිසර පර්යේෂණ කවුන්සිලය විසින් ඒකාබද්ධව අරමුදල් සපයනු ලබන, පස් අවුරුදු ITGC ව්‍යාපෘතිය Thwaites ග්ලැසියරය පෙර නොවූ විරූ පරීක්ෂාවකට ලක් කරමින් සිටී.

සෑම  ගිම්හාන සමයකම, විද්‍යාඥයින් කණ්ඩායමක්  සෑම ආකාරයකින්ම ග්ලැසියරයේ හැසිරීම විමර්ශනය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි