×

ඉරිදා සිට ඇමරිකාවේ ටික්ටෝක් තහනම්!

ටික්ටෝක් චීන සමාගමකට අයත් යෙදවුමක් වන අතර ඒ හරහා චීනය එක්සත් ජනපදය තුළ ඔත්තු බැලීමට හෝ චීන හිතවාදී ප්‍රචාරණ කටයුතු දියත් කිරීම සදහා හෝ ටික් ටොක් භාවිතා කළ හැකි බවට ඇමරිකානු ආරක්ෂක අංශ සැකපළ කර ඇත.


සටහන: ආශිකා බ්‍රාහ්මණ
ජනවාරි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකාව තුළ ටික්ටෝක් සමාජ මාධ්‍ය භාවිතාව තවදුරටත් වළක්වාලමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී තිබේ.

ඒ අනුව එය හෙට (19) සිට ක්‍රියාත්මකයි.

ඇමරිකාව තුළ ටික්ටෝක් පරිශීලකයින් මිලියන 170ක් පමණ සිටින රට තුළ ඉතා ජනප්‍රිය සමාජ මාධ්‍ය මෙවලමක් මෙලෙස තහනමට ලක්ව ඇත්තේ එරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයකට අනුවය.

ටික්ටෝක් චීන සමාගමකට අයත් යෙදවුමක් වන අතර ඒ හරහා චීනය එක්සත් ජනපදය තුළ ඔත්තු බැලීමට හෝ චීන හිතවාදී ප්‍රචාරණ කටයුතු දියත් කිරීම සදහා හෝ ටික් ටොක් භාවිතා කළ හැකි බවට ඇමරිකානු ආරක්ෂක අංශ සැකපළ කර ඇත.

ඒ අනුව ටික්ටොක් යෙදවුම ඇමරිකානු ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීම හෝ එය ඇමරිකාව තුළ තහනම් වීමේ ඉරණම යන දෙනෙක් එකක් තෝරා ගැනීමට ටික් ටොක් මව් සමාගමට යෝජනා වී තිබේ.

ජෝ බයිඩන්ගේ පරිපාලනය විසින් ගනු ලැබූ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට එළඹෙන සඳුදා දින ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන ඩොනල්ඩ් ට්‍රම්ප් පාර්ශවයද එකඟතාව පළකර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි