×

99 වන උපන්දිනය සැමරූ ගවේෂණාත්මක මාධ්‍යවේදියා ”ටින් ටින්”

ටින් ටින් නිර්මාණය ගැන හොද මෙන්ම නරක පවසන්නොද සිටියහ. ඒ එහි තිබූ දේශපාලනික යටිඅර්ථයන් සමගිනි. ඇතැමුන් පැවසුවේ එය පූර්ව යටත්විජිත මෙන්ම වාර්ගවාදී නිර්මාණයක් බවයි.


සමස්ත ලෝකයම ව්‍යාජ මාධ්‍යකරණයක නියැලෙමින් සිටින සමයක බෙහෝමයක් මාධ්‍යවේදීන් මෙන්ම ළමා ලපටීන් සියල්ලකගේම වීරයා වූ ටින් ටින් ගැන නොඇසූ , ඔහුව නොදුටු අයෙක් ලංකාවේද නොමැත.

පසු ගිය 10 වන දා ටින් ටින් සිය 90 වන වසරට පා තැබුවේය. 1929 වසරේ ජනවාරි 10 වන දින මේ නිර්භීත ජාත්‍යන්තර මාධ්‍යවේදියා ටින් ටින් බිහි වන්නේ බ්‍රස්ල්ස් හී Le Petit Vingtieme පුවත් පත් අතිරේකයෙහි කාටූන් චරිතයක් ලෙසයි. බෙල්ජියමේ උපන් මේ අපූරු විරයාගේ නිර්මාණකරු වන්නේ බෙල්ජියමේ කලා චිත්‍ර ශිල්පියෙක් වූ හර්ජ් ය. නිල් කමිසයත්, රෝල් කල කලිසමත් තඹ පැහැ කූරු කොන්ඩයත් සංඛෙත වූ මේ මනංකල්පිත චරිතය ලෝකය පුරා සංචාරය කරන්නේ ඔහුගේ විශ්වාසවන්ත බලු පැටියා ස්නෝවි ද සමගිනි. ”ජනමාධ්‍යවේදියා යනු යහපත් දෑ කරන්නාය” ටින් ටින් ගේ වීර ක්‍රියා තුළ දුන් මූලිකම පණිවිඩය එයයි.

ටින් ටින් බිහි වන්නේ ලෝකයේ මාධ්‍යවේදීන් යනු සත්‍ය ගවේෂණය කරන්නාය, මිනිසුන්ගේ සතුරා නොව ඔවුන්ගේ මිතුරාය, යන විශ්වාසය මිනිසුන් තුළ තිබූ අවධියක වුවත් අද තත්ත්වයට හාත් පසින්ම වෙනස්වෙමින් පැවතුනද අදද ටින් ටින්ව එපා වන්නෙක් නම් නැත.

ලෝකය පුරා විවිධ භාෂාවලින් අලෙවි කළ ටින් ටින් පිටපත් සංඛ්‍යාව මිලියන 250කට අධික වෙයි.

ටින් ටින්ගේ සටන් විවිධ දූෂණ සහ සමාජ විරෝධී ක්‍රියාවලට එරෙහිවයි. මේ වන විට ලෝකය පුරා භාෂා 100කටත් වඩා වැඩි ප්‍රමාණයකින් පරිවර්ථනය වී ඇති ටින් ටින් ගේ වීර සවාරිය සුළු කොට තැකිය හැකි එකක් නොවේ.

1929දී කළ එළි දුටුවද 1930 දක්වාම ටින් ටින් කොමියුනිස්ට් විරෝධී ව්‍යාපාරයේ සංඛේතයක් බවට පත් වී තිබුණේ දේශපාලන මුහුණු වරක් ද සමගිනි. පුවත් පත් කාටූනයක් ලෙස මෙතෙක් පැවති ටින් ටින් 1930 වසරේදී Tintin in the Land of the Soviets නමින් පොතක් බවට පෙරළුනි.

ස්නෝවි හැරෙන්නට ටින් ටින්ගේ කැප්ටන් හැඩෝක් , ප්‍රොපෙසර් කැල්කියුලස්, තොම්සන් සහ තොම්ප්සන් (මුලින් ඔවුන් Dupont and Dupond නම් වූහ) චරිතද ටින් ටින්ගේ වීර චාරිකාවේ සහයකයන් විය.

ටින් ටින් නිර්මාණය ගැන හොද මෙන්ම නරක පවසන්නොද සිටියහ. ඒ එහි තිබූ දේශපාලනික යටිඅර්ථයන් සමගිනි. ඇතැමුන් පැවසුවේ එය පූර්ව යටත්විජිත මෙන්ම වාර්ගවාදී නිර්මාණයක් බවයි.

1930දී ටින් ටින්ගේ දෙවන වික්‍රමය සදහා ඔහු බෙල්ජියමේ කොන්ගෝවට යැවූ අතර ඒ ගැන විවේචන එල්ල වූයේ එහි තිබූ වර්ගවාදී සහ යටත්විජිත අදහස් හේතුවෙනි. මේ නිසාම බෙල්ජියම, ස්වීඩනය, එංගලන්තය, සහ ඇමරිකාව ආදි රටවල් ටින් ටින් ළමුන්ගේ භාවිතයට තහනම් කිරීමට උත්සහා කළේය.
මෙහි නිර්මාපකයා වන හර්ජ් බෙල්ජියමේ බ්‍රස්ල්ස් හී අධ්‍යාපනය ලබද්දී හමුවූ ජීන ජාතින චිත්‍රශිල්පියෙක් වූ සැන් චොන්ග්‍රන් විසින් සිය සංස්කෘතිය ගැන දැක්වූ විස්තරය ඔහුගේ නිර්මාණ වලට බෙහෙවින් උපකාරී විය.
1940 වසරේදී නාසීන් විසින් බෙල්ජියම යටත් කිර ගත්තේය. මෙතෙක් හර්ජ් රැකියාව කරමින් සිටි පුවත් පත තහනම් කළ අතර ඔහු වෙනත් පුවත් පතක සේවය ආරම්භ කළේය ඒ ජර්මන් ජාතිකයන් විසින් පවත්වාගෙන ගිය පුවත් Le Soir නම් පුවත් පතකි. ඒ නිසාම ඇතැමුන්ගේ මතය වූයේ හර්ජ් නාසීන් සමග එක්ව වැඩ කල බවයි. ඒ නිසාම 1944 වසරේ නාසීන්ගෙන් බෙල්ජියම නිදහස් වීමත් සමග හර්ජ් රැකියාව කල පුවත් පත වසා දැමුණු අතර ටින් ටින් සමග ඈදී තිබූ Tintin in the land of the Nazis හෙවත් නාසී දිවයිනේ ටින් ටින් යන්න ඉවත් කෙරිනි.

කාලය ගෙවී ගියේය ටින් ටින් පත්තර පිටු අතරින් වේදිකාවටද රූපවාහානී තිරයටද පැමිණියේය, මේ වන විට ටින් ටින් ඇසුරුන් නිමවී ඇති චිත්‍ර පට රැසකි. ටින් ටින්ගේ අයිති කරු හර්ජ් මිය යන්නට පෙර ඉන් චිත්‍ර පට පහක්ම නිපදවා තිබුණි. 1983 වසරේ හර්ජ් මිය ගිය අතර ඔහු තමන් මිය ගිය පසු සිය අවසන් පැතුම ලෙස සටහන් කර තිබුනේ කිසිම වෙනත් ශිල්පියෙක් .වදුරටත් ටින් ටින්ව ඇදිය යුතු නොවේ එබැවින් කුඩා මාධ්‍ය වේදීන් මෙවැනි වීර චාරිකා සැබෑ විය යුතු බවයි.

ටින් ටින්ගේ කථා 24ක් පුවත් පත් හා පොත් ලෙස ප්‍රකාශයට පත් වූ අතර නිර්මාණකරුගේ මරණින් පසු 1986දී අවසන් ප්‍රකාශනය නිකුත් විය. ඒ ටින් ටින් ට දශක දෙකක් අවසන් වූ පසුවයි.

නමුත් පුවත් පතින් එළියට ආ ටින් ටින්ගේ ගමන තවත් දිගු වූයේ අයිති කරුගේ මරණින් පසුවයි. 2011 වසරේදී ස්ටීවන් ස්පිල්බර්ග් සුප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂ වරයා 3D චිත්‍රපටයක් ලෙස The Secret of the Unicorn නමින් ටින් ටින් ගේ වීරක්‍රියාවක් චිත්‍රපටයට නැගුවේය. එමෙන්ම ටින් ටින්ගේ 90 වන උඵන්දිනයත් සමග ලොකප්‍රසිද්ධ තවත් හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන පීටර් ජැක්සන්ද නවතම චිත්‍රපටයක් නිර්මාණයක කිරීමට පියවර ගනිමින් සිටී,
මේ මෙහොතේද
විට රූපවාහිනී කාටුනයක් ලෙසද ,චිත්‍රපටයක් ලෙසද , පොතක් වශයෙන්ද මේ සියලුම මාධ්‍යයන් අතරේ ටින් ටින් සැරි සරමින් සිටී. ඔහුට දැන් වයස අවුරුදු 99කි . නමුත් අද හෝ හෙට හෝ තවත් වසර ගණනාවක් යන තුරුත් ඔහුගේ වීර චාරිකාව අවසන් නොවනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි