×

Titanic හි ‘ජැක්’ නිරූපණ ලොවේ රූමතියට වසඟ වෙලා ද?!

ලියනාඩෝ-ජිජී පෙම් පලහිලව්ව ඇත්තක් වේද? නැති ද?


සුරූපිනියක වසඟයට ගත් ටයිටැනික් නැවේ කොලු ගැටයා ලෙස ඔබ අප කවුරුත් හඳුනන ‘ජැක්’ නමින් ලියනාඩෝ ඩිකැප්‍රියෝ( Leonardo DiCaprio) ය. 1974 වර්ෂයේ නොවැම්බර් 11 වන දින උපත ලද ඔහු මේ වන විට 47 වන වියෙහි පසු වේ. මොහු නිර්මාණ රැසකට දායක වූ රෝමාන්තික පෙම්වතෙකි.

ඔහු සිනමාව තුළ පමණක් නොව ඇත්ත ජීවිතයේදී ද සෙල්ලක්කාරයෙකි. ඔහුගේ පෞද්ගලික ජීවිතයෙහි ආදරය කිරීමට මෙන්ම ඔවුනොවුන් සමඟ දින ගත කිරීමට තෝරා ගනු ලබන්නේ ඔහුට වඩා ලාබාල තරුණියන් වීම විශේෂත්වයක් ගනී. ඔහු අවුරුදු 25 හෝ ඊට අඩු තරුණියන් සමඟ පමණක් පෙම් සබඳතා පවත්වන බව නොරහසකි. Camila Morrone ඔහුගේ අවසන් පෙම්වතියයි. ඇය ද 25 වන වියෙහි පසුවන්නියකි.

නමුත් ඔහුගේ රසය වෙනස් වී දෝ යන පැනය මෑතකදී ඇති වූ ආන්දෝලනාත්මක ගොසිප් එකකි.

එයට හේතුව ඔහු අවුරුදු 27ක් වයසැති ජීජී හඩිඩ් (Gigi Hadid) ට කැමැත්තක් දක්වන බවක් මාධ්‍ය පුරා උඩු දුවමින් යන නිසා ය.

කවුද මේ; ජීජී හඩිඩ් (Gigi Hadid) ?!

ඇමරිකානු නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙන මැය ඉතා මනා රූ සපුවක් ඇති සුපිරි ගණයේ නිරූපණ ශිල්පිනියකි. ඇය Zayan malik ගේ බිරිඳව සිට මෑතකදී ඔවුහු දික්කසාද වීමට තීරණය කළහ. ඔවුන්ට දාව Khai නම් සිඟිත්තියක් ද සිටී. මැය ඇමරිකාවෙහි නම ගිය පවුලක දියණියකි.

කෙසේ වෙතත් ජීජී ගේ වැඩි කැමැත්තක් ලියනාඩෝ කෙරෙහි නැති බවක් පෙනේ. සැප්තැම්බර් 01 දින පැවති නිව්යෝර්ක් විලාසිතා සතිය( New York Fashion Week) අවසානයේ පැවැත්වූ සාදයේදී ලබාගත් ඡායාරූප කිහිපයක් මාධ්‍ය තුල සැරිසැරීමත් සමඟ ඔවුන් අතර සමීප සබඳතාවක් ඇති බව මත පල විය.

මෙහි දී එකිනෙකා දැන හඳුනා ගන්නා බවත් තවම නිල වශයෙන් ඔවුන් දින ගත කරන්නේ නැති බවත් පැහැදිලි ය. ඇය ඔහු කෙරෙහි මිත්‍රයෙකුට එහා ගිය ලෙස නොසලකන බවක් පෙනී යන අතර ඔවුනොවුන් එකිනෙකාට ප්‍රිය කරන බවක් දකින්න ලැබේ.නමුත් බොහෝ දෙනා බලා සිටින්නේ ලියනාඩෝ-ජිජී පෙම් පලහිලව්ව ඇත්තක් වන තෙක් බව නොඅනුමාන ය.

ඉතින් අපි බලමු; ලියනාඩෝ-ජිජී පෙම් පලහිලව්ව ඇත්තක් වේද? නැති ද? යන්න.

Nipuni Liyanage



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි