×

දකුණු කොරියානු වෙළඳ ගැටුමෙන් ජපානය පසුබසී

ජපාන රජය දකුණු කොරියාව වෙත පසුගිය ජූලි මස පැනවූ අපනයන සම්බාධක ඉවත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.


ජපාන රජය දකුණු කොරියාව වෙත පසුගිය ජූලි මස පැනවූ අපනයන සම්බාධක ඉවත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, දකුණු කොරියාවේ නිශ්පාදනය වන ඉලෙක්ට්‍රොනික සෙමිකන්ඩක්ටර් උපාංග වර්ගයකට අත්‍යාවශ්‍ය රසායනික සංයෝගයක් අපනයනය කිරීමට ජපාන රජය තීරණය කොට ඇත.

මෙය ටෝකියෝව ජූලි 04 වන දා සිට උපායමාර්ගික ද්‍රව්‍ය තුනක් සඳහා අපනයන තහනම දැඩි කිරීමෙන් පසු ලබා දුන් පළමු අනුමැතිය බව වාර්තා වේ.

ජපානය ජූලි මස අපනයන සම්බාධක පැනවීම දකුණු කොරියාව ඇතුළු රටවල් තුළ ඉලෙක්ට්‍රොනික උපාංග නිශ්පාදන දාමය කෙරේ දැඩි බලපෑමක් ඇති කළ අතර, එය දකුණු කොරියාව හා ජපානය 1965 වර්ෂයේ ඇතිකරගත් රාජතාන්ත්‍රික සබඳතා තුළ සිදුවූ අවාසනාවන්තම ආපාදාව බවට වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි