×

තරු වැස්සක් බිහි කිරීමෙන් පසු ඔලිම්පික් ගිනි සිළුව නිවී යයි

2020 තෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිළුව නිවා දමමින් සමාප්තිය සටහන් විය.


කෝවිඩ් වසංගතය මැද කිහිප වරක් කල් දමමින් අවසානයේ පැවැත්වූ මිහිපිට ලොකුම ක්‍රීඩා උත්සවය ආරම්භ වූයේ මෙන්ම අවසාන වූයේ ද විරෝධතා මැද ය.

විරෝධතාකරුවන් 30 දෙනෙකු පමණ පිරිසක් සමාප්ති උත්සවයට පෙර ජාතික ක්‍රීඩාංගනය වෙතකඩාවැදීමට උත්සාහ කළහ.

ස්කා බෑන්ඩ්ස්, බ්‍රේක් ඩාන්සර්ස් යනාදී පිරිස්වලින් සමාප්ති උත්සවය හැඩ ගන්වා තිබුණේ, රූපවාහිනී කැමරාවලට හසු කර ගැනීමට පහසු ලෙස ය. මළල ක්‍රීඩකයන් ජපන් ජනතාව වෙත ස්තූතිය පළ කරන ආකාරය ද එහිදී දැක්විණි.

ඉතිහාසයේ වැඩිපුරම රත් වූ ඔලිම්පික් උළෙල

අවසන් දිනයේ තෝකියෝවෙන් සටහන් වූයේ ඔලිම්පික් උළෙලෙකදී වාර්තා වූ ඉහළම උෂ්ණත්වයයි. එය සෙන්ටිග්‍රේඩ් අංශක 35 කි.

අනපේක්ෂිත – තරු වැස්සක්

වසරකින් කල් දමා මෙම ඔලිම්පික් උළෙල අවසානයේ පැවැත්වූයේ, ජපන් අධිරාජ්‍ය නරුහිතෝ පවා එය පැවැත්වීම ගැන සිය කණස්ල්ල පළ කර තිබූ තත්වයක් තුළ ය. ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාගාර වෙත පැමිණීම තහනම් කිරීම මගින්, 1964 වසරෙන් පසු ගිම්හාන ඔලිම්පික් උළෙලක් සජීවී ව දැකබලාගැනීමේ අවස්ථාව ජපන් ජාතිකයන්ට අහිමි විය.

නමුත් එය තරු වැස්සක් බිහි කළ උළෙලක් විය.

ඇමරිකානු පිහිනුම් ශූර කේලෙබ් ඩ්‍රෙෙසල් රන් පදක්කම් 5 ක් දිනාගත්තේය. ජැමෙයිකාවේ එලයින් තොම්සන් රන් 3 ක් තමන් සතු කර ගත්තේය. ජිම්නාස්ටික් ශූරිය දයිකි හෂිමොතෝ රන් දෙකක් ජපානයට ගෙන දුන්නාය.

අනපේක්ෂිත නිමේෂයන් රැසක් මෙම උළෙලේදී උදා විය.

ඉතාලියේ හියාන්මාර්කෝ තැම්බෙරි සහ කටාර් හි මුටාස් බාෂිම්, අවසන් තරගයේදී තරග වැදීම වෙනුවට රන් පදක්කම දෙකට බෙදාගැනීමට ඉටා ගත්හ. එය මිත්‍රත්වයේ සහ සහෝදරත්වයේ නිමේෂයක් විය.

නෝර්වීජියානු ජාතික මිලර්, බල්ගේරියානු ප්‍රතිවාදිනිය ක්ලයිරා මිෂෙල් තුන් ඉරියව් මළල ක්‍රීඩා තරගයේ අවසන් තැනට පැමිණීමෙන් පසුව ඇය ළඟට ගොස් ඇයව සැනසුවාය.

රන් පදක්කම් නියත වශයෙන්ම දිනාගනිතැයි සිතූ ජිම්නාස්ටික් ශූරිය බයිල්ස්, ඒ වෙනුවට මානසික සෞඛ්‍ය යේ වැදගත්කම ඉස්මතු කරමින් ලෝකයටම සිතන්නට දෙයක් ඉතිරි කරමින් තරගවලින් ඉවත් වූවාය.

මීළඟ ඔලිම්පික් උළෙලට දින 180 යි!

2020 ගිම්හාන ඔලිම්පික් උළෙල මෙසේ සමාප්ත වෙද්දී තවත් දින 180 කින් 2020 ශීත ඔලිම්පික් උළෙල ආරම්භ වේ. ඒ, චීනයේදී 2022 පෙබරවාරි 4 වැනිදා ය.

මේ අතර මීළඟ ගිම්හාන ඔලිම්පික් උළෙල තවත් හරියටම වසර 3 කින් පැවැත්වේ. වසර 4, 3 ක් දක්වා අඩු වූයේ මෙවර උළෙල වසරක් ප්‍රමාද වී පැවැත්වුණු නිසා ය. මීළඟ ගිම්හාන ඔලිම්පික් උළෙලේ සත්කාරක රට ප්‍රංශයයි. පැරිසිය හෙවත් ආලෝකයේ නගරය තුළ මීළඟ ඔලිම්පික් පන්දම දැල්වෙනු ඇත. 2028 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් වෙත ද, 2032 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වෙත ද දැනටමත් පිරිනමා හමාර ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි