×

පෝටෝ රිකෝ රාජ්‍යයේ පළමු ඔලිම්පික් මළල ක්‍රීඩා රන් පදක්කම මෙවර

පෝටෝ රිකෝ රාජ්‍යය ඊයේ දිනයේ 2020 තෝකියෝ ඔලිම්පික් උළෙලේ පළමු ඔලිම්පික් රන් පදක්කම දිනා ගත්තේය.


ඒ, මීටර 100 කාන්තා කඩුළු පැන දිවීමේ ඉසව්ව නියෝජනය කළ ජැස්මින් කැමකෝ-ක්වින් විසිනි.

ඇමරිකානු දේශභූමියකින් ඔලිම්පික් පදක්කමක් දිනාගත් දෙවැනි ක්‍රීඩිකාව බවට ද ඇය පත් වේ. නමුත් ජවන හා පිටිය මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනාගත් පළමු පෝටෝ රිකෝ ජාතිකයා බවට පත්වන්නේ ඇය ය.

මීට පෙර 2016 වසරේදි මොනිකා පයුග් විසින් කාන්තා ඒකල ටෙනිස් ඉසව්වේදී රන් පදක්කමක් දිනා තිබෙන්නේ පෝටෝ රිකෝවේ පළමු ඔලිම්පික් රන් පදක්කම ලබාගනිමිනි.

කැරිබියානු දූපතක් වන පෝටෝ රිකෝ රාජ්‍යය ඇමරිකානු දේශභූමිය යටතේ පවතියි.

24 හැවිරිදි ජැස්මින් කැමකෝ-ක්වීන් මළල ක්‍රීඩිකාව මීටර 100 කඩුළු පැන දිවීම සඳහා විශේෂඥතාවයක් ඉසුළුවද ඇය එයට අමතරව දිවීම සහ දුර පැනීම සම්බන්ධව ද ශූරියකි.

ඇය ඇමරිකාවේ කෙන්ටකි සරසවියෙන් අධ්‍යාපනය ලැබූ අයෙකි. ඇගේ මව පෝටෝ රිකෝ ජාතිකයෙක් වන හෙයින්, මෙවර ඔලිම්පික් උළෙලේදී ඇය නියෝජනය කරන්නට තෝරාගෙන තිබුණේ පෝටෝ රිකෝ රාජ්‍යයයි. ඇමරිකාවේදී ඇය හඳුන්වා දෙන්නේ ‘ලෝ කන්ට්‍රි නේටිව්‘ හෙවත් ‘පහත රට ස්වදේශිකයෙක්‘ ලෙස ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි