×

තක්කාලි 150,000ක් කැලිෆෝනියාහි අධිවේගයේ

මෙලෙස තක්කාලි 150,000කට අධික ප්‍රමාණයක් මාර්ගය පුරා විසිරී ඇති බව ටයිහර්ස්ට් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.


අධිවේගී මාර්ගයක් පුරා විසිරී ඇති තක්කාලි සමූහයක සිත් ඇදගන්නා ඡායාරූප පෙළක් අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් පවතියි. මෙය සිදුවී ඇත්තේ කැලිෆෝනියාවේය. ට්‍රක් රථ අනතුරකින් Vacaville Bay Area නගරය අසල අධිවේගී මාර්ගයේ බටහිර මංතීරුවේ මෙලෙස තක්කාලි 150,000කට අධික ප්‍රමාණයක් මාර්ගය පුරා විසිරී ඇති බව ටයිහර්ස්ට් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.


මේ වන විට මාර්ගය තක්කාලි යුෂ හා වාහන තෙල් එකතු වී ලිස්සන සුළුවී ඇති බැවින් බැවින් වාහන හතරක් අනතුරට ලක්ව ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර තිබේ. ඉන් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව වාරථා වේ.


කැලිෆෝනියාවේ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තා කර තිබුණේ කාර්ය මණ්ඩලය වීදි අතුගාන යන්ත්‍ර භාවිතා කර පැය හයක පමණ කාලයක් පුරා මාර්ගය පිරිසිදු කළ බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි