×

ටෝනි මොරිසන්, පසුගියදා සමුගත් ලෝකප්‍රකට ගත් කතුවරිය

අපි මිය යමු.. ඇතැම් විට එය අපගේ ජීවිතයේ අර්ථය විය හැකියි. නමුත් අපි එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගන්නෙමු. එය ඇතැම් විට අපගේ ජීවිත වල මානය විය හැකිය.


ටෝනී මොරිසන් යන නම ඇසූ පමණින් මතකයට නැගෙන ඉංග්‍රීසි බසින් ලියැවුණ නවකථා රැසකි. 1993 වසරේ සාහිත්‍ය සදහා වන නොබෙල් සම්මානයට උරුමකම් කී ඇමරිකානු ලේඛිකාවක වන ටෝනී පසු ගිය සදුදා (5) සිය ජීවිතයට සමුදුන්නාය. මිය යන විට ඇයට වයස අවඅරුදු 88ක් වූවාය.

අපි මිය යමු.. ඇතැම් විට එය අපගේ ජීවිතයේ අර්ථය විය හැකියි. නමුත් අපි එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගන්නෙමු. එය ඇතැම් විට අපගේ ජීවිත වල මානය විය හැකිය.

ඒ ජීවිතය සහ මරණය ගැන ඇගේම වචනය. ඉංගීසි සාහාත්‍යයට නව කථා 11ක් එක් කළ ඇය සිය ප්‍රථම නවකථාව ලියා එළි දැක්වූයේ 1970 වසරේදීය. The Bluest Eye ඇගේ ප්‍රථම කෘතිය විය. 1987 වසරේදී ඇගේ Beloved නවකථාව චිත්‍රපටයට නගන ල අතර එය ඔප්රා වින්ෆ්‍රේ විසින් රංගනයෙන් දායක වූ ප්‍රථම චිත්‍රපටය විය.

The Bluest Eye, 1970
Sula, 1973
Song of Solomon, 1977
Tar Baby, 1981
Beloved, 1987
Jazz, 1992
Paradise, 1997
Love, 2003
A Mercy, 2008
Home, 2012
God Help the Child, 2015
ග්‍රන්ථ ඈ විසින් රචිත අනෙකුත් ග්‍රන්ථ වන්නේය. නොබෙල් ත්‍යාගය සදහා ඇයව නම් කිරීමත් සමග Swedish Academy ඇය පිළිබදව විස්තර කරන්නේ මෙසේය ”දුරදක්නා දැක්මකින් යුත් සහ කාව්‍යමය වැදගත් කමකින් යුත් චරිත වලින් පණ පෙවුණ රචනාවන් සිදු කරන් ඈ ඇමරිකානු ජීවිතවල යථාර්ථය විදහා පානු ලබයි”
1996 වසරේදී ටෝනි මොරිස් ජාතික ග්‍රන්ථ පදනමේ සම්මානයට පාත්‍ර වූවාය ඒ ඇමරිකානු සාහිත්‍ය්‍යට කළ අප්‍රමාණ සේවය හේතුවෙනි.
2012 වසරේදී ජනපති බැරැක් ඔබාමා ඇයට නිදහස සදහා වන සම්මානය පිරිනමන ලදී. මොරිසන් යනු ජනපති බැරැක් ඔබාමා විසින් නිතර සදහන් කළ නිතර අගය කළ කතුවරියක වූවාය. ඔබාමා ඇයව හැදින්වූයේ ජාතික සම්පතක් ලෙසිනි. 1967 සිට 1983 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ Random House හී සංස්කාරකවරිය ලෙස කටයුතු ඇය එම තනතුර හෙබවූ ප්‍රථම අපිකානු ඇමරිකානු සංස්කාරකවරිය වූවාය.


ඇය ප්‍රිස්ටන් විශ්ව විද්‍යාලයේ ගුරුවරියක වූවාය. සිය සියළු නවකථා තුළ ඈ විසින් පණ පෙවූ චරිත සියල්ලක්ම කියා පෑවේ ඇමරිකානු ජීවිත පමණක් නොව සමස්ථ මනුෂ්‍ය සංහතියේම එක් එක් චරිත විසින් උසුලනු ලැබූ යථාර්ථයයි. ඇමරිකා තුළ විශේෂයෙන්ම සමාජ පරතය පිළිබදව ඇයගේ දැක්ම ඉතා තියුණු එකකි. ඈ පිළිබදව සිහිපත් කරන ප්‍රින්ස්ටන් සරසවියෙහි මහාචාර්ය නොලී වෞ රූක්ස් පවසන්නේ ” ටෝනි මොරිසන් මෙන් සත්‍ය  පවසන්නියක හෝ අසුන්දරත්වය පෙන්වා දෙන මෙන්ම ආශ්චර්යද සුන්දරත්වයද පෙන්වා දෙන තවත් අයෙකු නැති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි