×

එවරස්ට් කන්දෙන් ටොන් ගණනින් කසළ ඉවත් කෙරේ, මළසිරුරුද ඒ අතර

14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සදහා එක්ව සිටි අතර ඔවුන් ගේ අරමුණ වී ඇත්තේ දින 45ක් තුළ මෙට්‍රික් ටොන් 10ක කසළ ප්‍රමාණයක් ඉවත් කිරීමය.


එවරස්ට් කන්ද එහි සංචාරය කරන්නන් විසින් දමා ගිය කුණු කසල වලින් පිරී තිබුණි. දශක ගණනාවක් තිස්සේ ලෝකයේ උසම කන්ද තරණයට එන පිරිස නිසා විශාල කුණු කන්දක් බවට පත්වෙමින් තිබූ එවරස්ට් කන්ද පිරිසිදු කිරීම ආරම්භ පසුගියදා විය විවිධ අයුරේ කැලි කසළ, අප දුව්‍ය, පැමිණි පිරිසට අමතකව ගිය දෑ, විවිධ හේතු මත අත්හැර ගිය දෑ පමණක් නොව මළ සිරුරුද පිරිසිදු කරන අතර හමු වූ බව ඒ සදහා ඉදිරිපත් වූ තණ්ඩායම පවසයි.

ස්වේච්ඡා වෙන් ඉදිරිපත් වූ මෙම කණ්ඩායම විසින් සති දෙකක් තුළ ගොඩ ගසන ලද තැන තැන විසිරුණු අපද්‍රව්‍ය සහ කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් තුනකි.

14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සදහා එක්ව සිටි අතර ඔවුන් ගේ අරමුණ වී ඇත්තේ දින 45ක් තුළ මෙට්‍රික් ටොන් 10ක කසළ ප්‍රමාණයක් ඉවත් කිරීමය.

මෙසේ ඉවත් කළ කුසල අතර වැඩි ප්‍රමාණයක් ඇත්තේ හිස් කෑන් සහ බෝතල්, ප්ලාස්ටික් ආවරණ, ඉවත දමන ලද කදු නැගීමට යොදා ගන්නා උපකරණ සහ ආධාරක ආදියයි. මේ අතර මළසිරුරු 4ක්ද හමුවී ඇත.
නේපාලයේ සංචාරන දෙපාර්තුමේන්තුව විසින් මේ සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන අතර කන්ද මුදුනට යමින් සිටින පිරිසිදු කරන්නන් කණ්ඩායමට ආහාර ජලය සහ අනෙකුත් පහසුකම් ඔවුන් සපයමින් සිටී,
කාලයක් තිස්සේ නේපාල රජය මෙන්ම එවරස්ට් ආශ්‍රිත ජනතාවද එවරස්ට් කන්ද ආශ්‍රිත කසල ඉවත් කිරීමට විවිධ උත්සහයන් දරා තිබේ.
ඒ අතර නේපාල රජය විසින් එවරස්ට් තරණය කර නැවත පැමිණෙන්නන් කිලෝගෑම් 8ක කසල සහිත බෑගයන් කන්ද මුදුණේ සිට රැගෙන එන ලෙස තැන්පතුවක් තබා ගැනීම සිදු කර ඇත. මේ අතර චීනය ක්ද තරණය නොකරන්නන් සදහා ඒ අවට ගැවසීම තහනම් කර ඇත.

මේ කෙසේ වෙතත් දේශෙගුණික විපර්යාසයන්ගේ බලපෑමද මේ වන විට එවරස්ට් කන්දටද මුහුණ දෙන්නට සිදුව ඇත එහි අහිතකර ප්‍රථිපලයක් ලෙස ඝන හිම තට්ටු දිය වීම හේතුවෙන් මීට ඉහතදී මිය ගිය පුද්ගලයන්ගේ හිම මත සැගව තිබූණු මළසිරුරු නැවත ඉස්මතු වීම දැක ගත හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි