×

දරුවන් බිහි කිරීම සඳහා දෙමවුපියන්ට මුදල් ගෙවන නගරයක්

නගී පවුලක් සඳහා සිය පවුල විසින් බිහි කරන ප්‍රථම දරුවා සඳහා යෙන් 100000 එනම් ඩෝලර් 879ක් හිමි විය.


ජපානයේ නගී.. මීට වසර 10කට පමණ පෙරනම් එය නිදි මර කෘෂිකාර්මික පළාතකි. ජපානයේ අනෙකුත් ග්‍රාමීය පුදේශ මෙන්ම නන්ගී වැසියන්ද බෙහෝමයක් එය හැර යෝකියෝ හෝ නගෝයා ආදී නාගරික පෙදෙස් වලට පදිංචියට ගෝස් ඇත්තේ එහි දුක්බර කාර්ය බහුල මෙන්ම ජනාකීරණ වූ ජීවිතයද නොතකාය.

ජපානය ජනගහනය වර්ධනය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින රටක් නිසාම ජනගහණය වර්ධනය කිරීමට විවිධ උපක්‍රම භාවිත කිරීමට අද ජපානයට සිදුව ඇත. නමුත් දකුණු ජපානයේ පිහිටි
නගී ජපානය විසින් ජනගහණය වර්ධනය සඳහා සිදු කළ උපක්‍රම අති සාර්ථක ලෙස සමත් වූ නගරයක් ලෙස අද වන විට ප්‍රචලිත වන්නට පටන් ගෙන තිබේ.
නගෝයා ලෝකයෙන් බෙහෝ දුරස් නගරයක් වූ නගී හී ජනගහණය 6000ක් පමණ විය. එහි මෙම සීමිත ජනතාව ජීවත් වුයේද මංමාවත් පවතින සීමිත ප්‍රදේශ තුළ පමණි. නගරයේ ඇතුළට වන්නට එය ඉතා පාලු ප්‍රදේශයක් විය.

නමුත් ක්‍රමයෙන් නගී ජනගහනය ඉහළ යෑම ආරම්භ විය

ඒ නගී හී දෙමවුපියන් ට අලුතින් ඉපැදෙන දරුවෙක් සඳහා නන්ගීහී පාලනය විසින් මුදල් ලබා දීමට තීරණය කිරීමත් සමගයි. නගී  පවුලක් සඳහා සිය පවුල විසින් බිහි කරන ප්‍රථම දරුවා සඳහා යෙන් 100000 එනම් ඩෝලර් 879ක් හිමි විය. දෙවන දරුවා සඳහා රජයෙන් ලබා දෙන මුදල ඊට වැඩිය. දෙවන දරුවා සඳහා යෙන් 150000ක් ලබා දුන්නේය එනම් ඩොලර් 1335කි. එමෙන්ම ඉන් පසුව ඉපැදෙන සෑම දරුවෙක් සඳහාම රජය විසින් යෙන් 400000 බැගින් ලබා දීම සිදු කරනු ලබන්නේය.

නගී  පාලකයන් විසින් දරුවන් බිහිකිරීම වෙනුවෙන් මෙසේ මුදල් ලබා දීම ආරම්භ කරන ලද්දේ 2004 වසරේ සිටයි.
මුදල් පමණක් නොව දරුවන් බිහි කිරීම සඳහා උනන්දු වන දෙමවු පියන් වෙත නිවාස, සෞඛ්‍ය පහසුකම්, පාසැල් ගාස්තු පමණක් නොව දරුවන්ගේ පෙර පාසැල් ගාස්තු අඩු කිරීමටද
නගී රජය කටයුතු කලේය.

ඔවුන්ගේ එම වෑයම සාර්ථක විය. මේ නිසාම නන්ගී හී දෙමවුපියන් සඳහා ජපානයේ අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව දරුවන් කිහිප දෙනෙක් සිටී.

ඒ අනුව 2005 වසරේ සිට 2014 වසර දක්වා නගී හී සාඵල්‍යතා අනුපාතය 1.4 සිට ඉන් දෙගුණයක් දක්වා එනම් 2.8 දක්වා ඉහළ ගොස් තිබේ. එතැන් පටන් එය අද වන තෙක් 2.39 දක්වා ඉළ ගොස් තිබේ. ජපානයේ සාමාන්‍ය ජාතික සාඵල්‍යතා අනුපාතය 1.49කි .
1990 වසරේ සිට ජපානය විසින් වැඩි වැඩි වැඩියෙන් දරුවන් බිහි කිරීම වෙනුවෙන් දෙමා පියන් වෙත දිමනා ලබා දීම ආරම්භ කරන ලදී . ඒමෙන්ම පොදු පහසුකම් වැඩි දියුණ කළ අතර ඒවා සඳහා ගාස්තුද අවම කෙරිණි. ඒත් සමග පසුගිය වසරේ වසර 10කට පසු ප්‍රථම වතාවට දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත ඇතුල් කරන ළමුන් සංඛ්‍යාව 20000කින් වැඩි වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි