ඇන්ඩි විසි දෙහැවිරිදි ය. ඔහු ශැංහයිහි කුලී නිවසක තවත් අයෙක් සමග වෙසෙන අතර ඔහු සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකි.
සෑම මසකට වරක්, ඔහුට තායිලන්තයෙන් පාර්සලයක් ලැබේ. මේ චීනයේ අනුමැතිය නොමැති පුරුෂ හෝමෝන ය.
“චීනයේ මේවා ගන්න විදිය හැංගිලා තියෙන්නේ.” ඔහු ස්කයි නිව්ස් වෙත කියයි.
අනුමැතියක් නොමැති ඖෂධ මිල දී ගැනීම සහ භාවිත කිරීම අතිශයින් ම අනතුරුදායක ය. වගකීමකින් තොර ඔසු වෙළෙන්දන්ට මේවා සත්ත්ව හෝර්මෝනවලට වෙනස් කිරීමට පිළිවන.
සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් වකුගඩු ආබාධ මෙන් ම අංශභාගයෙන් පීඩා විඳ ඇත්තෝ ය.
ඇන්ඩි ඔහු ගේ වෙළෙන්දා විශ්වාස කරන අතර වඩාත් අනතුරුදායක යැයි සැලැකෙන ප්රතිකාරවලින් වැළැකී සිටියි. ඔහු වේදනාවෙන් විරිත්තා ගනිමින් සිය ඇණවුම එන්නත් කර ගනියි.
“යෝග්‍යතාව සඳහා ගන්න ටෙස්ටොස්ටෙරෝනුත් තියෙනවා. ඒත් ඒක ඇත්ත ද බොරු ද කියලා විශ්වාස නැහැ. මගේ ගොඩක් සහෝදරයෝ (සංක්‍රාන්ති සමාජභාවීය පිරිමි) මේවා මිලදී ගන්නවා, එයාලාට මොකක් ම හරි ගන්න ඕන නිසා. ඒත් මං එහෙම නැහැ – මං මැරෙන්න බයයි.”
චීනයේ බොහෝ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් ‘අළු‘ කඩවලට (grey market) – එනම් භාණ්ඩ විකුණන්නට නීත්‍යානුකූල අනුමැතිය නොලද වෙළඳසැල්වලට – යන්නේ නිලලත් විධි හරහා යෑම කරදරකාරී, වියදම්කාරී සහ නින්දාව ගෙන එන නිසා ය. චීනයේදී සංක්‍රාන්ති සමාජභාවීය වීම තවමත් සැලකෙන්නේ මානසික රෝගයක් ලෙස ය. තවද වෛද්‍යවරයකු ගෙන් ලබා ගත් රෝග නිර්ණයක් ඒ සඳහා තවමත් අවශ්‍ය වේ.
“රෝහල් ඔබට “සංක්‍රාන්තිලිංගික” සහතිකයක් ලබා ගන්නට කියනවා. ඔවුන් තවමත් සිතන්නේ එය අසනීපයක් කියායි” ඒ ඇන්ඩිගේ අදහසයි.
ඖෂධ නීත්‍යානුකූල ලෙස නියම කිරීමට නම් ‘රෝග විනිශ්චයක්‘ අවශ්‍ය ය.
නිල රෝග විනිශ්චයක් ලබාගැනීම දුෂ්කර වුවද එසේ ලබාගෙන නිල ක්‍රම මගින් හෝමෝන ප්‍රතිකාර ලබන්නෝද චීනයේ වෙති
“ඇත්ත වශයෙන් ම, මෙය රෝහල් සම්බන්ධ ප්‍රශ්නයක් ම නොවෙයි. සමාජ අවබෝධය සම්බන්ධ ප්‍රශ්නයක්. අපේ ප්‍රජාව සැඟවිලා ඉන්නේ, කාටවත් අපව දකින්න බැහැ. කාටවත් පෙනෙන්නේ නැති නම් රජය ඒ ගැන තකන්නේ නැහැ.”
නිල රෝග නිර්ණයක් ලබා ගැනීමේ කරදරකාරීබව පසෙකලා ඇතැමුන් එම මාර්ග ඔස්සේ ද යති.
තම පවුලේ රහස්‍යභාවය සුරකින්නට C නමින් පෙනී සිටින C මහතා බීජිංහි ජීවත් වන සංක්‍රාන්ති සමාජභාවීය ක්රියාකාරිකයෙකි. 2017 දී ඔහු ඓතිහාසික නඩුවක් ජයග්‍රහණය කළේ ඔහු ගේ සේවා යෝජකයා ඔහු ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාව (gender identity) දැන ඔහුව සේවයෙන් පහ කිරීම නිසා ය.
ට්‍රාන්ස් ක්‍රියාකාරිකයෙකු වන C, සිය පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන් සම්පූර්ණ නම භාවිතා නොකරයි
අගනුවර වයඹදිග රෝහලක සිට ඔහු ස්කයි නිව්ස් වෙත කතා කළේ ය.
“මම මේ ක්‍රියාදාමය ඔස්සේ යන්නට ප්‍රධාන ම හේතුව මට නිල රෝග නිර්ණයක් ලබා දෙන්නට වෛද්‍යවරයකු සොයා ගැනීම යි,” ඔහු කියයි. “මම රෝග නිර්ණයක් නැතිව බෙහෙත් රැගෙන මොනාහරි සිදු වුවහොත්, මගේ රක්ෂණය එය ආවරණය කරන්නේ නෑ.”
සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් සහ ඔවුන් ගේ අයිතීන් වටහා ගැනීම ආශ්රිත ව තිබී ඇත්තේ දිගුකාලීන අරගලයකි.
“ඉස්කෝලෙ දි මට පහත් කොට සැලැකුණා. අනෙක් අය මාට ගහලා, මාව පඩිපෙළවල්වලින් තල්ලු කළා.”
“මගේ දෙමව්පියන් මට ඉතා ම කරුණාවන්තයි. ඒත් මගේ පවුලේ සමහර නෑදෑයෝ මම මුළු පවුලට ම අපකීර්තියක් කියා කියනවා.”
චීනයේ LGBT ක්‍රියාකාරිත්වයට ඇත්තේ කුඩා සහ මර්දනකාරී ඉඩකි. දැඩි නීතිරීති යටතේ සියලු ආකාරවල රාජ්‍ය නොවන සංවිධාන මැඩ පවත්වා තිබේ. මේ වසන්තයේ කිසිදු හේතුවකින් තොරව ‘ෂැංහයි අභිමානය’ (Shanghai Pride Festival) අවලංගු කර දැමිණ.
C මහතා සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන්ට විවෘතව කතා කරන ලෙස, තමා සම්බන්ධයෙන් විවෘත වන ලෙස ද ඉල්ලා සිටියි.
“ඔබට යමක් අවශ්‍ය නම්, ඔබ ඒ වෙනුවෙන් කතා කළ යුතු යි. අනෙක් අයට ඔබ වෙනුවෙන් කතා කරන්නට කියන්නට එපා,”
ඔහු කියයි..
අනුමත නොකළ ට්‍රාන්ස්ජෙන්ඩර් ඔසු මිලදී ගැනීම සහ භාවිතා කිරීම අනතුරුදායක ය.
හොංවෙයි බාඕ යනු ‘Queer Comrades. Gay Identity and Tongzhi Activism in Postsocialist China’ යන කෘතියේ කතුවරයා මෙන් ම නොටිංහැම් සරසවියේ සහය මහාචාර්යවරයෙකි.
“මා කතා කරන බොහෝ කුයර (අතික්‍රාන්ත) (queer) ක්‍රියාකාරිකයින් සහ පුද්ගලයන් ඔවුන්ට චීනයේ පවතින්නේ හැකිළෙන ඉඩක් බව සිතනවා” ඔහු කියයි.
එහෙත් වෙනසකට තවමත් ඉඩකඩ පවතින බව ඔහු කියයි. “ඇන්ඩි සහ අනෙක් අය, ඔවුන් අයිතීන් සහ සමානාත්මතාව වෙනුවෙන් ඔවුන් ගේ සටන අතහරින්න ලෑස්ති නැහැ. මේවා ධනාත්මක පණිවුඩයි.”
“ඒ වගේ ම සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන් ගේ රැකියා සම්බන්ධ නඩු තීන්දුව තමා ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් ට පවත්නා නීතිය උපයෝගි කර ගත හැකි බවට ධනාත්මක පණිවුඩයක් සංක්‍රාන්ති සමාජභාවිය ප්‍රජාවට ලබා දෙනවා.”
“ඉස්සර සමරිසිබව ගැන කිවහොත් පුද්ගලයන් පිළිකුලට පත් වනවා. ඒත් දැන් ඔවුන් යම්තාක් දුරකට විවෘත මනසකින් එය පිළිගන්නවා. අනාගතය යහපත් වේවි යැයි මම සිතනවා.”
ඇන්ඩි ධනාත්මක ය – ඔහු තමා වෙනුවෙන් බියෙන් තොර ව හඬ අවදි කරයි.
මූලාශ්‍රය
Sky News : Transgender people in China turning to grey market for hormones