BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

රටවල් 14ක පනවා තිබූ සංචාරක සීමා හා නීති ඉවතට!

කෙසේ වෙතත් එම රටවල් අතරට අමෙරිකාව, බ්‍රසීලය සහ චීනය අයත් නොවන බව වාර්තා වේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කොට සංචාරය සඳහා රටවල් 14 ක් යුරෝපා සංගමය විසින් නම් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආරක්ෂිත යැයි සැළකෙන රටවල් 14 ක් සඳහා ජූලි මස 1 වැනිදා සිට සංචාරය කළ හැකි බවට යුරෝපා සංගමය නම්කොට ඇති බව ය. කෙසේ වෙතත් එම රටවල් අතරට අමෙරිකාව, බ්‍රසීලය සහ චීනය අයත් නොවන බව වාර්තා වේ.

සංචාරය කිරීම සඳහා සුදුසු ලෙස යුරෝපා සංගමය නම් කර ඇත්තේ, ජෝර්ජියාව,මොන්ටිනිග්‍රෝ, නවසීලන්තය, රුවන්ඩාව, සර්බියාව, තායිලන්තය, ටියුනීසියාවඔස්ට්‍රියාව, කැනඩාව, ජපානය, මොරොක්කෝ, දකුණු කොරියාව, ඇල්ජීරියාව සහ උරුගුවේ යන රටවල් ය.

රාජ්‍ය තාන්ත්‍රිකයින් ප්‍රකාශ කොට ඇත්තේ, චීන රජයේ යුරෝපිය සංචාරකයින් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් හදුන්වා දෙන්නේ නම් චීනයට එම රටවල් ලැයිස්තුවට එක් කිරීමට සුදානම් බවයි. යුරෝපීය කලාපයේ සංචාරක සීමාවන් මේ වනවිට ඉවත් කොට ඇති බව යුරෝපා සංගමය පවසයි.

බෙක්සිට් සාකච්ජාවේදී බ්‍රිතාන්‍ය සංචාරකයින් සඳහා වන නීති වෙනම ආවරණය කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.

දෙසැම්බර් 31 වැනිදා බ්‍රේක්සිට් ක්‍රියාවලිය අවසන් වන තෙක් බ්‍රිතාන්‍ය ජාතීන් යුරෝපීයන් ලෙස සැලකෙන අතර ඒ හේතුවෙන් බ්‍රිතාන්‍යය ජාතීන්ගේ ද සංචාරක සීමාවන් ඉවත් කොට තිබේ.


බීරූට් පිපිරුම – ඉතිහාසය යළි සිහිකැඳවන්නක් ද?

ලොව ප්‍රථම කොවිඩ් එන්නත ලියාපදිංචි කිරීම ලබන සතියේ

TikTok සමාගමට ට්‍රම්ප් අනතුරු අඟවයි!

පුද්ගලයන් 200 ක් රැගත් යානයක් ඉන්දියාවේ දී අනතුරට පත් වේ

ෆේස්බුක් සහ ට්විටර් විසින් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරණ වීඩියෝ දැන්වීමක් ගලවා දමයි

බීරූට් පිපිරෙද්දී අජ්මාන් ගිනි ගනී

ටේලර් ස්විෆ්ට්ගේ ෆෝක්ලෝ ඇල්බමයට අයත් ගීත 16ම Billboard Hot 100 දර්ශකය ආක්‍රමණය කරයි

කරුණාවේ උල්පත එලන් ඩිජෙනරස් කාර්‍යමණ්ඩලයට වෙනස්කම් කරාද?

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
error: Content is protected !!