×

අත්වැරදීමෙන් පළකළ ට්‍රම්ප්ගේ ට්විටර් වීඩියෝව නිසා ඇමරිකානු හමුදාවේ රහස් එළියට

ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හල වීඩියෝව අනාවරණය නොකළ යුතු ඉරාකයේ සිටින ඇමරිකාවේ සීල් සේනාංකයේ සාමාජිකයන් පස් දෙනෙකු ගේ මුහුණු ඉතා හොඳින් හඳුනා ගත හැකි පරිද්දෙන් ඔවුන්ව දිස්වන රූප රාමු සහිත වීඩියෝවකි.


නත්තල් නිවාඩුවේ ඉරාකයේ මෙහෙයුම් වල නිරතවන ඇමරිකානු හමුදාව බැහැ දැකීමට ගිය ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී ලබා ගත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවට මුදා හැරීම මේ වන විට ගැටළු සහගත තත්ත්වයක් උදා වී ඇත.

ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හල වීඩියෝව අනාවරණය නොකළ යුතු ඉරාකයේ සිටින ඇමරිකාවේ සීල් සේනාංකයේ සාමාජිකයන් පසු දෙනෙකු ගේ මුහුණු ඉතා හොඳින් හඳුනා ගත හැකි පරිද්දෙන් ඔවුන්ව දිස්වන රූප රාමු සහිත වීඩියෝවකි. මෙහෙයුම් තුළ සිටින එවැනි නිළධාරීන් ගේ මුහුණු සාමාන්‍යයෙන් රහසක්ව පවත්වා ගන්නා අතර ටම්ප් නිකුත් කළ වීඩියෝවේ ඔවුන් ඉතා හොඳින් හඳුනා ගත හැකි වේ. එමෙන්ම ඔවුන් සිටින ස්ථානය පවා ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය  ගිණුම හරහා සඳහන් කර තිබීමද මේ වන විට ගැටළුවක් වී ඇත‍.

ඇමරිකානු ආරක්ෂක අංශ පවසන්නේ ට්‍රම්ප්ගේ වීඩියෝව හොඳින් නිරීක්ෂණය කළවිට අදාළ සීල් සේනාංක නිළධාරීන් ඉතකා හොඳින් හඳුනා ගත හැකි බවයි. එමෙන්ම ඔවුන්ගේ ඡායාරූප හෝ වීඩියෝ පළ කිරීමේදී සාමාන්‍යයෙන් සිදු කරන්නේ ඔවුන් ගේ මුහුණු පැහැදිලිව හඳුනා ගත නොහැකි වන අයුරින් අපහැදිලි කර ප්‍රචාරය කිරීම වුවත් ට්‍රම්ප් එසේ නොකිරීමෙන් මෙම තත්ත්වය උදා වූ බවයි.

මින් පෙර රටින් පිට සිටින හමුදාවන් බැහැදැකීමට නොඑන්නේ යැයි ඇමරිකානු ජනපතිවරයාට විවේචන එල්ල වී තිබූ අතර මෙවර නත්තලට පෙර දිනයේ ඔහු සිය බිරිඳ මෙලානියා ට්‍රම්ප්ද කැටුව ඉරාකට වෙත ගියේ එම චෝදනාවෙන් ගැලවීමටයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි