×

ඔහු හිතාමතාම ඇමරිකානුවන් අතර බෙදීම් ඇතිකළා – හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුගෙන් ට්‍රම්ප්ට බරපතල චෝදනාවක්

ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් පහරදීම් හමුවේ මියයාම හේතුවෙන් ආරම්භ වූ උද්ඝෝෂණ දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර මේ වනවිට දසදහසකට වැඩි විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.


වත්මන් ඇමරිකානු ජනාධිපතිවරයා හිතාමතාම ඇමරිකානු ජනතාව අතර බෙදීම් ඇතිකිරීමට කටයුතු කරන බවත්, ඇමරිකානුවන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සඳහා හමුදාවට නියෝග ලබා දී ඇති බවත් ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ආරක්ෂක ලේකම්වරය‍ෙකු වන ජේම්ස් මැටිස් මහතා පවසා තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා බලය අයුතු ලෙස පරිහරණය කරමින් සිටින බවටත්, උත්සන්න වී ඇති විරෝධතා මැඩපැවැත්වීම වෙනුවට උද්ඝෝකයන් තවදුරටත් ප්‍රකෝප කිරීම සඳහා විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටින බවටත් ජේම්ස් මැටිස් චෝදනා කරනවා.

ජෝර්ජ් ෆ්ලොයිඩ් පොලිස් පහරදීම් හමුවේ මියයාම හේතුවෙන් ආරම්භ වූ උද්ඝෝෂණ දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර මේ වනවිට දසදහසකට වැඩි විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව ජේම්ස් මැටිස් 2017 ජනවාරි 20 ඇමරිකානු ආරක්ෂක ලේකම් තනතුරට පත් වූ අතර 2018 වසර අවසානයේදී ඔහු එම තනතුරින් ඉල්ලා අස්විය. ඊට හේතු වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවේ ස්ථානගත කර සිටි ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමට තීරණය කිරීමයි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි