×

ට්‍රම්ප් ට පෙලෝසි රාජද්‍රෝහියකු වෙයි!

පෙලෝසි රාජද්‍රෝහියකු බවට ට්‍රම්ප් පවසයි.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය ඉරු (06) දින නියෝජිත මන්ත්‍රී මණ්ඩල (House of Representatives) කතානායිකා නැන්සි පෙලෝසි හට සෘජු චෝදනාවක් එල්ල කොට තිබේ.

ට්‍රම්ප් පවසා සිටියේ තමා යුක්‍රේන ජනපති වොලොදොමිර් සෙලෙන්ස්කි සමඟ පැවති පෞද්ගලික දුරකතන සංවාදයේදී ඉහල ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයකු පිළිබඳ සඳහන් කරුණු දැන සිටීමට අදාලව ඈ රාජද්‍රෝහී ක්‍රියාවක නිරත වී ඇති බවයි. 

මේ අනුව බලන කළ ට්‍රම්ප් යුක්‍රේන ජනපති සමඟ පැවති දුරකතන සංවාදයේදී තම දේශපාලන ප්‍රතිවාදියා පිළිබඳ සඳහන් කර ඇති බවට ඔහු වක්‍රාකාරව පිළිගෙන තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ බුද්ධි කමිටු සභාපති ඇඩම් ස්ඛිෆ් ගේ බොරු වදන් හා කොන්ග්‍රසය හා ඇමරිකානු ජනතාව වෙත පවසා ඇති මුසාවන් සියල්ල පෙලෝසි දැන සිටිය බවයි. 

ඇඩම් ස්ඛිෆ් යනු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කැලිෆෝනියානු නියෝජිතවරයා මෙන්ම ට්‍රම්ප් ට එරෙහිව ගොනුවූ දෝශාභියෝගයේ විමර්ශන කටයුතු සඳහා පත්කරන ලද බුද්ධි කමිටුවේ සභාපතිවරයා යි. 

මෙම දෝශාභියෝගය ඉදිරිපත් වූයේ ඩිමොක්‍රටික් පාර්ශවයෙන් වන අතර, ඒ පසුගිය දිනක ඇමරිකානු ජනපතිවරයා යුක්‍රේන ජනපති සමඟ දුරකතනයෙන් සම්බන්ධ වී තම දේශපාලන ප්‍රතිවාදී ජෝ බිඩන් ගේ දේශපාලන ගමන කඩාකප්පල් කිරීමට කටයුතු කර ඇති බවට ගොනුවූ චොදනාව හමුවේ ය.

මෙම දෝශාභියෝගය පිළිබඳ කොන්ග්‍රසයේදී පළමුව ප්‍රකාශයට පත්කළේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායිකා නැන්සි පෙලෝසි මහත්මිය යි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි