×

චීන උප අගමැති ගේ ඉල්ලීම මත තීරුබදු ප්‍රමාද කිරීමට ට්‍රම්ප් තීරණය කරයි!

චීන උප අගමැති ලියු හේ මහතා ගේ ඉල්ලීම පරිදි ඇමරිකානු ඩොලර් බිලියන 250 ක් පමණ වූ චීන ආනයන බඩුභාණ්ඩ සඳහා පැනවීමට නියමිතව තිබූ තීරුබදු ප්‍රමාද කිරීමට ට්‍රම්ප් තීරණය කරයි.


ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය බදාදා (11) දින ප්‍රකාශ කර සිටියේ ඔක්තෝබර් පළමුවන දින සිට ඔක්තෝබර 15 වන දින දක්වා ඇමරිකානු ඩොලර් බිලියන 250 ක් පමණ වූ චීන ආනයන බඩුභාණ්ඩ සඳහා පැනවීමට නියමිතව තිබූ තීරුබදු ප්‍රමාද කිරීමට එරට තීරණය කර ඇති බවයි.

චීන උප අගමැති ලියු හේ මහතා ගේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බවට ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේය. 

චීන මහජන සමූහාණ්ඩුව තම 70 වන සංවත්සරය නිමිති කොට ගෙන සැමරීම ආරම්භ වන මෙම මොහොතේ යහපත් සිතුවිලි මත තමා මෙම තීරණය ගත් බවට ට්‍රම්ප් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. 

විදෙස් මාධ්‍ය වාර්තා කළ පරිදි භාණ්ඩ සඳහා 25% සිට තීරුබදු 30% දක්වා ඉහළ නැංවීමට ඇමරිකාව නියම කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි