×

ට්‍රම්ප් උතුරු කොරියාවට පය තබා ප්‍රථමයා වෙයි!

උතුරු කොරියානු ජනපති ට්‍රම්ප්ගේ ඉල්ලීමට එකග වූ අතර ඔහු උතුරු හා දකුණු කොරියානු දේශ සීමාවේදී ඇමරිකානු ජනපති සහ දකුණු කොරියානු ජනපති මුන් ජේ ඉන් ව හමුවිය


ඇමරිකානු ජනපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් අපේක්ෂා කල පරිදි උතුරු කොරියානු ජනපති හමුවීමටත් උතුරු කොරියාවට පය තැබූ ප්‍රථම ජනපතිවරයා බවට පත් වීමටත් ඊයේ ඔහුට හැකිවිය.

මෙසේ නොසිතූ අවස්ථාවක ඇමරිකානු ජනපතිවරයාගේ පැමිණීම උතුරු කොරියානු මාධ්‍ය දක්වා තිබුණේ ”විශ්මය ජනක අවස්ථාවක් ” ලෙසිනි.

සිය දකුණු කොරියානු සංචාරය අතර තුර තමන්ට උතුරුකොරියානු ජනපතිවරයා මුණගැසිය හැකිදැයි ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මගින් සිය අපේක්ෂාව පල කර තිබිණි.

ඒ අනුව ඇමරිකානු ජනපතිවරයා කොරියානු යුධ විනිර්මුක්ත කලාපය වෙත ගිය අතර එය මින් පෙර ඇමරිකානු ජනපති වරුන් ඉතා භයානක කලාපයක් ලෙස අර්ථ දක්වා තිබුණකි.

ඇමරිකානු ජනපති බැරැක් ඔබාමාද මින් පෙර කොරියානු දේ්ශ සීමාව වෙත පැමිණියට ට්‍රම්ප් එහි පැමිණියේ ඊට හාත් පසින්ම වෙනස් ස්වරූපයකිනි.

උතුරු කොරියානු ජනපති ට්‍රම්ප්ගේ ඉල්ලීමට එකග වූ අතර ඔහු උතුරු හා දකුණු කොරියානු දේශ සීමාවේදී ඇමරිකානු ජනපති සහ දකුණු කොරියානු ජනපති මුන් ජේ ඉන් ව හමුවිය.

ඔහු විසින් ඇමරිකානු ජනපතිවරයාට දේශ සීමාවෙන් එපිට තම භූමියටද පය තබන ලෙස ඉල්ලා සිටිමින් පැවසුවේ ඔබ එසේ කළහෝත් උතුරු කොරියාවට ආ ප්‍රථම ජනපති ඔබ වනු ඇතැයි යන්න පවසමිනි.

එම ආරාධනය පිළිගත් ඇමරිකානු ජනපති උතුරු කොරියානු භූමියටද ඉතා සුළු මොහොතකට පය තැබීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි