×

කිම් ජොන් උන් හමුවීමට ට්‍රම්ප් කොරියානු යුධවිනිර්මුක්ත කලාපයට යයි

මින් පෙර බිල් ක්ලින්ටන් හිටපු ඇමරිකානු ජනපති වරයා මෙම කලාපය පිළිබදව කියා සිටියේ '' එය මිහිපිට ඇති අති භයානකම ස්ථානය බවයි.''


උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් හමුවීම සදහා ඇමරිකානු නායක කිම් ජොන් උන් උතුරු සහ දකුණු කොරියාව අතර අධිආරක්ෂිත දේශ සීමාවට ළගා වූ බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරයි.


උතුරු කොරියානු නායකයා හමුවීමට ටිවිටර් පණිවිඩයක් ඔස්සේ ඇමරිකානු ජනපති විසින් ආරාධනය කළ පසු මෙසේ කොරියානු යුධ විනිර්මුක්ත කලාපය හෙවත් demilitarised zone (DMZ)හීදී දෙදෙනාගේ හමුවක් සදහා එකගත්වය පලවිය.

මේ පිළිබදව දකුණු කොරියානු නායකයා පවසන්නේ සාමය සදහා සියල්ලන් මුණ ගැසිය යුතු බවයි. නමුත් උතුරු කොරියාන තවමත් මේ පිළිබදව අදසක් දක්වා නොමැති අතර මෙම හමුව ට්‍රම්ප් හා කිම් ජොන් උන් අතර පැවැත්වෙන තෙවන හමුව වනු ඇත.

මීට පෙර පළමු හමුව සිංගප්පූරුවේදීත් දෙවැන්න වියට්නාමයේදීත් පැවති අතර තෙවැනි හමුව අවසන් වූයේ කිසිදු එකගතාවකින් තොරවයි.

ට්‍රම්ප් විසින් උතුරු කොරියාවෙන් න්‍යෂ්ටික අවිහරණය සම්පූර්ණයෙන්ම සිදුවිය යුතු බවට අවධාරණය කළද තම රටට එරෙහි සියළු ආර්ථික සම්බාධක ඉවත් විය යුතු බවට උතුරු කොරියානු නායකයා අවධාරණය කරන ලදී නමුත් අවසානයේ කිසිදු එකගත්වයකින් තොරව දෙවන වටයේ සාකච්ඡා නිම වූයේ තුන් වටයක් සදහා බලාපොරෝත්තුවක් හෝ නොමැතිවය.
නමුත් නැවතත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිම් ජෝන් උන් හමුව සදහා කොරියානු දේශ සීමා දක්වා ගොස් තිබූම සියල්ලන්ගේම අවධානය යොමු වී ඇති කරුණක් බවට පත් වී ඇත.
දකුණු කොරියාවට පැමිණි ජනපති ට්‍රම්ප් පැවසුවේ තමන් හිටි හැටියේම කිම් ජෝන් උන්ව බැහැදැකීම අවශ්‍යයයැයි තීරණය කළ බවයි.


දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් පවසන පරිදි ට්‍රම්ප් සහ කිම් හමුව යුධ විනිර්මුක්ත කලාපයට අයත් ගම්මානයක් වන පන්මුන්ජොම් හීදී සිදු වනු ඇත.

DMZ හෙවත් උතුරු දකුණු කොරියා යුධ විනිර්මුක්ත කලාපය යනු කිලෝ මීටර් 4කින් යුත් දෙරට අතර පිහිටි බිම් තීරයකි. 1953 වසරේද කොරියානු යුද්ධය අවසන් වූ පසු මෙම කලාපය පිහිටවුනු ලැබීය.
කිසිදු හමුදාමය ක්‍රියාකාරකමක් නොවන නැති ප්‍රදේශයක් ලෙස මෙම ප්‍රදේශය අර්ථ දක්වා තිබුණද මෙය ලෝකයේ ඉතා මත් ශක්තිමත් හමුදාකරණයකට යටත් වූ කලාප අතරින් එකක් ලෙස සැලකේ.
මින් පෙර බිල් ක්ලින්ටන් හිටපු ඇමරිකානු ජනපති වරයා මෙම කලාපය පිළිබදව කියා සිටියේ ” එය මිහිපිට ඇති අති භයානකම ස්ථානය බවයි.”
කිසිදු ඇමරිකානු ජනාධිපතිවරයෙන් මින් පෙර මෙම කලාපය තුළට ගොස් නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි