×

ට්‍රම්ප් ඉරාන අර්බුදයට අදාල තීරණාත්මක සාකච්ඡා 4ක් අවලංගු කරලා!

තීරණාත්මක මොහොතක මෙම සාකච්ඡා පැවැත්වීම අවලංගු කිරීමට ට්‍රම්ප් කටයුතු කර තිබීම ගැටළු සහගතය.


එක්සත් ජනපද ට්‍රම්ප් පරිපාලනය විසින් තීරණාත්මක කොංග්‍රස සාකච්ඡා 4ක් අවලංගු කර ඇති බව වාර්තා වේ.

මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණේ ඉරානය සමඟ හටගත් සන්නද්ධමය වාතාවරණය පිළිබඳවය.

මේ පිළිබඳ අදහස් දැක්වීමද ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය බදාදා (15) ඉරාන අර්බුදය පිළිබඳ සාකච්ඡා 2ක් පැවැත්වීමට නියමිතව තිබිණි.

තානාපති කාර්යාලයේ ආරක්ෂාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා කොන්ග්‍රසයේ නීති සම්පාදකයින් සාකච්ඡාවක් ලබා ගැනීමට නියමිතව තිබිණි.

එහිදී ට්‍රම්ප් පරිපාලනය දරනු ලබන ඉරාන ප්‍රතිපත්තිය පිළිබඳ සෙනට් සභාවේ අදහස් ලබා ගැනීම අපේක්ෂා විය.

එහෙත් එම හමුවීමද අවලංගු කර තිබේ.

මීට අමතරව එෆ්බීඅයි සංවිධානය සමඟ ඉරානයට අදාල ප්‍රති-බුද්ධි ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ලබා ගැනීමට සභා නීති සම්පාදකයින් අපේක්ෂා කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එයද අවසාන මොහොතේ අවලංගු කර ඇති බව පැවසේ.

කෙසේවෙතත් මේ පිළිබද එෆ්බීඅයි සංවිධානය අදහස් පළකිරීමෙන් වැළකී සිටියේය.

තවද, පෙන්ටගනය විසින් ඉරාන ගැටළුව පිළිබඳ අද (16) දින සභාවේ සන්නද්ධ සේවා කමිටුව (House Armed Services Committee) වෙත අදහස් දැක්වීමක් පැවැත්වීමට නියමිතව තිබූ බවද, අවසාන මොහොතේ එයද අවලංගු කර ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත්, ඉරානයේ කූඩ්ස් බලකා ප්‍රධානී සොලෙයිමානි ගේ ඝාතනයත් සමඟ දෙරට අතර විරසක අතිශයින් උත්සන්න වී තිබේ.

එවන් මොහොතක මෙම වැදගත් සාකච්ඡා පැවැත්වීම අවලංගු කිරීමට ට්‍රම්ප් කටයුතු කර තිබීම ගැටළු සහගතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි