×

ඇමරිකාව තුළ විදෙස් දුරකථන සමාගම් තහනම් කිරීමේ නියෝගයක් සමග ජනපති ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

ලෝකයේ විශාලතම දුරකථන හා විදුලි සංදේශ උපකරණ බෙදාහරින්නා වන Huawei සමාගම ඉලක්ක කර ගනිමින් මෙම පියවර ඇමරිකාව විසින් ගෙන ඇති බව පැවසේ.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. ඇමරිකානු පරිපාලනය සහ ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වනු ඇතැයි අනුමාන කරමින් මෙම පියවර ක්‍රියාවට නංවා ඇති අතර විශේෂයෙන්ම එහිදී ජාතික ආයතන විසින් විදුලි සංදේශ කටයුතු සම්බන්ධව භාවිත කරන උපකරන හා සේවාවන් මෙහදී දැඩි අවධානයට ලක් කර ඇත.

ට්‍රම්ප් ජනපතිවරයා ඒ සදහා වන විධායක නියෝගයට අත්සන් කරන ලද අතර ඔහු නොකියා කියන්නට උත්සහා කරන්නේ ජාතික ආරක්ෂාව සමබ්නධව විදෙස් දුරකථන සමාගම් හේතුවන බවයි.

ලෝකයේ විශාලතම දුරකථන හා විදුලි සංදේශ උපකරණ බෙදාහරින්නා වන Huawei සමාගම ඉලක්ක කර ගනිමින් මෙම පියවර ඇමරිකාව විසින් ගෙන ඇති බව පැවසේ. චීන සමාගමක් වන Huawei සමාගම යුරෝපා රටවල සන්නිවේදන ව්‍යුහය වෙත රහසින් ඇතුලු වී ඔත්තු ලබා ගැනීමේ අවධානමක් පවතින බවට ඇමරිකාව අනුමාන කරයි.

මේත් සමග විදෙස් විදුලි සංදේශ දෙපාර්තු මේන්තු කිහිපයක් ඇමරිකාව තුළ තහනම් කරනු ඇත. ඒ අනුව එළැඹෙන දින 150ක කාලය තුළ ට්‍රම්ප් රජය මේ සම්බන්ධව නව නීති සම්පාදනය කරනු ඇත. Huawei තහනම් කිරීම ඇමරිකාවේ විශාල දුර කථන පාර්භෝගිකයන් ප්‍රමාණයක් අපහසුතාවට පත් කරනු ඇත. එමෙන්ම ඇමරිකානු ව්‍යාපරික ආයතන රැසකටද බලපෑම් එල්ල වනු ඇති අතර මේ වන විට ඇමරිකාව 5G තාක්ෂණය දියුණු කිරීමට උත්සහා ගනිමින් සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි