×

ට්‍රම්​ප් දෝෂාභියෝග ඡන්දයෙන් පරාජය වෙයි!

ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව දෙවරක්ම දෝෂාභියෝග එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙයයි.


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පැවැත් වූ දෝෂාභියෝග ඡන්ද විමසීමෙන් ජනාධිපතිවරයා පරාජයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඡන්ද සංඛ්‍යාව සදහන් වූයේ ඡන්ද 232 ට 197 ක් ලෙසය. මන්ත්‍රීවරුන් 4 දෙනෙක් ඡන්දය භාවිත කිරීමෙන් වැළකී සිට ඇත.

මෙම දෝෂාභියෝගය ගොනු කිරීමට හේතුව වූයේ කැපිටල් හිල් හෙවත් අමෙරිකානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදුණු විරෝධතාකරුවන්ව තවදුරටත් උසිගැන්වීමට ට්‍රම්ප් උත්සාහ ගැනීමයි.

මින්පසු එම දෝෂාභියෝගය සෙනෙට් සභාව වෙත යොමු කිරීමට නියමිතය.

කෙසේ වෙතත් එම දෝෂාභියෝගයට අයත් කටයුතු ලබන 20 වැනි දා ට්‍රම්ප් ධුරයෙන් ඉවත් වූ පසු ක්‍රියාත්මක කෙරෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට එරෙහිව දෙවරක්ම දෝෂාභියෝග එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි