×

ට්‍රම්ප් නිදොස් : ‘‘ඔන්න බලාපල්ලා – මෙන්න මේකයි අන්තිමට වෙන්නෙ..! ‘‘

තමන්ට එරෙහිව විභාගයට ගැනුණු දෝෂාභියෝගයෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදොස් විය.


මෙය සිය දේශපාලන සතුරන්ට එරෙහිව ලබාගත් විශාල ජයග්‍රහණයක් බව පවසන ඇමරිකානු ජනාධිපතිවරයා, ධවල මන්දිරයේදී ඉන්පසු පවසන්නේ අපූර්ව කතාවකි.

ඔහු මෙසේ කියයි.

‘‘මම මගේ ජීවිතයේදී වැරදි කරල තියෙනවා. ඒවා මම පිළිගන්නවා.. නමුත් මෙන්න මේක තමයි, අවසාන ප්‍රතිඵලය…‘‘

එසේ පවසමින් ඔහු ‘ට්‍රම්ප් නිදොස්‘ (‘Trump acquited‘) යනුවෙන් වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ පොල්ගෙඩි අකුරින් පළ වී ඇති මුල් පිටුවේ ශීර්ෂ පාඨය පෙන්වමින් කීවේය.

එහිදී ඔහු තවදුරටත් පවසන්නේ මෙම දොෂාභියෝගයේදී තමන් අසාධාරණ ලෙස විශාල පීඩනයකට ලක් වූ බවත්, තමන් කිසිදු වරදක් මෙහිදී කර නැති බවත් ය.

මෙම අදහස් දැක්වීම පැවැත්වුණේ ධවල මන්දිරයේ ඊස්ට් රූම්හිදී ය. එම අවකාශය කැබිනට් අමාත්‍යවරුන් සහ නිලධාරීන්ගෙන් පිරී පැවතුණි. ජයග්‍රාහී පම්පෝරියක ස්වභාවයෙන් මෙහිදී ට්‍රම්ප් පළ කළ අදහස් පිළිබඳ දේශපාලන විචාරකයන් පවසන්නේ මෙය කිසිසේත්ම ‘මාධ්‍ය සාකච්ඡාවක්‘ හෝ ‘රැස්වීමක්‘ නොව ‘සැමරීමක්‘ වූ බවයි.

Mr Trump thanked his lawyers and Republican lawmakers - Getty Images

Mr Trump thanked his lawyers and Republican lawmakers – Getty Images

‘‘විනාඩි 62 ක් තිස්සේ පැවති එය මූලික වශයෙන් තමන්ට සුබ පතා ගැනීම, තමන්ව සාධාරණීකරණය කර ගැනීම සහ සිය දේශපාලන ප්‍රතිවාදීන්ට අපහාස කරමින් ආත්ම අනුකම්පාව ජනිත කර ගැනීමට වඩා වැඩි යමක් නොවේ‘‘ යැයි බීබීසී පුවත් සේවයේ දේශපාලන විශ්ලේෂක ගැරී ඕ‘ඩොනෝ පවසයි.

කෙසේ නමුත් දෝෂාභියෝගය ජය ගැනීමත් සමග ට්‍රම්ප් වෙත වීරත්වයක් ආරෝපණය වීම වැළැක්විය නෙහැක.

2019 දෙසැම්බර් මාසයේදී ඩිමොක්‍රටික් පක්ෂ කථානායිකා නැන්සි පෙලොසි විසින් මුල පිරූ මෙම දෝෂාභියෝග පරීක්ෂණය අවසානයේ ට්‍රම්ප් තවදුරටත් විජයග්‍රාහී කරමින් නිමා වෙයි. නමුත් ඉතිහාසය විසින් ඔහුව නිදොස් කර නිදහස් කරනු ඇත්ද යන්න තවම පැහැදිලි නැත.

ප්‍රධාන ඡායාරූපය – GETTY IMAGES

පෙර ලිපිය –

ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලයේදී දෝෂාභියෝගය පරදියි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි