×

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්

'


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දේශපාලන ඩිමෝක්‍රටික් පක්ෂ සාමාජිකයින් විසින් දෝෂාභියෝගයක්ගෙන ඒමට තීරණය කර ඇත.

ඒ ප්‍රතිවාදියෙකුට හානි කිරීම සදහා විදෙස් බලවතුන්ගේ සහය පැතීම මගින් ඇමරිකා එක්සත් ජනපදයේ ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට චෝදානා කරමිනි.

ඇමරිකා එක්සත් ජනපදයේ කථානායක ඩිමෝක්‍රටික් සාමාජිකා නැන්සි පෝලෝසි සදහන් කරන්නේ ජනපතිවරයා සිය වගකීම පැහැර හැර ඇති බවයි.

යුක්රේන ජනාධිපතිවරයා වන වලැදිමායර් සෙලෙන්ස්කි සමඟ ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිදුකළ දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් බුද්ධිමය නළා හඩවන්නෙකු විසින් හෙළි කරන ලද කරුණු අනුව ඔහුට විරුද්ධව මෙම චෝදනාව ඉදිරිපත්ව ඇත‍.

මෙම චෝදනාව ප‍්‍රතික්ෂේප කරන ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසන්නේ මෙම චෝදනා කිසිදු පදනමක් නොමැතිව සිදු කර ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි