×

ට්‍රම්ප්ගේ ගේ අස්සේ තිබී හමුවූ දේ මෙන්න!

ට්‍රම්ප් විමර්ශනය: මාර්-ඒ-ලාගෝ හීදී වැටලූ ලේඛන ගබඩා


හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩාවේ පිහිටි නිවස ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) විසින් සෝදිසි කරනු ලැබුවේ ඉකුත් අගෝස්තු 8 වන දින ය.

FBI විසින් සිදු කරනු ලැබූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා නිවස විමර්ශනයෙන් වර්ගීකරණය කරන ලද සංවේදී ලිපිගොනු විශාල ප්‍රමාණයක් පසුගිය මස සොයාගත් බවට අධිකරණ විමර්ශනයකින් අනාවරණය කර ඇති අතර, එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ලේඛනය, හිටපු ජනාධිපතිවරයාගේ මාර්-ඒ-ලාගෝ පරිශ්‍රයෙන් හමුවූ රහසිගත තොරතුරු ඇතුළත් ලිපි ගොනු පිළිබඳ කරුණු ප්‍රසිද්ධියට පත් කර ඇති බව දැන් වාර්තා වේ.

ඒ අනුව, හිටපු ජනාධිපතිවරයා මාර්-ඒ-ලාගෝ හී ගබඩා ප්‍රදේශවල රහස්‍ය ලේඛන වාර්තා තබා ඇති බවට අධිකරණ ගොනු කිරීම් මගින් සනාථ කර ඇත. මෙලෙස ලිපි ලේඛන ඇතුළත් පෙට්ටි 33ක් අනාවරණය කරගෙන ඇති අතර, ඒ තුළ විවිධ ලේඛන 1500 ක් සොයා ගෙන ඇත.

සෝදිසි මෙහෙයුමේදී කාමරයෙන් සොයාගත් බව කියන ලිපි ගොනු අතර පහත සඳහන් දෑ තිබූ බව මාධ්‍යයට අනාවරණය කර තිබේ:

  • රහසිගත (confidential) ලෙස සලකුණු කළ ලේඛන 03ක්
  • රහස් (secret) ලෙස සලකුණු කළ ලේඛන 17ක්
  • අතිශය රහසිගත (top secret) ලෙස සලකුණු කළ ලේඛන 07ක්
  • රහස්‍ය (classified) බැනරය ඇලවූ හිස් ගොනු 43ක් සහ
  • කාර්ය මණ්ඩල ලේකම්/හමුදා ප්‍රයෝජනය සඳහා නැවත ලබා දුන් (Return to staff secretary/military aide) ලෙස සලකුණු කළ හිස් ගොනු 28ක්

ට්‍රම්ප් මහතා 2021 වර්ෂයේ ජනවාරි මාසයේදී ධූරයෙන් ඉවත් වූ පසු ධවල මන්දිරයේ සිට ඔහුගේ මාර්-ඒ-ලාගෝ නිවසට මෙකී ලේඛන ගෙන යාමෙන් වාර්තා අනිසි ලෙස හසුරුවා තිබේද යන්න අධිකරණ දෙපාර්තමේන්තුව සොයා බලයි.

Photo: EPA

ට්‍රම්ප් මහතා හා ඔහුගේ නීතිඥ කණ්ඩායම අදාළ ලේඛන සැපයීමට අපොහොසත් වූ බවත්,
වාර්තා ඉවත් කිරීම හෝ සැඟවීමට උත්සාහා කිරීම ඔස්සේ විමර්ශනවලට බාධා පැමිණවීමට ඒ මහතා උත්සාහ දරා ඇති බවත් අධිකරණ විමසුමේදී  සඳහන් කරයි.

කෙසේවෙතත්, ඇඳුම් පැළඳුම්, පොත්පත් සහ පුවත්පත් ඇතුළු ට්‍රම්ප් මහතා ගේ පෞද්ගලික බඩුබාහිරාදියට අදාළ ලේඛන ද මෙම ගොනු අතර තිබූ බවට අධිකරණය සනාථ කරයි.

මේ අතර, රහසිගත වාර්තා හැසිරවීම සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින ට්‍රම්ප් මහතා ඔහුට විරුද්ධව ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. එමෙන්ම, අධිකරණ දෙපාර්තමේන්තුවට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට ද ඒ මහතා එළඹ තිබේ.

ඉහත ලේඛනවල අඩංගු අන්තර්ගතය කුමක්ද යන්න මෙතෙක් මාධ්‍යයට අනාවරණය කර නැති බවට වාර්තා වේ.

සබැඳි පුවත්:

ඕවින්දි විශ්මිකා



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි