×

ඇමරිකාව තුර්කියට ඒරෙහි සම්බාධක තර කරයි

.


තුර්කියට ඒරෙහිව සිය සම්බාදක තවත් තර කළ බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. පසුගිය බදාදා ධවල මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ට්‍රම්ප් මෙම ප්‍රකාශය සිදු කරන ලදී.

තුර්කිය විසින් පසුගියදා පැවසුවේ සිදු කළ ආනයන සදහා ඇමරිකාව විසින් බදු පැනවීම පිළීබදව අවධානය යොමු කරමින් තුර්කිය මීට ඉහතදී කියා සිටියේ තමන් උතුරු සිරියාවේ සටන් විරාමය ස්ථීර කරන බවයි.

නමුත් ඒම තීරණය වෙනස් කරමින් තුර්කි ජනපති ඒඩොගන් සහ රුසියානු ජනපති පුටින් අතර හමුවත් පසුගිය අගහරුවාදා පැවති අතර ඒහිදී සිරියානු යුද්ධය සම්බන්ධව පැහැදිලි ඒකගතාවට දෙරට පැමිණි බව ජනපති වරුන් විසින් ප්‍රකාශයක් සිදු කරන ලදී. සම්බාධක සම්බන්ධව ඇමරිකාවේ තීරණය පැවසෙන්නේ ඊට පසු දිනයේදීය.

මේ මස මුලදී ට්‍රම්ප් තුර්කිය සමඟ ඩොලර් බිලියන 100 ක වෙළඳ ගනුදෙනුවක් පිළිබඳ සාකච්ඡා නතර කරන්නට තීරණය කළ අතර , වානේ සදහා බද්ධ සියයට 50 දක්වා ඉහළ නැංවීය. ඒමෙන්ම තුර්කියේ ආරක්ෂක හා බලශක්ති අමාත්‍යාංශවලට සම්බාධක පැනවීය.

මෙතෙක් උතුරු සිරියාවේ මෙහෙයුම් සදහා යොදවා තිබූ ඇමරිකානු යුධ භටයින් හදිසියේම නැවතත් පෙරළා ඇමරිකාවට කැදවීම සම්බන්ධයෙන් සිරියානු කුර්දිස් හමුදා විසින් දිගින් දිගටම ට්‍රම්ප්ට විවේචන ඒල්ල විය. හිටි හැටියේ තමන්ව ඒසේ අත්හැර දැමීම පිළීබදව සිරියානු කුර්දි වැසියන්ද සිය අසතුට ට්‍රම්ප්ට ඒරෙහිව ප්‍රකාශ කළහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි